82. තමන් පව් නොකර අනුන් ලවා කෙරෙව්වොත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ගෝලයින් දමා මස් කඩයක් කළාට කඩේ අයිතිකරුට පවක් සිදුවේද..?

A. [***පව්, අකුසල්, නරක දේවල්*** = “නොකළ යුතුයි-නොකිය යුතුයි-නොසිතිය යුතුයි” ලෙසින් ශිෂ්ට-ප්‍රබුද්ධ සමාජ සම්මත / පස්පව් / දස අකුසල් / පංච වෙළදාම / හොර-මැරකම් / වංචා-දූෂණ-අල්ලස් / නොපනත්කම් / රැවටිලි / කපටිකම් / ‘නූල්සූත්තර’ / ...]

(පොදුවේ,) බුදු-දහම අනුව සරලව ම කෙටියෙන්: ***පව් / අකුසල් / නරක දේවල් (ක්‍රියා/වචන/සිතුවිලි)***.

1. තමා නොකළ (නොකිය/නොසිතිය) යුතු ය.
2. අනුන් (අනෙකෙකු) ලවා නොකරවිය (නොකියවිය/නොසිතවිය) යුතු ය.
3. අනුන් (අනෙකෙකු) හට (කිරීමට/කීමට/සිතීමට) අනුබල නොදිය යුතු ය.

[පිං / කුසල් / හොඳ දේවල් (ක්‍රියා/වචන/සිතුවිලි): උක්තාකාරයන්ගෙන් ගැලපෙන පරිදි විරුද්ධාර්ථයෙන් සලකා-ගලපා ගත යුතු ය.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll