[Watch in 4K — Recommended Resolution.]


225. ක්ෂණයක් ද? ක්ෂණ තුනක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. චිත්ත ක්ෂණයක් පාසා අනිත්‍ය වෙනවා කියනවානි. ඒ කියන්නේ කුඩා ක්ෂණයක් පාසාද? නැත්තං කුඩා ක්ෂණ තුනක එකතුවක් වන ලොකු ක්ෂණයක් පාසාද?

A. චිත්තක්ෂණයක් (කුඩා ක්ෂණ තුන / ක්ෂණත්‍රය) ඇසුරෙන් කතා කරන්නේ නම්:

වැරදි විග්‍රහය: (සංඛත ධර්මයන්ගේ) උප්පාද-ඨිති-භංග යන කුඩා ක්ෂණ තුන (ක්ෂණත්‍රය) ම අනිත්‍ය ලක්ෂණය යි - එනම්, (පෙර නොතිබීම) ඉපිද, ඉන් නොනැවතී, ස්ථිතිය (ඨිති ක්ෂණය) දක්වා බිඳේ; ස්ථිතියෙන් නොනැවතී, භංගයෙන් (කිසිවක් ඉතුරු නැතුව ම) අතුරුදහන් වේ; {භංගයෙන් නොනැවතී, නැවත (පෙර නොතිබීම) උපදී}.

ලෙස ඉහත පරිදි විග්‍රහ කළ හැක. නමුත් ඉහත පැහැදිලි කිරීම නිවැරදි නොවන්නේ (වැරදි වන්නේ) පහත අනිත්‍ය හැඳින්වීමට ක්ෂණයක්-ක්ෂණයක් පාසා ඉපිද නිරුද්ධ වීම ලෙස දක්වා තිබෙන බැවින්, ඉපදීම යනු උප්පාද ක්ෂණය වන බැවින් හා නිරුද්ධවීම යනු භංග ක්ෂණය වන බැවින්, මෙහි නිවැරදි අනිත්‍යතා විග්‍රහය කුඩා ක්ෂණ තුනක එකතුවක් වන ලොකු ක්ෂණයක් පාසා වන බව කිව හැකිය.

[ක්ෂණ සම්බන්ධය දැන ගන්න, මෙය ද කියවන්න]

"අනිච්චන්ති නිච්චධුවතාභාවතො. උප්පාදවයවන්තතායාති ඛණෙ ඛණෙ උප්පජ්ජිත්වා නිරුජ්ඣනතො."

"අනිච්චා අද්ධුවා, තතො එව “මය්හං ඉමෙ සුඛා”ති වා න ඉච්චාති අනිච්චා. උප්පාදවයසභාවාති ඛණෙ ඛණෙ උප්පජ්ජනනිරුජ්ඣනසභාවා."

T. ක්ෂණය-ක්ෂණය; ක්ෂණයක්-ක්ෂණයක් යන්නට ද විවිධාකාර විග්‍රහ ඇත.

"ඛණෙ ඛණෙති ඔකාසෙ ඔකාසෙ කුසලං කරොන්තො."

"ඛණෙ ඛණෙති එකෙකස්ස චිත්තස්ස තීසු තීසු ඛණෙසු"

"“ඛණෙ ඛණෙ”ති විච්ඡාවචනං. “විච්ඡා”ති ච බහූසුඛණෙසු බ්‍යාපනන්ති ආහ “තීසුතීසුඛණෙසූ”ති."
[විච්ඡා VRI Succession]

"ඛණෙ ඛණෙති තථා ඨිතක්ඛණස්ස බ්‍යාපනිච්ඡාවචනං."
https://tipitaka.app/?a=sa1-680-si

"“ඉමඤ්ච ඉමඤ්ච පච්චයසාමග්ගිං පටිච්ච ඉමෙ ධම්මා ඛණෙ ඛණෙ උප්පජ්ජන්තී”ති"

"ඛණෙඛණෙති එකෙකස්ස චිත්තස්ස තීසු තීසු ඛණෙසු."

"අහුත්වා සම්භොන්තීති පුබ්බෙ අවිජ්ජමානා හුත්වා සම්භවන්ති, අනුප්පන්නා උප්පජ්ජන්තීති අත්ථො. උදයං පස්සති තෙසං ධම්මානං, “අහුත්වා සම්භොන්තී”ති උප්පාදක්ඛණසමඞ්ගිභාවදස්සනතො. පුබ්බෙ අභාවබොධකො හි අත්තලාභො ධම්මානං උදයො. හුත්වාති උප්පජ්ජිත්වා. පටිවෙන්තීති පටි ඛණෙ ඛණෙ විනස්සන්ති. වයං පස්සති, “හුත්වා පටිවෙන්තී”ති තෙසං ධම්මානං භඞ්ගක්ඛණසමඞ්ගිභාවදස්සනතො. විද්ධංසභාවබොධකො හි ධම්මානං විජ්ජමානතො වයො."

"අථ ඛො චිත්තචෙතසිකා ධම්මා සත්තසන්තානෙ උප්පජ්ජමානා ඡසු ද්වාරෙසු ආරම්මණානං ආපාතාගමනෙ එව ඛණෙ ඛණෙ උප්පජ්ජන්ති. උප්පජ්ජිත්වා ච ඛණෙ ඛණෙ නිරුජ්ඣන්ති.
යථා තං භෙරිතලෙ භෙරිසද්දා උප්පජ්ජමානා තත්ථ තත්ථ හත්ථෙන පහරණකාලෙ එව ඛණෙ ඛණෙ උප්පජ්ජන්ති, උප්පජ්ජිත්වා ච ඛණෙ ඛණෙ නිරුජ්ඣන්ති. වීණාසද්දා උප්පජ්ජමානා වීණාතන්තීසු තත්ථ තත්ථ වීණාදන්තකෙන පහරණකාලෙ එව ඛණෙ ඛණෙ උප්පජ්ජන්ති, උප්පජ්ජිත්වා ච ඛණෙ ඛණෙ නිරුජ්ඣන්තීති. නිද්දායන්තස්ස භවඞ්ගචිත්තප්පවත්ති කාලෙපි පුබ්බභවෙ මරණාසන්නකාලෙ ඡසු ද්වාරෙසු ආපාත මාගතානි කම්ම කම්මනිමිත්ත ගතිනිමිත්තානි එව භවඞ්ගචිත්තානං ආරම්මණපච්චයොති. ආරම්මණපච්චයදීපනා නිට්ඨිතා."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll