124. ශ්‍රැතවත් (ශෘතවත්) පෘතග්ජනයා කවුද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. "ශ්‍රැතවත් පෘතග්ජනයා" යන යෙදීම ධර්මානුකූලද?

A. “ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයා”, “අශ්‍රැතවත් පෘතග්ජනයා” මිස >ශ්‍රැතවත් පෘතග්ජනයා< යන වදන ත්‍රිපිටක පොත් වහන්සේ තුළ දක්නට නොමැත - එසේ නම් කෙසිසේත් ම ධර්මානුකූල නොවේ. අන්ධ පෘතග්ජනයා හා කල්‍යාණ පෘතග්ජනයා ලෙස නම් වර්ගීකරණයක් දක්නට ඇත.

“යෙන පුථුජ්ජනො යනු මෙහි,
සූර්යබන්ධු බුදුන් විසින් පුහුදුන්හු දෙදෙනෙක් කියන ලදහ. අන්ධ පුහුදුන් ජනයා එකෙකි. කළණ පුහුදුන් ජනයා එකෙකි.
එහි යමකුට ඛන්‍ධ ධාතු ආයතන ආදීන්හි උග්ගහ, පරිපුච්ඡා සවණ, ධාරණ පච්චවෙක්ඛණ නැත්ද, මේ අන්‍ධ පෘථග්ජනයාය. යමකුට ඒවා ඇත්ද, හේ කල්‍යාණ පෘථග්ජනයාය. ඒ දෙවදෑරුම් බව -
ජනන ආදී මහා කරුණින් පුථුජ්ජන වෙයි.
පුථුජ්ජනයන් අතරට ගිය හෙයින් පුථු සහ ජන වෙයි.
ඔහු වනාහි මහත් වූ නානාප්‍රකාර ක්ලේශයන් ඇතිකරන කරුණුවලින් පෘථග්ජන වේ. යම්සේ කීයේද? -
මහාකෙලෙස් උපදවතියි = පුථුජ්ජනො. නොනසන ලද සක්කාය දෘෂ්ටි ඇත්තෝ = පුථුජ්ජනා, ශාස්තෲවරුන්ගේ මුව දෙස බලා සිටින්නෝ = පුථුජ්ජනා, සියලු ගතීන් විසින් නොනැගිටින ලද්දෝ = පුථුජ්ජනා, නානා අභිසංඛාරයන් රැස් කරන්නෝ = පුථුජ්ජනා, නොයෙක්, සැඩදිය පහරින් ගසාගෙන යත්නුයි = පුථුජ්ජනා, නොයෙක් සන්තාපයන්ගෙන් තැවෙත්නුයි = පුථුජ්ජනා,නොයෙක් දාහයන්ගෙන් දහනය කරනු ලබත්නුයි = පුථුජ්ජනා, පස්කම් ගුණයන්හි ගිජු ගැලුණු මුළා වූ බැසගත් ලැගි ඇලුණු පටලැවුණු බැවින් = පුථුජ්ජනා, පංච නීවරණයන්ගෙන් වටවුණු, දැවටුණු, බාධාකරන ලද වැසුණු යටිකුරු වුණු බැවින් = පුථුජ්ජනා, මහත් වූ බොහෝ වූ ගණන පථය ඉක්මවා ගිය ආර්ය ධර්මයන්ට පිටුපෑ නීච වූ ස්වභාව හා සමවාර ඇති ජනයා අතරට ගිය බැවින් = පුථුජ්ජනා. මහත් වූ හෝ මෙය වෙන්වම, සීලසුත ආදී ගුණ ඇති ආර්ය ජනයන්ගෙන් වෙන් වූ යයි ප්‍රකටව ගිය බැවින් = පුථුජ්ජනො.”


“යෙන පුථුජ්ජනොති, එත්ථ –
“දුවෙ පුථුජ්ජනා වුත්තා, බුද්ධෙනාදිච්චබන්ධුනා;
අන්ධො පුථුජ්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ්ජනො”ති.
තත්ථ ¶ යස්ස ඛන්ධධාතුආයතනාදීසු උග්ගහපරිපුච්ඡාසවනධාරණපච්චවෙක්ඛණානි නත්ථි, අයං අන්ධපුථුජ්ජනො. යස්ස තානි අත්ථි, සො කල්‍යාණපුථුජ්ජනො. දුවිධොපි පනෙස –
“පුථූනං ජනනාදීහි, කාරණෙහි පුථුජ්ජනො;
පුථුජ්ජනන්තොගධත්තා, පුථුවායං ජනො ඉති”.
සො හි පුථූනං නානප්පකාරානං කිලෙසාදීනං ජනනාදීහි කාරණෙහි පුථුජ්ජනො. යථාහ –
“පුථු කිලෙසෙ ජනෙන්තීති පුථුජ්ජනා, පුථු අවිහතසක්කායදිට්ඨිකාති පුථුජ්ජනා, පුථු සත්ථාරානං මුඛුල්ලොකිකාති පුථුජ්ජනා, පුථු සබ්බගතීහි අවුට්ඨිතාති පුථුජ්ජනා, පුථු නානාභිසඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්තීති පුථුජ්ජනා, පුථු නානාඔඝෙහි වුය්හන්ති, පුථු සන්තාපෙහි සන්තප්පන්ති, පුථු පරිළාහෙහි පරිඩය්හන්ති, පුථු පඤ්චසු කාමගුණෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පලිබුද්ධාති පුථුජ්ජනා, පුථු පඤ්චහි නීවරණෙහි ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති පුථුජ්ජනා”ති. පුථූනං ගණනපථමතීතානං අරියධම්මපරම්මුඛානං නීචධම්මසමාචාරානං ජනානං අන්තොගධත්තාපි පුථුජ්ජනො, පුථුවායං විසුංයෙව සඞ්ඛ්‍යං ගතො විසංසට්ඨො සීලසුතාදිගුණයුත්තෙහි අරියෙහි ජනෙහීති පුථුජ්ජනොති.”

[“අන්ධො පුථුජ්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ්ජනො”ති. (දී• නි• අට්ඨ• 1.7; අ• නි• අට්ඨ• 1.1.51; පටි• ම• අට්ඨ• 2.1.130; චූළනි• අට්ඨ• 88);” - https://tipitaka.app/?a=4a4-20-si]

"මහාකෙලෙස් උපදවතියි = පුථුජ්ජනො. නොනසන ලද සක්කාය දෘෂ්ටි ඇත්තෝ = පුථුජ්ජනා, ශාස්තෲවරුන්ගේ මුව දෙස බලා සිටින්නෝ = පුථුජ්ජනා, සියලු ගතීන් විසින් නොනැගිටින ලද්දෝ = පුථුජ්ජනා, නානා අභිසංඛාරයන් රැස් කරන්නෝ = පුථුජ්ජනා, නොයෙක්, සැඩදිය පහරින් ගසාගෙන යත්නුයි = පුථුජ්ජනා, නොයෙක් සන්තාපයන්ගෙන් තැවෙත්නුයි = පුථුජ්ජනා,නොයෙක් දාහයන්ගෙන් දහනය කරනු ලබත්නුයි = පුථුජ්ජනා, පස්කම් ගුණයන්හි ගිජු ගැලුණු මුළා වූ බැසගත් ලැගි ඇලුණු පටලැවුණු බැවින් = පුථුජ්ජනා, පංච නීවරණයන්ගෙන් වටවුණු, දැවටුණු, බාධාකරන ලද වැසුණු යටිකුරු වුණු බැවින් = පුථුජ්ජනා, මහත් වූ බොහෝ වූ ගණන පථය ඉක්මවා ගිය ආර්ය ධර්මයන්ට පිටුපෑ නීච වූ ස්වභාව හා සමවාර ඇති ජනයා අතරට ගිය බැවින් = පුථුජ්ජනා. මහත් වූ හෝ මෙය වෙන්වම, සීලසුත ආදී ගුණ ඇති ආර්ය ජනයන්ගෙන් වෙන් වූ යයි ප්‍රකටව ගිය බැවින් = පුථුජ්ජනො."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll