105. සිත දියුණු කරන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සිතෙ ස්වභාවය අරමුණු අල්ලා ගැනිම නම් ඇයි අපි සිත දියුණු කරන්න උත්සහා කරන්නේ (භාවනා කිරිම වැනි). නිර්වාණ චිත්‍තයත් සිතින්ම අරමුණු කරනා දෙයක්ද? කරැනාවෙන් පහදන්න.

A. # සිතේ ස්වභාවය “වැරදි/අකුසල් අරමුණු” වැඩි වැඩියෙන් අල්වා ගැනීමයි - අවසන, දුක් විපාක හා දුගතිය ලබා දේ.

# භාවනාවෙන් (සිත කුසල් අරමුණුවල හුරු කිරීමෙන්) කරනුයේ, “හරි/කුසල් අරමුණු” වැඩි වැඩියෙන් අල්වා ගැනීමට හිත පුහුණු කිරීමයි - අවසන, සැප විපාක, සුගතිය, ඒ ඒ මට්ටමෙන් නිවන හා නිර්වාණය ලබා දේ.

# සෝවාන් ආදී “ඵල චිත්තයක්” (ඵල සිතක්) ද නිර්වාණය ද සිතින් ම අරමුණු කරනු ලැබේ.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll