[Watch in 4K — Recommended Resolution.]


70. පටිඝ නිමිත්ත සහ අරතිය එකක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. භාවනාවට සම්බන්ධ පටිඝ-නිමිත්ත හා අරතිය එකක් ද?

A. “පටිඝ නිමිත්තං = යන ආදියෙහි වූ කලී “පටිඝ” යනු ක්‍රෝධයට නිමිත්තයි ක්‍රෝධයට අරමුණ යයි ද කිව හැක. අරති = කලකිරුණු බව යමක් සඳහා මෙය කියන ලද්දේ ද- එහි “අරති” නම් කුමක් ද? ඈත පිහිටි සෙනසුන්හි හෝ යම් යම් උසස් කුසල් දහම්හි නො ඇලීම, අකැමති වීම, ආශා නො ඉපද වීම, සතුටු නොවීම, උකටලී වීම, බියෙන් මෙන් ඉවත් වීම යන මේ කරුණුවලින් යුක්ත වීම “අරති” යයි කියනු ලැබේ.”


"පටිඝනිමිත‍්තන‍්තිආදීසු පන පටිඝොපි පටිඝනිමිත‍්තං පටිඝාරම‍්මණම‍්පි. අරතීති උක‍්කණ‍්ඨිතා. යං සන්‍ධාය වුත‍්තං – “තත්‍ථ කතමා අරති? පන‍්තෙසු වා සෙනාසනෙසු අඤ‍්ඤතරඤ‍්ඤතරෙසු වා අධිකුසලෙසු ධම‍්මෙසු අරති අරතිතා අනභිරති අනභිරමනා උක‍්කණ‍්ඨිතා පරිතස‍්සිතා, අයං වුච‍්චති අරතී”ති (විභ· 856)."

‘පටිඝනිමිත්තං’ යනු අනිටු නිමිත්තයි. ප්‍රතිඝයට ද ප්‍රතිඝාරම්මණයටද මේ පර්‍ය්‍යාය වචනයකි. ප්‍රතිඝයද ප්‍රතිඝනිමිත්තද ප්‍රතිඝාරම්මණ ධර්‍මයද ප්‍රතිඝනිමිත්තයයි අට්ඨකථාවෙහි කියනලද්දේමැයි.”


"පටිඝනිමිත‍්තන‍්ති අනිට‍්ඨං නිමිත‍්තං. පටිඝස‍්සපි පටිඝාරම‍්මණස‍්සපි එතං අධිවචනං. වුත‍්තම‍්පි චෙතං අට‍්ඨකථායං – “පටිඝම‍්පි පටිඝනිමිත‍්තං, පටිඝාරම‍්මණොපි ධම‍්මො පටිඝනිමිත‍්ත”න‍්ති."

“එහි අරති කවර යත්: ප්‍රාන්තසේනාසනයන්හි හෝ අන්‍යතරාන්‍යතර අධිකුශලධර්‍මයන්හි හෝ යම් නො ඇල්මෙක් නො ඇලෙන අයුරෙක් අනභිරතියෙක් අනභිරමණයෙක් උකටලී බවෙක් උද්වේගයෙක් වේ ද, මේ ‘අරති’ යයි කියනු ලැබේ.”


"තත්‍ථ කතමා අරති: පන‍්තෙසු වා සෙනාසනෙසු අඤ‍්ඤතරඤ‍්ඤතරෙසු වා අධිකුසලෙසු ධම‍්මෙසු අරති අරතිතා අනභිරති අනභිරමනා උක‍්කණ‍්ඨිතා පරතස‍්සිතා, අයං වුච‍්චති අරති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll