155. අජ‍්ඣත‍්තික ද බාහිර ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. චකු ධාතු රුප ධතු කියනේ අජත්තික සහ බහිද්ධා කියන එකද්? තෙරුම් කරලා දෙන්න තෙරුවන්සරණයි!

A. “ඒ අධ්‍යාත්මික චක්ඛුධාතු රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්ධාතුරූප යි.”

“ඒ බාහිර රූපධාතු රූපය කවරේ යත්:
රූපායතන යි. මේ ඒ බාහිර රූපධාතු රූප යි.”

“ඒ අධ්‍යාත්මික චක්‍ඛායතනරූපය කවරේ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වේ ද ... තෙලෙ ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුරායතන රූප යි.”

“ඒ බාහිර රූපායතනරූපය කවරේ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ ද ... තෙලෙ රූපධාතු නමුදු වේ. මේ ඒ බාහිර රූපායතනරූප යි.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll