[Watch in 4K — Recommended Resolution.]


220. හීනෙන් පණිවුඩ ලැබෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මට පෙර ආත්මය දැන ගැනීමට කිසියම් ක්‍රමයක් දැනගත හැකි ද?

[හේතුව නම්, යම් යම් සිද්ධීන් සිදුවෙනවා සහ මට හීනෙන් එක් එක් දේවල් පේන්වා. ඒවා පෙර ආත්මය හා සම්බන්යි කියලා මට පණිවිඩ ලබා දෙන්වා සිහිනෙන්.]

A. පෙර ආත්මය දැන ගැනීමට කර්මවිපාකජ සෘද්ධිය, පුණ්‍ය සෘද්ධිය හෝ ඒවා හා සමාන තත්වයක් තිබිය යුතුය. පෙර භව නුවණින් දැක ගැනීමට නම්, පුබ්බේ නිවාසානුස්සති ඤාණය (පෙර විසූ කඳ පිළිවෙළ දක්නා අභිඥාව) උපදවා ගත යුතුය.

සෘද්ධි ගැන වැඩි දුර තොරතුරු මෙතැනින් කියවන්න.

පුබ්බේ නිවාසානුස්සති ඤාණය ගැන වැඩි දුර තොරතුරු මෙතැනින් කියවන්න.

# බොහෝ සිහින මනසේ සමබරතාව බිදී යාමෙන් පෙනෙන මනෝ විකාරයන් ය; තමා (පෙර භවය) ගැන කිය වූ, ඇසූ, බැලූ ආදී (පුනරුත්පත්ති) කතා ආදිය විය හැකිය.

සිහින ගැන වැඩි දුර තොරතුරු මෙතැනින් කියවන්න.

# ඉන්සොම්නියා (Insomnia), නාර්කෝලෙප්සි (narcolepsy / hypersomnia), පරාසොම්නියස් (Parasomnias), ඇප්නියාව (apnea / apnoea) වැනි නින්ද සම්බන්ධව ද නොයෙක් රෝගාබාධ (හා වර්ග) ඇති බැවින් සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයෙකු හමු වීමට යෝජනා කරමු.

හැසිරීම්, ජීවන රටාව, චින්තන රටාව, ආශ්‍රය, මොළයේ රසායනික වෙනස්වීම් හෝ වෙනත් කායික රෝග ද, ආහාර-පාන ආදිය ද බල පෑ හැකි බැවින් සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයෙකු මෙන් ම සුදුසුකම් ලත් කායික වෛද්‍යවරයෙකු හමු වීමට ද යෝජනා කරමු.

ඊට අමතරව, මත්ද්‍රව්‍ය ගැනීම, අධික ලෙස නිදි වැරීම, නින්දට පෙර නොයෙක් අනවශ්‍ය දේ (පොත්-පත්, විද්‍යුත් උපකරණ ආදිය) පරිහරණය හා (ඍණාත්මක සිතිවිලි, පුද්ගලයන් ආදිය) ආශ්‍රය වැන්න නොකළ යුතු අතර; නින්දට පෙර සිත නිවන සංගීතය, සිංදු-ගීත ශ්‍රවණය, සමථ (විශේෂයෙන් ම මෛත්‍රී) භාවනාවක් හෝ කිරීම, සිත-කය-නිදන කාමරය පිරිසිදුව නින්දට යාම, (ඉතිපිසෝ, සබ්බ පාපස්ස ... වැනි) ආරක්ෂක ගාථාවක් හෝ පිරිත් ආදිය භාවිතා කිරීම, ඉෂ්ටකාරක හා සම්‍යක් දෘෂ්ටික දෙවි-දේවතාවුන්ට හා සියලු සත්ත්වයන්ට පිං අනුමෝදන් කර (පිං දී) නිදා ගැනීම ආදිය කිරීමට යෝජනා කළ හැක.

# තව ද, බොහෝ කායික / මානසික ව්‍යාධීන්ට හෝ අසමතුලිත තාවයන්ට ප්‍රධානතම හේතුව ධර්මානුකූල නොවන දිවි පැවැත්ම (ධර්මානුකූල නොවන සිතුම්-පැතුම් / ක්‍රියා / වදන් / සිතුවිලි) බව නිතර තරයේ සිහි තබා ගෙන දිවි ගෙවිය යුතුය.

හොඳට නිදාගන්න නම් මෙය ද මෙතැනින් කියවන්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll