245. ද්විහේතුක ප්‍රතිසන්ධියක් යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ද්විහේතුක ප්‍රතිසන්ධියක් යනු උත්කෘෂ්ට ඤාණ විප්‍රයුක්ත හා හීන ඤාණ සම්ප්‍රයුක්ත කුසලයෙන් සිදු වන්නක්ද?

A. ඔව්; හෙවත්, මහා විපාක ඤාණ විප්පයුත්ත සිත් සතරෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ ද්විහේතුකයෝ ය.

S. # "5. ත්‍රිහේතුක ඔමක කුශලයන්ට හා ද්වි හේතුක උත්කෘෂ්ට කුශලයන්ට ද්වීහේතුක විපාක සිත් සතර ප්‍රතිසන්ධි වශයෙන් ලැබේ. ..."


# "මේ පුද්ගලයන් භේදයට පැමිණෙන්නේ ප්‍ර‍තිසන්ධි චිත්තයෙනි. අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ චිත්තයෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ දුර්ගති අහේතුකයෝ ය. කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ සුගති අහේතුකයෝ ය. මහා විපාක ඤාණ විප්පයුත්ත සිත් සතරෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ ද්විහේතුකයෝ ය. මහා විපාක ඥාන සම්ප්‍ර‍යුක්ත සතර ය, මහග්ගත විපාක නවය ය යන සිත් දහතුනෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ ත්‍රිහේතුකයෝ ය. අසංඥ පුද්ගලයා ද අහේතුක පුද්ගලයෙකි."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll