A. “[1] “මහණෙනි, මේ බොජ්ඣංගයෝ සත්දෙනෙකි. කවර සත්දෙනෙක්ද යත්, සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරියසම්බොජ්ඣංගය, පීතිසම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය, මහණෙනි, මේ සත වනාහි බොජ්ඣංගයෝයි.
[2] “බොජ්ඣංග” යනු කුමන අර්ථයකින් බොජ්ඣංගයෝ නම් වෙත්ද? (මාර්ග ඵල හා) නිර්වාණ අවබෝධය පිණිස පවතිනුයි බොජ්ඣංගයෝයි. ශ්‍රොතආපත්ති මාර්ගය අවබෝධ කෙරෙත්නුයි බොජ්ඣංගයෝයි. සකෘදාගාමි මාර්ගය අවබෝධ කෙරෙත්නුයි බොජ්ඣංගයෝයි. අනාගාමි මාර්ගය අවබෝධ කෙරෙන්නුයි බොජ්ඣංගයෝයි. අර්හත් මාර්ගය අවබෝධ කෙරෙත්නුයි බොජ්ඣංගයෝයි. ශ්‍රොත ආපත්ති මාර්ගය අවබෝධ කිරීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. සකෘදාගාමි මාර්ගය අවබෝධ කිරීම් අර්ථයෙන් බොජ්ඣංගයෝයි. අනාගාමි මාර්ගය අවබෝධකිරීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. අර්හත් මාර්ගය අවබෝධ කිරීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. ශ්‍රොත ආපත්ති මාර්ගය අවබෝධ කරවත්නුයි බොජ්ඣංගයෝයි.
සකෘධාගාමි මාර්ගය අවබෝධ කරත්නුයි බොජ්ඣංගයෝයි. අනාගාමි මාර්ගය අවබෝධ කරත්නුයි බොජ්ඣංගයෝයි. අර්හත් මාර්ගය අවබෝධ කරත්නුයි බොජ්ඣංගයෝයි. ශ්‍රොතාපත්ති මාර්ගය අවබෝධ කරවීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. සකෘදාගාමි මාර්ගය අවබෝධ කරවීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. අනාගාමි මාර්ගය අවබෝධ කරවීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. අර්හත් මාර්ගය අවබෝධ කරවීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. ශ්‍රොත ආපත්ති මාර්ගය අවබෝධ කරන්නහුගේ පක්ෂයෙහි වීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. සකෘදාගාමි මාර්ගය අවබෝධ කරන්නහුගේ පක්ෂයෙහි වීම් අර්ථයෙන් බොජ්ඣංගයෝයි. අනාගාමි මාර්ගය අවබෝධ කරන්නහුගේ පක්ෂයෙහි වීම් අර්ථයෙන් බොජ්ඣංගයෝයි. අර්හත් මාර්ගය අවබෝධ කරන්නහුගේ පක්ෂයෙහිවීම් අර්ථයෙන් බොජ්ඣංගයෝයි. බුද්ධිලාභාර්ථයෙන් බොජ්ඣංගයෝයි. බුද්ධි ප්‍රතිලාභාර්ථයෙන් බොජ්ඣංගයෝයි. බුද්ධි රොපනාර්ථයෙන් බොජ්ඣංගයෝයි. බුද්ධි අභිරෝපනාර්ථයෙන් බොජ්ඣංගයෝයි. පිහිටුවන ලද බුද්ධිහුගේ නිමවීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. බුද්ධියට පැමිණීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි.”
A. “මහණෙනි, අකුශල් නොවූත්, කුශල් නොවූත්, අකුශල විපාකත් නොවූ, කුශල විපාකත් නොවූ, කර්ම ක්‍ෂය පිණිස පවත්නා කර්‍මය කවරේද? මහණෙනි, ස්මෘති සම්බොජ්ඣය, ධර්‍ම විචය, විරිය, පීති, පස්සද්‍ධි, සමාධි, උපෙක්‍ෂා, සම්බොජ්ඣය යන මෙයයි. මහණෙනි, මේ කර්‍මය අකුශල්ද නොවූ, කුශල්ද නොවූ, අකුශල විපාකද නොවූ, කුශල විපාකද නොවූ, කර්ම ක්‍ෂය පිණිස පවත්නා කර්මයයි.”
A. "චෙතසිකා යනු සිතෙහි වූයේ චෛතසිකයි. සිත හා එක්ව යෙදුණේය යන අර්ථයි."
“චෙතසිකාති චෙතසි භවා චෙතසිකා, චිත්තසම්පයුත්තාති අත්ථො.”
A. “සති සම්බොජ්ඣඞ්ග යනු සතිපට්ඨානාදි නම් වලින් කියවුණු ස්මෘති චෛතසිකය ය. එය භාවනා කිරීමෙන් යෝගාවචරයොගේ සන්තානයෙහි ක්‍රමයෙන් වැඩී ලෝකෝත්තර මාර්ග චිත්තය උපදනා අවස්ථාවෙහි එය හා බැඳී සත්‍යාවබෝධයට උපකාර වෙමින් උපදනේ ය.
ධම්මවිචය සම්බොජ්ඣඞ්ග යනු ප්‍රඥා චෛතසිකය ය. විදර්ශනාවට භූමි වන නාම රූප ධර්මයන් අනිත්‍යාදි වශයෙන් මනා කොට විභාග කරන බැවින් ඒ ප්‍රඥාව ධර්මවිචය නම් වේ. ඒ ප්‍රඥාව විදර්ශනාවට භූමිවන සංස්කාර විෂයෙහි ක්‍රමයෙන් වැඩී ලෝකෝත්තර මාර්ග ඥානය වන්නේ ය.
විරිය සම්බොජ්ඣඞ්ග යනු සම්‍යක්ප්‍රධාන නාමයෙන් දැක්වුණු බලවත් වීර්‍ය්‍යය ය. එය ද අනුක්‍රමයෙන් වැඩී කුශල ධර්මයන් විෂයෙහි පසුබැසීම හැකිළීම සිදු කරන ක්ලේශයන් දුරු කොට ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි දී සත්‍යාවබෝධයට සහාය වේ.
පීති සම්බොජ්ඣඞ්ග යනු ප්‍රීති චෛතසිකය ය. එය ද විදර්ශනා භූමිය වන සංස්කාරයන් කෙරෙහි භාවනා වශයෙන් වැඩී කුශල ධර්මයන් කෙරෙහි නො සතුටු වන ස්වභාවය දුරු කොට භාවනා වශයෙන් ක්‍රමයෙන් වැඩී මාර්ගක්ෂණයෙහි සත්‍යාවබෝධයට සහාය වන්නේ ය.
පස්සඬි සම්බොජ්ඣඞ්ග යනු කාය - චිත්ත පස්සද්ධි දෙක ය. භාවනා කිරීමෙහි දී එය ක්‍රමයෙන් වැඩී සිතෙහි දැවෙන තැවෙන ස්වභාවය දුරු කොට ශාන්ත ශීතල ස්වභාවයට පමුණුවා ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී සත්‍යාවබෝධයට සහාය වන්නේ ය.
සමාධි සම්බොජ්ඣඞ්ග යනු ඒකග්ගතා චෛතසිකය ය. එය ද භාවනාවෙන් ක්‍රමයෙන් වැඩී සිතෙහි නො සන්සුන් බව දුරු කරමින් සත්‍යාවබෝධයට සහාය වන්නේ ය.
උපෙක්ඛා සම්බොජ්ඣඞ්ග යනු තත්‍රමජ්ඣත්තතා චෛතසිකය ය. එය ද භාවනාවෙන් ක්‍රමයෙන් වැඩී සිතෙහි හැකිළෙන සැලෙන ස්වභාවය සම්පූර්ණයෙන් දුරු කරමින් මාර්ගක්ෂණයෙහි දී සත්‍යාවබෝධයට සහාය වන්නේ ය.”