84. ගාථා දහයේ ගුණනාම සීයක්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. දන්නවා නම් "උපාලි ගෘහපතිතුමා" විසින් කියන ලද එක් ගාතාවකට බුදුහිමියන්ගේ නම් දහය බැගින් ඇතුලත් ගාථා දහය ලබා දෙන්නකෝ. මම අන්තර්ජාලයේ ත්‍රිපිටකයෙන් හොයාගන්න ගොඩාක් උත්සාහ කරා. ඒක හොයාගන්න අමාරුයි. බොහොම පින්. තෙරුවන් සරනයි!

A. [1] “මම, පණ්ඩිතවූ, පහවූ මෝහය ඇති විශේෂයෙන් බිඳිනලද පඤ්චචෙතොඛිල (පස්වැදෑරුම් හිතේ උල්) ඇති මාරයන් පරදවා ලබනලද විජය ඇති, නිදුක්වූ මනා සමවූ සිත් ඇති, වැඩුනාවූ ආචාර සිල් ඇති යහපත් ප්‍රඥා ඇති රාගාදී විෂම තරණය කළාවූ රාගාදීමල රහිතවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

[2] මම, සැක නැත්තාවූ සතුටු සිත් ඇත්තාවූ වමාරණ ලද කාම ගුණ ඇති, මෘදුවූ, කරනලද මහණදම් ඇති, අසහාය මනුෂ්‍යවූ අන්තිම ශරීරය ඇති මනුෂ්‍යවූ, උපමා රහිතවූ, පහවූ රාගාදි රජස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

[3] මම, සැක රහිතවූ දක්ෂවූ සත්වයන් හික්මවන්නාවූ උතුම් සාර්ථවාහකයෙකු බඳුවූ නිරුත්තරවූ පවිත්‍ර ධර්ම ඇත්තාවූ සැක රහිතවූ ආලෝක කරන්නාවූ සිඳින ලද මානය ඇත්තාවූ වීර්‍ය්‍ය සම්පන්නවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

[4] “මම, නිසභවූ (සියල්ලන්හට ශ්‍රේෂ්ඨවූ) ප්‍රමාණ රහිතවූ ගුණයෙන් ගැඹුරුවූ, නුවණට පැමිණියාවූ නිර්භය කරන්නාවූ ඤාණය ඇත්තාවූ, ධර්මයෙහි පිහිටියාවූ සංවර කරනලද ආත්මය ඇති, රාගාදී කෙලෙස් පහකළාවූ කෙලෙසුන්ගෙන් මිදුනාවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

[5] “මම කරුණු සතරකින් ශ්‍රේෂ්ඨවූ, වනසෙනසුන් ඇත්තාවූ, විනාශ කරන ලද සංයෝජන ඇත්තාවූ, මිදුනාවූ, ප්‍රතිමන්ත්‍රණ ප්‍රඥාවෙන් යුක්තවූ, සෝදාහළ කෙලෙස් ඇත්තාවූ, මානය නැති කළාවූ, පහවූ රාග ඇති, දමනයවූ, ප්‍රපඤ්ච රහිතවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

[6] “මම, සත්වන ඍෂිවූ, කුහකනොවූ, ත්‍රිවිද්‍යා ඇත්තාවූ, ශ්‍රේෂ්ඨ බවට පැමිණියාවූ, සෝදාහළ කෙලෙස් ඇති, ගාථා පදකිරීමෙහි දක්ෂවූ, සැහැල්ලුවූ, දන්නාලද නුවණ ඇති, සියල්ලන්ට පළමු ධර්මදානය දුන්නාවූ, සමර්ථවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

[7] “මම, ආර්‍ය්‍යවූ, වඩනාලද සිත් ඇති, පැමිණියයුතු ගුණයන්ට පැමිණියාවූ, විස්තරකොට අර්ථ ප්‍රකාශකරන්නාවූ, සිහි ඇත්තාවූ, විශේෂයෙන් දක්නා නුවණ ඇති, අර්හත්වූ, දුෂ්ටනොවූ, තෘෂ්ණා රහිතවූ, වසඟභාවයට පැමිණියාවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

[8] “මම, යහපත් මාර්ගයට පැමිණියාවූ, ධ්‍යාන ඇත්තාවූ, කෙලෙසුන් විසින් අනුමානය නොකරණලද සිත් ඇත්තාවූ, පිරිසිදුවූ, නොබැඳුනාවූ, ප්‍රහීණ නොවූ, උතුම් විවේකය ඇත්තාවූ, අග්‍ර බවට පැමිණියාවූ, තෙමේ එතෙරවූ, අනුන් එතෙර කරන්නාවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

[9] “මම, සාන්තවූ, පොළොවක් මෙන් පතළාවූ නුවණ ඇති, මහත්වූ ප්‍රඥා ඇති, පහව ගියාවූ ලෝභ ඇති, තථාගතවූ, මනා ගමන් ඇති, සමාන පුද්ගලයන් නැත්තවූ, අසමවූ, විශාරදවූ, නිපුණවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

[10] “මම, සිඳිනලද තෘෂ්ණා ඇති, චතුස්සත්‍යය අවබෝධ කළාවූ, පහවූ කෙලෙස් දුම් ඇති, තෘෂ්ණාදෘෂ්ටි තැවරීම් වලින් නොතැවරුණාවූ, පූජා පිළිගැනීමට සුදුසු වූ, ආනුභා සම්පන්නවූ, උත්තම පුද්ගලවූ, අසමවූ, මහත් වූ, යසසින් අග පැමිණියාවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි”යි (කීයේය.)


‘‘ධීරස්ස විගතමොහස්ස, පභින්නඛීලස්ස විජිතවිජයස්ස;
අනීඝස්ස සුසමචිත්තස්ස, වුද්ධසීලස්ස සාධුපඤ්ඤස්ස;
වෙසමන්තරස්ස (වෙස්සන්තරස්ස (සී. පී.)) විමලස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘අකථංකථිස්ස තුසිතස්ස, වන්තලොකාමිසස්ස මුදිතස්ස;
කතසමණස්ස මනුජස්ස, අන්තිමසාරීරස්ස නරස්ස;
අනොපමස්ස විරජස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘අසංසයස්ස කුසලස්ස, වෙනයිකස්ස සාරථිවරස්ස;
අනුත්තරස්ස රුචිරධම්මස්ස, නික්කඞ්ඛස්ස පභාසකස්ස (පභාසකරස්ස (සී. ස්‍යා. පී.));
මානච්ඡිදස්ස වීරස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘නිසභස්ස අප්පමෙය්‍යස්ස, ගම්භීරස්ස මොනපත්තස්ස;
ඛෙමඞ්කරස්ස වෙදස්ස, ධම්මට්ඨස්ස සංවුතත්තස්ස;
සඞ්ගාතිගස්ස මුත්තස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘නාගස්ස පන්තසෙනස්ස, ඛීණසංයොජනස්ස මුත්තස්ස;
පටිමන්තකස්ස (පටිමන්තස්ස (ක.)) ධොනස්ස, පන්නධජස්ස වීතරාගස්ස;
දන්තස්ස නිප්පපඤ්චස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘ඉසිසත්තමස්ස අකුහස්ස, තෙවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස;
න්හාතකස්ස (නහාතකස්ස (සී. ස්‍යා. පී.)) පදකස්ස, පස්සද්ධස්ස විදිතවෙදස්ස;
පුරින්දදස්ස සක්කස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘අරියස්ස භාවිතත්තස්ස, පත්තිපත්තස්ස වෙය්‍යාකරණස්ස;
සතිමතො විපස්සිස්ස, අනභිනතස්ස නො අපනතස්ස;
අනෙජස්ස වසිප්පත්තස්ස, භගවතො තස්ස සාවකොහමස්මි .
‘‘සමුග්ගතස්ස (සම්මග්ගතස්ස (සී. ස්‍යා. පී.)) ඣායිස්ස, අනනුගතන්තරස්ස සුද්ධස්ස;
අසිතස්ස හිතස්ස (අප්පහීනස්ස (සී. පී.), අප්පභීතස්ස (ස්‍යා.)), පවිවිත්තස්ස අග්ගප්පත්තස්ස;
තිණ්ණස්ස තාරයන්තස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘සන්තස්ස භූරිපඤ්ඤස්ස, මහාපඤ්ඤස්ස වීතලොභස්ස;
තථාගතස්ස සුගතස්ස, අප්පටිපුග්ගලස්ස අසමස්ස;
විසාරදස්ස නිපුණස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘තණ්හච්ඡිදස්ස බුද්ධස්ස, වීතධූමස්ස අනුපලිත්තස්ස;
ආහුනෙය්‍යස්ස යක්ඛස්ස, උත්තමපුග්ගලස්ස අතුලස්ස;
මහතො යසග්ගපත්තස්ස, භගවතො තස්ස සාවකොහමස්මී’’ති.

A. (1) ධීර වු හෙවත් පාණ්ඩිත්‍යයෙන් සමන්‍වාගත වූ, විගත වූ මොහ ඇති, බිඳුනා ලද පඤ්චචෙතොඛිල ඇති, දිනන ලද මෘත්‍යුමාරාදි මාරවිජය ඇති, ක්ලේශදුඃඛයෙන් හා විපාකදුඃඛයෙන් නිදුක් වූ, දෙව්මිනිසුන් කෙරෙහි මෙනොවට සමමෙත් ඇති, වැඩූ ආචාර ශීල ඇති, සුන්‍දරප්‍රඥා ඇති, රාගාදි විෂමය තැරැසිටි, විගතවූ රාගාදි මල ඇති, ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි. (‘ඔබ මාගේ ශ්‍රාස්තෘ වූහ’යි යූ සේ යි.)
(2) අකථංකථී වූ, තුටුසිත් ඇති, වමාළ කාමගුණ ඇති, මුදිතාවිහාරවශයෙන් සතුටු වූ, කරනලද මහණදම් ඇති, මනුජ වූ අන්තිමදේහධාරී වු, උත්තම නර වූ අනූපගම වූ, විගත කෙලෙස්රජස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(3) ශංසය රහිත වූ නිපුණ වූ සත්‍වයන් විනයනය කරනු වූ උත්තම සාරථි වූ අනුත්තර වූ පවිත්‍රධර්‍ම ඇති නිශ්ශඬ්ක වූ ඔභාසකර වූ සිඳින ලද මාන ඇති වීර වූ ඒ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(4) අප්‍රතිසමාර්‍ත්‍ථයෙන් නිසභ වූ අප්‍රමෙය වූ ගම්භීර වූ මෝන සඞ්ඛ්‍යාත ඥානයට පැමිණි ක්‍ෂේමකර වූ වේද සඞ්ඛ්‍යාත ඥානයෙන් සමන්‍වාගත වූ ධර්‍මයෙහි පිහිටා සිටි සංවෘත වූ සිත් ඇති ක්ලෙශසඬ්ගයන් ඉක්මැ සිටි වීර වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(5) සියුකරුණෙන් නාග වූ ප්‍රාන්තශයනාසන ඇති ක්‍ෂීණ වූ සංයෝජන ඇති කෙලෙසුන් කෙරෙන් මිදුණු ප්‍රතිමන්ත්‍රණ ප්‍රඥායෙන් සමන්‍වාගත වූ ධොන සඞ්ඛ්‍යාත ඥානයෙන් සමන්‍වාගත වූ පතිත මානධ්වජ ඇති වීතරාග වූ නිර්විශෙවන වූ ක්ලේශ ප්‍රපඤ්ච රහිත වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(6) සප්තමර්ෂී වූ කුහන නො වූ ත්‍රිවිද්‍යා ඇති ශ්‍රේෂ්ඨස්ථානයට පැමැණි දෙවූ කෙලෙස් ඇති ගාථාපද කරණයෙහි කුශල වූ සන්හුන් කායචිත්ත ඇති විදිත වූ ඥාන ඇති හැමට පළමු කොට ධර්‍මදාන දායක වූ ශක්‍ය වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(7) ආර්‍ය්‍ය වූ වැඩූ සිත් ඇති පැමැණියයුතු ගුණයට පැමිණි විස්තර කොට අර්‍ත්‍ථ දක්වන ස්මෘතිමත් වූ විදර්‍ශක වූ අර්‍හත් වූ අදුෂ්ට වූ තෘෂ්ණා රහිත වූ වශීප්‍රාප්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(8) සම්‍යග්ගත වූ ධ්‍යායී වූ කෙලෙසුන් විසින් අනුගත නො වූ සිත් ඇති ශුද්ධ වූ අබද්ධ වූ අප්‍රහීන වූ ප්‍රවිවේක ඇති අග්‍රප්‍රාප්ත වූ තරණය කළ චතුරොඝ ඇති අනුන් තරණය කරවන ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(9) ශාන්ත වූ, පොළොව සෙයින් පතළ ප්‍රඥා ඇති මහාප්‍රඥායෙන් යුක්ත වූ පහ කළ ලොභ ඇති තථාගත වූ අප්‍රතිපුද්ගල වූ අසම වූ විශාරද වූ නිපුණ වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(10) බිඳලූ තෘෂ්ණා ඇති චතුස්සත්‍යාවබොධ කළ පහ කළ කෙලෙස්දුම් ඇති කෙලෙසුන් විසින් උපලිප්ත නො වූ ආහුති පිළිගන්නට නිසි (අනුභාව වශයෙන්) යක්‍ෂ වූ උත්තම පුද්ගල වූ අතුල වූ මහත් වූ අගපත් යශස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

1. ධීරස‍්ස විගතමොහස‍්ස පභින‍්නඛිලස‍්ස විජිතවිජයස‍්ස,
අනීඝස‍්ස සුසමචිත‍්තස‍්ස වුද‍්ධසීලස‍්ස සාධුපඤ‍්ඤස‍්ස,
වෙස‍්සන‍්තරස‍්ස1 විමලස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.
2. අකථංකථිස‍්ස තුසිතස‍්ස වන‍්තලොකාමිසස‍්ස මුදිතස‍්ස,
කතසමණස‍්ස මනුජස‍්ස අන‍්තිමසාරීරස‍්ස නරස‍්ස,
අනොපමස‍්ස විරජස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.
3. අසංසයස‍්ස කුලස‍්ස වෙනයිකස‍්ස සාරථිවරස‍්ස,
අනුත‍්තරස‍්ස රුචිරධම‍්මස‍්ස නික‍්කඞ‍්ඛස‍්ස පභාසකරස‍්ස,
මානච‍්ඡිදස‍්ස වීරස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.
4. නිසභස‍්ස අප‍්පමෙය්‍යස‍්ස ගම‍්භීරස‍්ස මොනපත‍්තස‍්ස,
ඛෙමඞ‍්කරස‍්ස දෙවස‍්ස ධම‍්මට‍්ඨස‍්ස සංවුතත‍්තස‍්ස,
සඞ‍්ගාතිගස‍්ස මුත‍්තස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.
5. නාගස‍්ස පන‍්තසෙනස‍්ස ඛීණසංයොජනස‍්ස මුත‍්තස‍්ස,
පටිමන‍්තකස‍්ස ධොනස‍්ස පන‍්නද‍්ධජස‍්ස වීතරාගස‍්ස,
දන‍්තස‍්ස නිප‍්පපඤ‍්චස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.
6. ඉසිසත‍්තමස‍්ස අකුහස‍්ස තෙවිජ‍්ජස‍්ස බ්‍රහ‍්මපත‍්තස‍්ස,
නහාතකස‍්ස2 පදකස‍්ස පස‍්සද‍්ධස‍්ස
විදිතවෙදස‍්ස,පුරින්‍දදස‍්ස සක‍්කස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.
7. අරියස‍්ස භාවිතත‍්තස‍්ස පත‍්තිපත‍්තස‍්ස වෙය්‍යාකරණස‍්ස,
සතීමතො විපස‍්සිස‍්ස අනභිනතස‍්ස නො අපනතස‍්ස,
අනෙජස‍්ස වසිප‍්පත‍්තස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.
8. සම‍්මග‍්ගතස‍්ස ඣායිස‍්ස අනනුගතන‍්තරස‍්ස සුද‍්ධස‍්ස,
අසිතස‍්ස අප‍්පහීනස‍්ස3 පවිවිත‍්තස‍්ස අග‍්ගපත‍්තස‍්ස,
තිණ‍්ණස‍්ස තාරයන‍්තස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.
9. සන‍්තස‍්ස භූරිපඤ‍්ඤස‍්ස මහාපඤ‍්ඤස‍්ස වීතලොභස‍්ස,
තථාගතස‍්ස සුගතස‍්ස අප‍්පටිපුග‍්ගලස‍්ස අසමස‍්ස;
විසාරදස‍්ස නිපුණස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.

“ධීරස්ස විගතමොහස්ස, පභින්නඛීලස්ස විජිතවිජයස්ස;
අනීඝස්ස සුසමචිත්තස්ස, වුද්ධසීලස්ස සාධුපඤ්ඤස්ස;
වෙසමන්තරස්ස  විමලස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
“අකථංකථිස්ස තුසිතස්ස, වන්තලොකාමිසස්ස මුදිතස්ස;
කතසමණස්ස මනුජස්ස, අන්තිමසාරීරස්ස නරස්ස;
අනොපමස්ස විරජස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
“අසංසයස්ස කුසලස්ස, වෙනයිකස්ස සාරථිවරස්ස;
අනුත්තරස්ස රුචිරධම්මස්ස, නික්කඞ්ඛස්ස පභාසකස්ස ;
මානච්ඡිදස්ස වීරස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
“නිසභස්ස ¶ අප්පමෙය්‍යස්ස, ගම්භීරස්ස මොනපත්තස්ස;
ඛෙමඞ්කරස්ස වෙදස්ස, ධම්මට්ඨස්ස සංවුතත්තස්ස;
සඞ්ගාතිගස්ස මුත්තස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
“නාගස්ස ¶ පන්තසෙනස්ස, ඛීණසංයොජනස්ස මුත්තස්ස;
පටිමන්තකස්ස  ධොනස්ස, පන්නධජස්ස වීතරාගස්ස;
දන්තස්ස නිප්පපඤ්චස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
“ඉසිසත්තමස්ස අකුහස්ස, තෙවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස;
න්හාතකස්ස  පදකස්ස, පස්සද්ධස්ස විදිතවෙදස්ස;
පුරින්දදස්ස සක්කස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
“අරියස්ස භාවිතත්තස්ස, පත්තිපත්තස්ස වෙය්‍යාකරණස්ස;
සතිමතො විපස්සිස්ස, අනභිනතස්ස නො අපනතස්ස;
අනෙජස්ස වසිප්පත්තස්ස, භගවතො තස්ස සාවකොහමස්මි ¶.
“සමුග්ගතස්ස  ඣායිස්ස, අනනුගතන්තරස්ස සුද්ධස්ස;
අසිතස්ස හිතස්ස , පවිවිත්තස්ස අග්ගප්පත්තස්ස;
තිණ්ණස්ස තාරයන්තස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
“සන්තස්ස භූරිපඤ්ඤස්ස, මහාපඤ්ඤස්ස වීතලොභස්ස;
තථාගතස්ස සුගතස්ස, අප්පටිපුග්ගලස්ස අසමස්ස;
විසාරදස්ස නිපුණස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
“තණ්හච්ඡිදස්ස බුද්ධස්ස, වීතධූමස්ස අනුපලිත්තස්ස;
ආහුනෙය්‍යස්ස යක්ඛස්ස, උත්තමපුග්ගලස්ස අතුලස්ස;
මහතො යසග්ගපත්තස්ස, භගවතො තස්ස සාවකොහමස්මී”ති.

A.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll