[Watch in 4K — Recommended Resolution.]


48. විද්‍යාව අවිද්‍යාවක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. වයිරස ජීවිත් නොවන අජීවිත් නොවන වස්තුවක් ලෙස බටහිර විදයාවේ දැක්වේ - මේ පිලිබදව අදහස කුමක්ද?
ඔවුන්ට විඥ්ඥානයක් නොමැතිද??

A. විද්‍යාව අතරමංවන තැන් ද එමට ය. එමෙන් ම විද්‍යාවේ ප්‍රලාප (බොරු) ද බහුලය. විද්‍යාව කලින් කලට දැනුම මත වෙනස් වනවා සේම “එක බොරුවක් වහන්නට බොරු සීයක් / දහසක් ද කියයි”. කලක් වෛරස් ජීවීන් නොවන බව කීය, මහා පිපුරුම්වාදය, පරිණාමවාදය ... වැනි “ගල් පැලෙන” (“ටොං පච”) බොරු ද එමට ය. එබැවින්, විද්‍යාවට “බ්‍රහ්මත්වය” හෝ “ශාස්තෘත්ත්වය” ආරූඪ කිරීම අනුවණකමකි. “විද්‍යාව” ද “අවිද්‍යාව” කි.
[“විද්‍යාව” සම්පූර්ණයෙන් ම බැහැර කිරීම ද අනුවණකමකි; "විද්‍යාවේ" ද බොහෝ ධනාත්මක පැතිකඩ / ප්‍රයෝජන ද ඇත.]

අනෙක් අතට කිසිසේත් ම “අභිධර්මය” අතරමංවන තැනක් (හෝ එහි ප්‍රලාප අඩංගු) නැති අතර, අතරමංවූවන්ට ද මැනවින් ම මඟ පෙන්වයි; “අන්ධයන්ට මඟ පෙන්වීම පහසු නැතිවා” සේම, අප වැනි “මන්ද ප්‍රාඥයන්ට” අභිධර්මයේ මඟ පෙන්වීම නොපෙනීම අප‍ගේ ම (ප්‍රඥාවේ) දුර්වලකමක් අඩුවක් ම විනා අන් කවරක් ද?
[එබැවින්, අභිධර්මයට “බ්‍රහ්මත්වය” හෝ “ශාස්තෘත්ත්වය” ආරූඪ කිරීම කිසිසේත් ම අනුවණකමක් නොවේ.]

{බුදුදහමේ “විද්‍යාව” = ප්‍රඥාව; සත්‍යය; දර්ශනය; ...

ලෝක ව්‍යවහාරයේ “විද්‍යාව” = බටහිර විද්‍යාව (Western Science).}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll