Q. බුදුදහමේ වෘධ භාවය හෙවත් වැඩි මහලු කම මනින්නේ වයසින් විතරක් නෙවෙයි ද?
A. සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ, ඤාණ වෘද්ධ, වයෝ වෘද්ධ යන ආකාර පහෙන් වෘද්ධභාවය (වෘධභාවය, වැඩිහිටිකම, මේරීම, පැසුණුබව, මුහුකුරායාම, වැඩීම, වර්ධනය, සංවර්ධනය ...) මනින බව බොහෝ විට බොහෝ දෙනා දක්වන බව නොරහසකි.
ත්‍රිපිටකය පුරාවට වැඩිහිටිභාවය මැනීමට ගන්නා මිනුම්දඬු 10ක් අපට පහත ලෙස පෙළ ගැස්විය හැක.
1. ආමිස වෘද්ධ - සිව්පසෙන් වැඩීම / භෞතික සංවර්ධනය.
2. ධර්ම වෘද්ධ - ධර්මයෙන් වැඩීම / ආධ්‍යාත්මික සංවර්ධනය.
3. ශ්‍රද්ධා වෘද්ධ - ශ්‍රද්ධාවෙන් වැඩීම.
4. ශීල වෘද්ධ - ශීලයෙන් වැඩීම.
5. ප්‍රඥා වෘද්ධ - කර්ම-කර්මඵල ඇදහීමෙන් වැඩීම.
6. ජාති වෘද්ධ - කුලීන වීම / උසස් කුලයක් ලැබීම.
7. වයෝ වෘද්ධ - වයසින් වැඩිහිටි.
8. ගුණ වෘද්ධ - ගුණවත් වූ කෙනා.
9. ඥාන වෘද්ධ - ඥානයෙන් වැඩි.
10. සිල්වත්, කය-වචනය සංවර, හැසිරීම්, ඇවතුම්-පැවතුම් ආදි ගුණයන්ගෙන් මේරූ කෙනා සඳහා පොදුවේ "වෘද්ධ" (මුහුකුරා ගිය කෙනා / වැඩිහිටියා) යන යෙදුම යෙදේ.
[තපෝවෘද්ධ (තපොවුද්ධො/තපොවුඩ්ඪො/තපොවුද්ධි) යන වචනය ත්‍රිපිටක පාළිය තුළ සොයා ගැනීමට නොමැති අතර; ඉඳුරන් සංවරය, ඉන්ද්‍රිය දමනය, කෙලෙස් අඩු බව ආදියෙන් තපෝ වෘද්ධ යන්න 10. ට ම ඇතුළත් කළ හැකි බව පෙනේ.]
S / R. "“ද්වෙමා ¶, භික්ඛවෙ, වුද්ධියො. කතමා ද්වෙ? 1. ආමිසවුද්ධි ච 2. ධම්මවුද්ධි ච. ඉමා ඛො, භික්ඛවෙ, ද්වෙ වුද්ධියො. එතදග්ගං, භික්ඛවෙ, ඉමාසං ද්වින්නං වුද්ධීනං යදිදං ධම්මවුද්ධී”ති."
"“තිස්සො ඉමා, භික්ඛවෙ, වුද්ධියො. කතමා තිස්සො? 3. සද්ධාවුද්ධි, 4. සීලවුද්ධි, 5. පඤ්ඤාවුද්ධි – ඉමා ඛො, භික්ඛවෙ, තිස්සො වුද්ධියො”ති. සත්තමං."
"යෙ වුද්ධමපචායන්තීති 6. ජාතිවුද්ධො, 7. වයොවුද්ධො, 8. ගුණවුද්ධොති තයො වුද්ධා. තෙසු ජාතිසම්පන්නො ජාතිවුද්ධො නාම, වයෙ ඨිතො වයොවුද්ධො නාම, ගුණසම්පන්නො ගුණවුද්ධො නාම."
# "තත්ථ යෙ වුඩ්ඪමපචායන්තීති ජාතිවුඩ්ඪො, වයොවුඩ්ඪො, ගුණවුඩ්ඪොති තයො වුඩ්ඪා. තෙසු ජාතිසම්පන්නො ජාතිවුඩ්ඪො නාම, වයෙ ඨිතො වයොවුඩ්ඪො නාම ¶, ගුණසම්පන්නො ගුණවුඩ්ඪො නාම. තෙසු ගුණසම්පන්නො වයොවුඩ්ඪො ඉමස්මිං ඨානෙ “වුඩ්ඪො”ති අධිප්පෙතො."
"උපතින් වැඩිහිටි, වයසින් වැඩිහිටි ගුණයෙන් වැඩිහිටි යි වැඩිහිටියෝ තිදෙනෙකි. එයින් උසස් කුලයෙන් යුක්ත වූයේ ‘ජාතිවෘද්ධ’ නමි. වයසින් වැඩි වූයේ ‘වයෝවෘද්ධ’ නමි. ගුණවත් වූයේ ‘ගුණවෘද්ධ’ නමි. මෙහි දී ගුණයෙන් හා වයසින් ඉදිරියෙන් සිටියාහු වැඩිහිටියෝ යි සලකනු ලැබේ."
# "පුනන්ති ¶ වුද්ධාති යං පුග්ගලං 9. ඤාණවුද්ධා අරියධම්මෙන පුනන්ති පරිසොධෙන්ති."
"පුනන්ති වුද්ධා යනු යම් පුද්ගලයෙකු ගැන ඤාණයෙන් වැඩිහිටියෝ ආර්ය ධර්මයෙන් යහපත් ධර්මයෙන් සතුටට පත් වෙත්ද, පිරිසිදු බවට පත්වෙත්ද,"
# "වුද්ධො යනු ශීලාචාර ආදී ගුණයෙන් වෘද්ධියට පත්."
10. වුද්ධොති සීලාචාරාදිගුණවුද්ධියා යුත්තො.
# "‘වුද්ධෙ’ සීලාචාරාදි ගුණයන්ගේ වැඩීමෙන් යුක්ත වූ"
"“වුඩ්ඪෙති සීලාචාරාදිගුණවුඩ්ඪියුත්තෙ”ති ආහ."
T. # "පඤ්ඤාවුද්ධියා යනු කම්මස්සකතාදී ප්‍රඥාවේ වර්‍ධනයෙනි."
"පඤ්ඤාවුද්ධියාති කම්මස්සකතාදිපඤ්ඤාය වුද්ධියා."
# "සරණයමියි සිත් ඉපද වූ කල්හිම පසුව කයින් හෝ වචනයෙන් සරණ ගනියි. එසේ පසඟ, අටඟ, දසඟ හෝ සීලයක් සමාදන් වන්නෙමියි සිත් උපදවාම කයින් හෝ වචනයෙන් හෝ සමාදන් වෙයි. පැවිදිව, චතුපාරිසුද්ධි සීලයෙහි පිහිටන්නෙමියි සිත් උපදවාම කයින්ද වචනයෙන් ද පිරිය යුතු සිල් පුරයි. බුදුදහම ඉගෙන ගනිමියි, සිත් උපදවාම එක් නිකායක් හෝ දෙනිකායක් හෝ තුන් නිකායක් හෝ සතර නිකායක් හෝ පස් නිකායක් හෝ වචනයෙන් උගනී. මෙසේ ධුතාංග සමාදාන, කමටහන් ඉගෙනීම කසිණ භාවනා ධ්‍යාන, සමවත් විදසුන් මගඵල ප්‍රත්‍යෙක බොධි සම්‍යග් සම්බෝධි යන මොවුන්ගේ වශයෙන් දැක්විය යුතුය."
"“සරණං ගච්ඡාමී”ති හි චිත්තං උප්පාදෙත්වාව පච්ඡා කායෙන වා වාචාය වා සරණං ගණ්හාති. තථා “පඤ්චඞ්ගං අට්ඨඞ්ගං දසඞ්ගං වා සීලං සමාදියිස්සාමී”ති චිත්තං උප්පාදෙත්වා කායෙන වා වාචාය වා සමාදියති, “පබ්බජිත්වා චතූසු සීලෙසු පතිට්ඨහිස්සාමී”ති ච චිත්තං උප්පාදෙත්වා කායෙන වාචාය ච පූරෙතබ්බං සීලං පූරෙති. “බුද්ධවචනං උග්ගහෙස්සාමී”ති චිත්තං උප්පාදෙත්වාව එකං වා නිකායං ද්වෙ වා තයො වා චත්තාරො වා පඤ්ච වා නිකායෙ වාචාය උග්ගණ්හාති. එවං ධුතඞ්ගසමාදාන-කම්මට්ඨානුග්ගහ-කසිණපරිකම්ම-ඣානසමාපත්තිවිපස්සනාමග්ගඵල- පච්චෙකබොධි-සම්මාසම්බොධිවසෙන නෙතබ්බං."
# (නිවැරදි ම පරිවර්තනයක් නොවන බව පෙනේ.) "ආචාරං යනු යම් ජනපදයක වාසය කරම්ද එහි වසන්නේ යම්සේ හැසිරීම් රටාව වෙයිද ඒ ජනපද චාරිත්‍රය සික්ඛෙය්‍යං දැන ගන්නේය. තං ධම්මං අනුසාස අවවාද කරව කියයි."
"ආචාරන්ති යස්මිං ජනපදෙ වසාමි, තත්ථ වසන්තො යථා ආචාරං ජනපදචාරිත්තං සික්ඛෙය්‍යං ජානෙය්‍යං, තං ධම්මං අනුසාස ඔවදාහීති වදති."