Q. සීලබ්බත පරාමාස ගැන ත්‍රිපිටකයෙහි සඳහන්වන්නේ කෙසේ ද?
A. “මේ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි ය, ව්‍රතයෙන් ශුද්ධි ය, ශීලව්‍රතයෙන් ශුද්ධි ය යි යම් මෙබඳු වූ දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකායිකයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයොජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් අභිනිවෙශයෙක් පරාමර්‍ෂයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ශීලව්‍රතපරාමර්‍ෂ යයි කියනු ලැබේ.”
“තත්ථ කතමො සීලබ්බතපරාමාසො? ඉතො බහිද්ධා සමණබ්‍රාහ්මණානං ‘සීලෙන සුද්ධි, වතෙන සුද්ධි, සීලබ්බතෙන සුද්ධී’ති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං ගාහො පටිග්ගාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියාසග්ගාහො – අයං වුච්චති සීලබ්බතපරාමාසො.”
“ඒ කායකර්‍ම වාක්කර්‍මයෝ ද කුශල වූවාහු ද වෙති. යම් කර්‍මයක් කයිනුදු වචනයෙනුදු කෙර් නම්, දැඩිව ගනී නම්, මේ සීලබ්බතපරාමාස යයි කියනු ලැබේ.
ඒ සංකල්පනයෝ ද පුඤ්ඤමය අපුඤ්ඤමය අනෙඤ්ජමය යන ත්‍රිවිධ සංස්කාරයෝ වෙති. ඒ සංස්කාරප්‍රත්‍යයෙන් කර්‍මවිඥානය වෙයි. කර්‍මවිඥානයාගේ සිටීමට තෙල අරමුණ වේ.
යම් ශුභසංඥාවක් සුඛසංඥාවක් ආත්මසංඥාවක් ඇද්ද මේ චෛතසිකකර්‍ම යැ, රූපභවයට පමුණුවන යම් කර්‍මවිඥානයක් රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටී ද, නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වැඩීමට පිහිටීමට විපුලබවට යේ ද, මේ සංකල්පනා යැ. මෙසේ විඥානස්ථිතීන්හි සිටී ආලම්බන වශයෙන් ප්‍රථමාභිනිෂ්පත්ති වූ යම් උපාදානයක් ඇද්ද, මේ චෛතසික යයි කියනුලැබේ යි.”"යං චෙතසිකං යං පකප්පිතං විත්ථාරෙන පච්චයො, යං වා චෙතසිකං කායිකං චෙතසිකං කම්මං. කිංකාරණා? චෙතසිකා හි චෙතනා මනොකම්මාති වුච්චතෙ, සා චෙතනාකම්මං, යං චෙතසිකං ඉමං කායිකඤ්ච වාචසිකඤ්ච ඉමානි තීණි කම්මානි නිද්දිට්ඨානි. කායකම්මං වචීකම්මඤ්ච තානි කුසලානි පියං කායෙන ච වාචාය ච ආරභති පරාමසති, අයං වුච්චති සීලබ්බතපරාමාසො. සඞ්කප්පනා තෙ තිවිධා සඞ්ඛාරා පුඤ්ඤමයා අපුඤ්ඤමයා ආනෙඤ්ජමයා, තප්පච්චයා විඤ්ඤාණං තෙ ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා. යා සුභසඤ්ඤා සුඛසඤ්ඤා අත්තසඤ්ඤා ච. ඉදං චෙතසිකං. යං රූපූපගං විඤ්ඤාණං තිට්ඨති රූපාරම්මණං රූපපතිට්ඨිතං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලතං ගච්ඡති, අයං සඞ්කප්පනා, ඉති යං විඤ්ඤාණට්ඨිතීසු ¶ ඨිතං පඨමාභිනිබ්බත්තිආරම්මණවසෙන උපාදානං, ඉදං වුච්චති චෙතසිකන්ති."
[“සංඥාවය චිත්තය දෘෂ්ටිය යි විපර්‍ය්‍යාස ධර්ම තුනෙකි. ඒ එක එකක් අනිත්‍ය දුඃඛ අනාත්ම අශුභ යන කරුණු සතර සම්බන්ධයෙන් ඇති වන බැවින් විපර්‍ය්‍යාස දොළොසක් වේ. සංඥා චිත්ත දෘෂ්ටි යන මේ ධර්ම තුන පිළිවෙළින් එකිනෙකට බලවත්ය. මේ විපර්‍ය්‍යාසයන් ඇති වන්නේ මෙසේය. චිත්තය වනාහි සත්ත්ව ශරීරයන්හි හා බාහිර වස්තූන්හි ඇති රූප ධර්මයන් පරමාර්ථ වශයෙන් වෙන් කොට දැකීමට සමත් ධර්මයක් නොවේ. පරමාර්ථ රූප ධර්මයන් ගේ උත්පාද ස්ථිති භංගයන් දැකීමට සමත් එකක් ද නොවේ. චිත්තය දක්නේ එකට බැඳී ඝනව පවත්නා රූප කලාප සමූහයන් එක් එක් දෙයක් ලෙසය. චිත්තයට දැනෙන්නේ පටන් ගත් තැන සිට සමුද්‍රය දක්වා ගඟක ඇති ජලස්කන්ධය එක දෙයක් ලෙස ය. සවස් කාලයේ දල්වන ලදුව මධ්‍යම රාත්‍රිය දක්වා පවත්නා පහන් සිළුව එක් දෙයක් ලෙස ය. අද පවත්නා වූ ද අවුරුදු ගණනකට පෙර පැවැතියා වූ ද තමාගේ ශරීරය එක් දෙයක් ලෙස ය. උත්පත්තියේ පටන් මරණය දක්වා පවත්නා සිත් පරම්පරාව එක් සිතක් ලෙසය. සිත දක්නේ නාම රූප ධර්මයන් පිළිබඳ වූ සමූහ සන්තති ප්‍රඥප්ති දෙක ය. එබැවින් සිතට වස්තූන් මිස පරමාර්ථ ධර්ම දැනෙන්නේ නැත. සන්තතිය මිස ඉපදීම් පෙනෙන්නේ නැත. එබැවින් සිත අනිත්‍ය වූ නාමරූප ධර්මයන් නිත්‍ය ඒවා ලෙස දකී. ඒ චිත්ත විපර්‍ය්‍යාසය ය. සිත එසේ ස්කන්ධයන් වරදවා ගත් කල්හි ඒ නාම රූප ධර්ම මමය, සත්ත්වයාය, නැතහොත් සත්ත්වයාගේ සාරය බලන තැනැත්තාය, අසන තැනැත්තාය කියා වරදවා තදින් ගන්නා ස්ථිර වශයෙන් ගන්නා දෘෂ්ටි ඇති වේ. ඒ දෘෂ්ටි විපර්‍ය්‍යාසය ය. සංඥාව දුබලය. එය තමා විසින් ම යම්කිසිවක් නිත්‍යාදි වශයෙන් වරදවා හෝ නිත්‍යාදි වශයෙන් සත්‍ය ලෙස හෝ ගැනීමට සමත් ධර්මයක් නො වේ. පඤ්චස්කන්ධය නිත්‍ය ය යි ගන්නා සිත හා එක්වීමෙන් ද දෘෂ්ටිය හා එක්වීමෙන් ද සංඥාව ද අනිත්‍ය හා නිත්‍ය වශයෙන් ගනී. එසේ ගන්නා සංඥාව, සංඥා විපර්‍ය්‍යාස ය. යම්කිසි කරුණක් ගැන ඇති වූ සංඥාව කලින් දුබල වුව ද කල් යාමෙන් ස්ථිර වී, දුරු කළ නො හෙන තත්ත්වයට පැමිණේ. සත්ත්වයාට සසරින් නො මිදිය හැකිව ඇත්තේ මේ සංඥා චිත්ත දෘෂ්ටි විපර්‍ය්‍යාසයන් නිසා ය. සත්ත්වයා තුළ ඒවා ඇති තාක් ඔහු සංසාර චක්‍රයේ කැරකෙන්නේ ය. විදර්ශනා භාවනාව ඇත්තේ මේ විපර්‍ය්‍යාසයන් ප්‍රහාණය කිරීම පිණිස ය. විදසුන් වඩා විපර්‍ය්‍යාසයන් ප්‍රහාණය කොට සසර දුකින් මිදෙත්වා!”