109. භෞතිකව කිසිවක් නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. භෞතිකව කිසිවක් නොමැත, එය සිත මගින් පෙන්වා දෙන මායාවක් පමණයි. මෙසේ කියන්නේ කෙසේද? සාකච්ඡා කිරීම සඳහා පමණයි.


A. සාමාන්‍ය අපේ සිතට භෞතික දේ තියෙනවා - සාමාන්‍ය අපේ සිතේ (විඤ්ඤාණයේ) අත්දැකීම් භෞතික දේ තමා පිළිගන්නේ. එහෙත්, භෞතික දේ නිර්මාණය වෙන්නේ ශක්තිවලින් - ඒ ශක්තිවලට කියනවා “සංඛත පරමාර්ථ” කියලා - ඒවාට හැඩ-සටහන් නැහැ - ඒවා සාමාන්‍ය අපේ සිතට (විඤ්ඤාණයට) දකින්න බැහැ - ඒවා දකින්න පුළුවන් “ප්‍රඥාව”ට (ප්‍රඥාව සහිත සිත්වලට / විදර්ශනා සිත්වලට) විතරයි. ඒකයි එහෙම කියන්නේ.


Q. “ප්‍රඥාවෙන් දකින්නේ රූපයක් ලෙස ද? ධර්මයක් ලෙස ද?

A. ප්‍රඥාවට පුළුවන් රූපයක් ලෙස හෝ ධර්මයක් ලෙස හෝ ධර්මතාවයක් ලෙස හෝ දකින්න.

Q. දකින්න පුළුවන් එයින් භෞතිකය නැහැ කියන්න බැහැ නේද?

A. කිසිවක් නැහැ හෝ තියනවා කියන එක බුදුදහම නොවේ - ඉතා ම වේගයෙන් (මිලි තත්පරයකටත් වඩා අඩු කාලයක දී) ශක්තීන් (හේතූන්) නිසා හටගෙන, පැවැත, නැත්තට ම නැති වී යන'මුත් පරම්පරා සම්බන්ධයක් තියෙන බව තමා කිව යුතු.

ඉහත පිළිතුර ද බලන්න - භෞතිකය ශක්තීන්ගෙන් නිර්මාණය වෙලා පේන මායාවක් / දෙයක් - අල්ලන්න පුළුවන් වෙන්නේ එකයි. පේන දේ නම් කොහොමත් (අතින්) අල්ලන්න බෑ.

Q. එය ඉතිං ගෙවී යන නිසා සිදුවන දෙයක් නේද. එයින් භෞතිකය නැහැ කියන්න බැහැ නේද?

A. තියනවා කියන්නත් බැහැ.

Q. මොහොතක් පාසා ගෙවී යන බව, නමුත් මොහොතක් පාසා ගෙවී යන්න දෙයක් තියෙන්න ඕනෑ නේද?

A. ඉතා වේගයෙන් ගලා යන ගඟක වතුර තියනවා ද? නැද්ද? කියලා ඇහුවොත්, එක්කෝ ඒ ප්‍රශ්නෙ ම වැරදියි - නැත්තං, ඒකට දෙන උත්තර වරදිනවා. නෑ කිව්වොත්, මේ තියෙන්නේ කියලා පෙන්නන්න හෝ අතගාලා පෙන්නන්න හෝ හිතින් හිතලා තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන්. තියනවා ද? කියලා ඇහුවොත් හෝ තියනවා කියලා කිව්වොත්, “ගලන බව” අමතක කරලා කියලා තේරුම් ගන්න ඕනි.

අන්න ඒ වගේ ම තමා, භෞතිකය තියනවා ද? නැද්ද? කියන ප්‍රශ්නයත්. ගඟ “ගලන බව” අමතක වෙලා කියලා පෙන්නන්න හෝ අතගාලා පෙන්නන්න හෝ හිතින් හිතලා දැනගන්න පුළුවන් නිසා ඒක හැමෝම පිළිගන්නවා. ඒත්, ගඟ වගේ ම භෞතිකය “ගලන බව” (ඉතා වේගයෙන් වෙනස් වෙවී (ගලා) යන බව) අමතක වෙලා කියලා ඒ කිසිවිදිහකට පෙන්නන්න බෑ “ප්‍රඥාව” නොයෙදුනොත් - ඒ නිසා ඒක හැමෝම පිළිගන්නෙ නෑ. 

[වාද-විවාද - ඇණුම්-බැණුම් - ප්‍රශ්නෝත්තර කොතෙක් ඇතත්, ඒක (මේ ප්‍රශ්නයට ඇත හෝ නැත පිළිතුරු ගැලපෙන්නේ නැති බව) “ප්‍රඥාව” ම ඇතිකරගෙන පිළිගත්තොත් මිස වෙන කරන්න දෙයක් නෑ. මට පෙන්නේ නම්, ඔබේ ප්‍රශ්නය ඔබේ ම චින්තන පරාසය ඉක්මවා යන බවයි. මා ලබා දී ඇති පිළිතුරු නැවත නැවත කියවන්න. ධර්මය හොඳින් ඉගෙන ගෙන සසඳා බලන්න. තෙරුවන් සරණයි!]

Q. මට ඔබතුමාගේ දෘෂ්ටි බිදින්න බැරිවේවි නමුත් ඔබතුමාගේ කමන්ට් කියවන අය නොමග යන නිසා නිවරැදිකිරිමක් අවශ්‍ය නිසයි ...

A. මට පෙන්නේ නම්, ඔබට මා සමඟ හෝ කිසියම් දේශකයන්වහන්සේ නමක් සමඟ හෝ පෞද්ගලික ප්‍රශ්නයක් ඇති බවයි. ඔබට පුළුවන් ද මගේ දෘෂ්ටිය කුමක් ද කියා දෙන්න - මම නිවැරදිකර ගන්නම්. 

ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම අනවශ්‍ය බව පෙනේ - මන්ද ඒවාට ඔබ පිළිතුරු දන්නා බැවිණි.

ඔබේ ප්‍රතිචාර කියවන පාඨකයා නොමඟ යන බව කිව යුතු ම ය. මා කොතැනක හෝ සඳහන් කොට තිබේ ද?
1. “සංඛතයි කියන්නේ ‘නෑ’ කියන එක” කියලා.
2. “රූප පරමාර්ථය නැත” කියලා.
3. හැම දෙයක් ම තේරෙන්නේ “විදර්ශනා ප්‍රඥාවට විතරයි” කියලා.

# “රූප පරමාර්ථය”ට ඔබ අමුතු අර්ථ (වක්‍රව හෝ) නොදෙන්න - “රූප පරමාර්ථය” කියන්නේ භෞතික දෙයක් (ද්‍රව්‍යයක්) නොවන බව ද කිව යුතු වෙනවා.

# “පවතිනවා” කියලා තියෙන්න පුළුවන් ක්ෂණය කොච්චර කෙටි කාලයක් ද කියලා හිතාගන්නවත් පුළුවන් ද? = *“එක්සිය පණස් යාළ සතමුණු දෙලාසෙක වී ඇට එක් අසුරු සැණෙක උපදනා සිත්වලට එක එක ඇටය බැගින් තැබුව හොත් වී සියල්ල ම අවසන් වේය යනු එහි අදහසයි. යාළ නම් වී කරත්තයකි. මෙය එක් අසුරුසැණක උපදනා සිත්වල නියම ප්‍ර‍මාණය දැක්වීමක් නොව බහුභාවය දැක්වීමකි. නිශ්චිත වශයෙන් ම එහි ගණනක් නො දැක්විය හැකිය.”
“සිතක ජීවන කාලය, අසුරු ගසන කාලයෙන් ඇසිපිය හෙළන කාලයෙන් කෝටි ලක්ෂ ගණනකින් කොටසක් තරමට කුඩා බව දක්වා තිබේ.”

Q. දෘෂ්ටිය බිදින්න බෑ කියපු එක වරදක් නම් සමාවෙන්න හැබැයි ඔබතුමාගේ දෘෂ්ටිය බිදින්න බෑ කියද්දි ඔබතුමා සමග හෝ යම් දේශකයෙක් සමග ප්‍රශ්නයක් තියෙන බව හැගෙනව නම් එය ඔබතුමාගේ අවබෝධයේ ප්‍රශ්නයක් කියල මට හිතෙන්නේ, මම ඔබතුමාව හදුනන්නේ නැහැනේ නේද, ඔබතුමා ධර්මානුකූල අදහස් ඉදිරිපත්කරපු හැම අවස්තාවකම සාධුකාර දීපු අවස්තාවල් ඕනතරම් ඇති බව මේ කමන්ට් කියවද්දිම ඔබතුමාට මතක් වේවි නියතයි. දකින දේ අල්ලන්න බෑ අල්ලන දේ දකින්න බෑ කියල ඔබතුමා අදහස්කලේ කුමක්ද කියලවත් කියන්න පුලුවන් ද?

A. # කිසිවක් අමතක නැත. එහෙත්, “එක් එක් ගිහි පැවිදි දේශකයාණන් තමන්ගේ නුවණට වැටහෙන සොච්චම උතුම් බුද්ධ දේශනාවට ගැළපීම සෝචනීයයි” යැයි ඔබේ කියමන ම ඔබේ මනෝභාවය ඔප්පුකරයි - හැඳුනුම්කම් කෙසේ වෙතත්, කා සමඟ හෝ ඇති පෞද්ගලික අමනාපකම් මෙතැනට අදාළ නොවේ.

# සමාව ඉල්ලීම හෝ කැමති අකමැති වීම හෝ ඔබට/ඔබලාට අදාළ දෙයකි. අප බලාපොරොත්තු වන්නේ යටහත් පහත්ව සිටීම හෝ ප්‍රශස්ති ගැයීම් නොව, ධර්මය ඉස්මතුකරලීම හා අධර්මය පිටු දැකීමය - එයට, අනෙක් හැමෝට ම මෙන් ම ඔබට ද ඕනෑම කෙනෙක්ට විරුද්ධව ඕනෑම වෙලාවක “ධර්මානුකූලව හේතු සහිතව” ප්‍රශ්න නැඟීමට - වාද-විවාද-සාකච්ඡා කිරීමට - පිළිතුරු දීමට/නොදීමට පූර්ණ අයිතිය හා නිදහස ඇත. [අපට ද එසේ ම ය.]

# “දකින දේ අල්ලන්න බෑ අල්ලන දේ දකින්න බෑ කියල ඔබතුමා අදහස්කලේ කුමක්ද කියලවත් කියන්න පුලුවන් ද?” - සරලව ම, ‘වර්ණ රූපය’ ස්පර්ශ වෙනවා ද? ('ස්පර්ශ රූපය' (= පඨවි තේජෝ වායෝ) පේනවා ද?) [අපගේ “සොච්චම් ප්‍රඥාවට/නුවණට” වඩා ඉතා විස්තරාත්මකව හා පෘථුල ලෙස මෙය ඔබගේ ගැඹුරු ප්‍රඥාවට/නුවණට ඉතා පැහැදිලිව ම වැටහේ යැයි සිතමු.]

# රූපය (රූප කලාපය) “පවතිනවා” හෝ “තියනවා” කියන වේලාව කෙතරම් කෙටි එකක් දැයි ඉහත (*සිත/සිත් පිළිබඳව) උදාහරණ අනුසාරයෙන් රූපයට අදාළව (17 / 51 - 49) ගලපා තේරුම් ගැනීමට උත්සාහ කරන්න - සාමන්‍ය කෙනෙකුට “පවතිනවා” හෝ “තියනවා” කියන විට, එකී අති ශීඝ්‍ර ක්‍රියාවලියේ අර්ථය මුළුමනින් ම විකෘති වී හැඟෙන බැවින්, එය අති ශීඝ්‍රව “ගලා යන” ක්‍රියාවලියක එක් අවස්ථාවක් පමණක් ම බව කී විට එසේ නොවන බව හා සර්ව-සාධාරණ බව තේරුම් ගැනීමට ද උත්සාහ කරන්න.

# ඔබ/ඔබලා සිතා සිටින පරිදි “රූප පරමාර්ථය” භෞතිකවාදයට ඉනිමං බඳින, භෞතිකමය (ද්‍රව්‍යමය) දෙයක් නොවේ - ධර්මය විකෘති නොකරන්න; අධර්මය පැතිරවීමෙන් වළකින්න.

Q. ඔබතුමාගේම මේ වටිනා අදහස් සහ උපදෙස් අනුව මට මතු වූ ප්‍රශ්න කිහිපයක් අහන්නම්,කැමති නම් පිලිතුරු දෙන්න
1*මා විකුර්තීකරපු බුද්ධ ධර්මය සහ ඔබතුමා මතුකරන නිර්මල බුද්ධ ධර්මය සරලව පෙන්වන්න (වැරදි හදාගන්න ඕන මට)
2*වර්ණ රූපය අතට හසුවන්නේ නෑ නමුත් ඇසට ගෝචරයි නේද එසේ නම් එය පවතින රූපයක් නේද (එය නිරතුරුව වෙනස්විම නිරුද්ධවීම යෑම ගැන නෙමේ මම අහන්නේ)

A. පළමුව, ඔබ සුබෝධ හිමියන්ට හඬගා පහත ලෙස කීමට අප ගෙනහැර දක්වූ අධර්මය හා අමුතු අදහස් පෙන්වා දිය හැකි ද? 👇
“පින්වත් හිමියනි, උතුම් බුදුරජාණන් වහන්සේලා වදාල ධර්මය හා සමානව අධර්මය නොයෙක් වේශයෙන් මේ ගෘප් එකෙත් ඉස්මතුවීම වැලැක්වීමට නම් මෙවැනි සාකච්ඡාවන්වලට අවධානය යොමුකරන්න. මගේ අල්ප මාත්‍ර වු දැනුමට පෙනියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාල රුප පරමාර්ථයට පවා තර්කානුකූල අමුතු අදහස් මතුකිරීමක් පමණයි”

Q. ඔව්නේ ඒක පෙන්වන්න ඕනනේ මුලින්ම නේද භාහිර රූපය ගැන ඔබතුමා විස්තරකරනව එක තැනක මෙහෙම දකින දේ අල්ලන්න බෑ අල්ලන දේ දකින්න බෑ කියල (බුදුරජාණන් වහන්සේ වදල දේට මෙය ගැලපෙන්නේ කෙසේද?) අපි දකිනේ වර්ණ රුපයයි එය අල්ලන්න බැ, එය අල්ලන්න හිතාගෙන අත ගෑවොත් හසුවන්නේ හසුවෙන්නේ පඨවි ධාතුවයි නොකියා, ඔබතුමා අමුතු ධර්මයක් කියනව වගේ මට දැනුනේ, මගේ වැරදි මතය දුරුකරන්න හේතු සහිතව මහත්තයා.

A. ‘වර්ණ රූපය’ ස්පර්ශ නොවන බව හා 'ස්පර්ශ රූපය' (පඨවි තේජෝ වායෝ) ඇසට අසු නොවන බව මෙන් ම ඔබේ ගැඹුරු ප්‍රඥාවට “සනිදස්සන රූප” (හා “අසනිදස්සන රූප”) ගැන ද අමුතුවෙන් කිව යුතු යැයි නොසිතේ.

A. 1* සහ 2* යන ඔබේ ප්‍රශ්නවලට ද අපි දැනටමත් පිළිතුරු දී හමාර ය. ඒ පිළිතුරු වෙත ඔබේ ගාම්භීර ප්‍රඥාව යොමු වේවායි පතන අතර ඔබේ කිසිදු ප්‍රශ්නයක් සඳහා ද අපේ සහය ඉදිරියට අවශ්‍ය නොවේ යැයි සිතමු. (ඔබ හෝ කවරෙකුට හෝ තමාට අවශ්‍ය පිළිතුර / පිළිතුරු ම අප ලවා කෙසේ හෝ ලබා ගත නොහැකි බව ද දන්වමු.)

ගිහි පැවිදි කුමන දේශකයෙක් / දේශකයාණන් වහන්සේ නමක් කුමන විදිහකට ධර්මය පෙන්නුවත් / දේශනා කරත් “දේශනා විදිහ” හෝ “තේරුම් ගන්න විදිහ” අනුව “ධර්මය” අමුතු වෙන්නේ නෑ. හැමෝට ම (හැම දේශකයෙක්ට ම / දේශකයාණන් වහන්සේ නමකට ම) එක ම විදිහට කියලා දෙන්නත් / දේශනා කරන්නත් බෑ; හැමෝට ම (හැම ශ්‍රාවකයෙක්ට ම / පාඨකයෙක්ට ම) කොහොම කොච්චර කරත් එක විදිහට ම තේරුම් යන්නෙත් නෑ / තේරුම් කරන්නත් බෑ; තේරුම් ගන්නෙත් නෑ. ඒකට දේශකයා / දේශකයාණන් වහන්සේ නම පලි නෑ; දේශකයා / දේශකයාණන් වහන්සේ (කාලයෙන් / ශ්‍රමයෙන් / දැනුමෙන් ආදියෙන්) වන්දි ගෙවන්න ඕනෙත් නෑ.

T. කරුණාකර මා විසින් පිළිතුරු දුන් මුල් ම කොමෙන්ට් එක හා ඒ යටතේ ලබා දී ඇති අනු-කොමෙන්ට් සියල්ල ම නැවත-නැවත කියවා බලන්න.

Q / A / T. [විශේෂයෙන් ම පාළි හා සිංහල භාෂාවන්හි වදන් තුළ අර්ථ සැඟවී ඇත - මෙහි දී සිංහල “භෞතික” යන වදනේ වචනාර්ථය විමසන්නේ නම් එය, භූත + ඉක = >භූතයන්ට අයිති< ලෙස ගැනේ.

සැබවින් ම අපට මේ පේන “භෞතික” දේවල් (හැඩ-සටහන්), මහා භූත හතර නමැති අද්‍රව්‍යමය (ද්‍රව්‍යමය නොවන) ශක්තීන් ඔවුනොවුන් ගිලගෙන ඉපදීම නිසා හටගන්නා අන්වීක්ෂීය (ඉතා ම කුඩා) ද්‍රව්‍යමය දෙයෙහි (රූප කලාපය) බොහෝ ගණනක එකතුවෙන් විද්‍යමාන වන ආකාර විශේෂයකි (දෙයකි / හැඩ-සටහනකි).]

[“ආකාර විශේෂයකි (දෙයකි / හැඩ-සටහනකි) …” ලෙස මෙහි අර්ථ දක්වා ඇත්තේ, (සත්ත්වයන්ගේ හෝ සත්ත්වයන්ගේ නොවන දේවල) “ශරීරය” යන අරුතෙනි.]

Q. පරමාණුක අන්වීක්ෂයකින් එහා නවීනතම අන්වීක්ෂයකින් නිරීක්ෂණය කිරීමේදී හැඩයක් නැත රෑප කලාප නොපෙනේ.

A. එකඟයි; එය විය හැකියි - මා (ධර්මයේ) ද පුනපුනා කියන්නේ හා කියා ඇත්තේ එයයි - පරමාර්ථවලට හැඩ-සටහන් නොමැති බවයි; ශක්ති විශේෂයන් (මූල ශක්තීන්) බවයි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll