1. සමහර දේශනා වල වේදනා, සංඥා, සංඛාර, විඥාන කියනවා.
2. සමහර දේශනා වල වේදනා, සංඥා, සංඛාර එහෙත් විඥානය අයත් වෙන්නෙ නෑ කියනවා.
3. තවත් සමහර දේශනාවල වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියනවා.
මගේ ප්‍රශ්නය ඔතනින් හරිම එක මොකක්ද???
A. “එහි නාමරූප දෙකෙහි - නාමං - සතර අරූප ස්කන්ධ සහ නිවනය. එහි සතර ස්කන්ධ නාම අර්ථයෙන් නාම වේ. “නාමනට්ඨෙන” නම් කරන අර්ථයෙන් නාම වේ. මහජන සම්මතයෙන් වේ. මහජන සම්මතයට මහා සම්මතයයි නම් විය. මව්පියෝ මොහුට තිස්ස නම වේ. ඵුස්ස නම වේවයි මෙසේ පුතාට කීර්ති නමක් කරති. ධම්මධර විනයධර යයි ගුණ වශයෙන් නම් එයි. වේදනාදියට මෙසේ නොවේ. මහා පඨවි ආදිය මෙන් තමා නම් කරමින් පහළ වේ. ඒවා පහළ වූ විට ඒවායේ නම් පහළ වේ. වේදනාවක් ඇති වූ විට ඔබ වේදනාව යයි කිසිවෙක් නොකියයි. එයට නම් තබන සිරිතක් නැත. පොළොව පහළ වූ විට ඔබ පොළොව යයි නම් තබන කෙනෙක් නැත. සක්වල මහමෙර සඳහිරු නකත් තරු පහළ වු විට ඔබ සක්වල නම් නකත් නමි යයි නම් තබන කිසක් නැත. නම ඉපදීමෙන්ම (පහළවීමෙන්ම) වේ. ඕපාතික පහළ වීමය. එසේම වේදනාව ඇති වූ විට ඔබ වේදනාව නම් වේ යයි නම් තබන කිසක් නැත. වේදනාව ඇතිවීමෙන් නාමය ද ඇතිවේ. සඤ්ඤාදියෙහි ද මෙම නයයි. අතීතයෙහි ද වේදනා වේදනාමය. සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ද එසේය. අනාගතයෙහි ද වර්තමානයෙහි ද එසේය. නිර්වාණය සදහටම නිර්වාණම වේ. මෙසේ නම්කරන අර්ථයෙන් නාම වේ. නම් කරන අර්ථයෙන් මේ සතර ස්කන්ධ වේ. ඒවා අරමුණට අභිමුව නැමේ. සියළු නම් කරන අර්ථයෙන් මේ සතර ස්කන්ධ වේ. ඒවා අරමුණට අභිමුව නැමේ. සියළු නම් නම අර්ථයෙන්ම වේ. ස්කන්ධ සතර අරමුණෙහි ඔවුනොවුන් නැමේ. නිවන අරමුණු අධිපති ප්‍රත්‍ය බැවින් තමා කෙරෙහි අනවද්‍ය ධර්මයෙහි නැමේ.”
A. “සතර මහා භූතයන් ද, අධ්‍යාත්මික වූ ආයතන පස ද, බාහිර වූ ආයතන පසද, ධර්මායතනයෙහි පසළොසක් වු සියුම් රූපයන් ද තම ශරීරයේ එක් කොටසක් වේ. මෙය රූප ස්කන්ධයයි. මනායතනය විඥාන ස්කන්ධයයි. ධර්මායතනයෙහි එක් කොටසක් වන්නේ (කාමොඝ, භවොඝ, දිට්ඨොඝ, අවිජ්ජොඝ යන) ඕඝයන් සතරයි. මෙම අරූපී ස්කන්ධ සතර තම ශරීරයේ එක් කොටසක් වේ. එහි රූප ස්කන්ධය නම් රූපයයි. අරූප ස්කන්ධ නම් නාම යයි. මේ දෙක “නාම රූප” නම් වේ.”
[A. තුනම හරි?
"කතමඤ්ච, භික්ඛවෙ, නාමරූපං? වෙදනා, සඤ්ඤා, චෙතනා, ඵස්සො, මනසිකාරො – ඉදං වුච්චති නාමං."
විභංග සූත්‍රය - ස.නි.
මෙතනදි ස්කන්ධත්‍රය වශයෙන් සහ සියලු සිත් ඇතුළත් වන පරිදිත්, කිච්චප්‍රකට ආකාරයෙනුත් දක්වා තිබෙනවා. පටිච්චසමුප්පාද නය අනුවයි.
✔️ "තත්ථ කතමං විඤ්ඤාණ පච්චයා නාමං? වෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො – ඉදං වුච්චති “විඤ්ඤාණපච්චයා නාමං”.
පටිච්චසමුප්පාද විභංගය - පච්චය චතුක්ක නිද්දෙස.
මෙහි සියලු කාරණා සංගෘහිත කරල තිබෙනව පටිච්චසමුප්පාද නය අනුව.
✔️ "චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො. චක්ඛු ච රූපා ච රූපස්මිං චක්ඛුසම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං. එවම්පි නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො."
කලහවිවාද සූත්‍ර නිද්දේසය - මහානිද්දේස පාලි.
මෙතනදි නාමරූප ප්‍රත්‍යයෙන් ඵස්ස කියද්දි ඵස්සය නාම වශයෙන් සලකන්නෙ නැහැ. නමුත් විඤ්ඤාණය නාම වශයෙන් සලකනවා.
⭕ 1, 2 වලදි විඤ්ඤාණය පච්චය ස්ථානයේ තියෙන නිසා විඤ්ඤාණය නාම වශයෙන් සලකන්නෙ නැහැ.
3 ඵස්සය පච්චුප්පන්න ස්ථානයෙ තියෙන නිසා ඵස්සය නාම වශයෙන් ගන්නෙ නැහැ.
ඕකට කියන්නෙ නාම පදයේ දේශනා භේදය කියලයි.
✔️ තත්ථ කතමං නාමං? වෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, විඤ්ඤාණක්ඛන්ධො, අසඞ්ඛතා ච ධාතු – ඉදං වුච්චති නාමං.
සුත්තන්තික දුක නික්ඛෙප - ධම්මසංගනිප්පකරණ"
⭕ මෙතනදි සියලුම නාම ධර්ම සලකමින් නිර්වාණය ද ගන්නවා. එතනදි නාම යන ව්‍යවහාරය දෙන්න අර්ථ තුනක් පෙන්වනවා.
1. නාමකරණ අර්ථයෙන් - තමන් විසින් කරන කාර්‍ය්ය අනුව නම් කිරීම් ලබන බව.
2.නමනාර්ථයෙන් - රූපාදී ධර්මයන් ආරම්මණ වශයෙන් ගන්නා හෙයින්, හෙවත් අරමුණු කරා නැමී යන ස්වභාවයෙන්.
(Source yet to be found.)
3. නාමනාර්ථයෙන් - චිත්ත චෛතසිකයන් තමා වෙත නම්මාගන්නා හෙයින් ද නාම වෙයි. නිර්වාණය නාමයක් වන්නේ මේ අර්ථයෙනි. නිවන ආරම්මණාධිපති ප්‍රත්‍ය ලබමින් මගඵල චිත්ත චෛතසිකයන් තමා වෙත නම්වා ගනී.
(Source yet to be found.)]