276. කාමය වරදවා හැසිරීමේ විපාක මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. කාමයේ වරදවා හැසිරීමේ විපාක, ග්‍රන්ථ වල සදහන් වෙන ආකාරය ගැන පල කරන්න පුළුවන් ද? ත්‍රිපිටකයෙන් නම් වඩාත් හොඳයි.

A. [රේරුකානේ නාහිමියන්ගේ පොත්පත්වල සඳහන් වන්නේ ත්‍රිපිටකයේ කරුණු ම බැවින් (අප බොහෝ විට කරනා පරිද්දෙන්,) උන්වහන්සේගේ පොත්වලින්/පොතකින් ම උපුටා දක්වමු.]

"කාම මිථ්‍යාචාරයේ විපාක.

කාම මිථ්‍යාචාර කර්මය කළාහු:

1. මෙලොව දී නින්දාවට භාජන වෙති. 
2. සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති. 
3. සමහර විට මරණයට ම ද පත් වෙති. 
4. සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති. 
5. මරණින් මතු ද නරකයෙහි ඉපද, සොළොස් අඟුල් දික් කටු ඇති ඉඹුල් ගස්වලට නංවනු බස්වනු ලබමින් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. 
6. නරකයෙන් මිදුණු පසු ද තිරිසන්ව සිය ගණන් ජාතිවල දී බීජෝත්පාටනාදි දුක් ලබති. 
7. මිනිස් බව ලැබූ කල්හි දු සිය ගණන් ජාතිවලදී නපුංසකාදීහු වෙති. 
8. පුරුෂයෝ ස්ත්‍රීහු වෙති. 
9. ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නො මිදෙති. 
10. විරූප වෙති. 
11. ජනයාට අප්‍රිය වෙති. 
12. බොහෝ සතුරන් ඇත්තෝ වෙති. 
13. රෝගීහු වෙති."

[13. = කායික රෝග; මානසික රෝග; ලිංගික රෝග; පෞරුෂාබාධ; නොයෙක් (කායික/මානසික) විකෘතිතා; විකෘති (ලිංගික) මත/අදහස්/ආශා/සිතිවිලි/ක්‍රියාකාරකම්.]


T. තමා අකමැති සහකාරිය/සහකරුවෙක් සමඟ දිවි ගෙවීමට සිදු වන බව නාරද නාහිමියන් දක්වා තිබේ.

[තමා කැමති සහකාරිය/සහකරු (පෙම්වතා/පෙම්වතිය | ස්වාමියා/බිරිඳ) නොලැබී යාම ද විය හැකි බව මින් ගම්‍යමාන වේ.]

"The inevitable consequences of sexual misconduct are:
having many enemies, union with undesirable wives and
husbands, and birth as a woman or an eunuch."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll