139. එක සතිපට්ඨානයක් වැඩුවම ඇති ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බුදුන්වහන්සේ වදාලේ කෙනෙකු සතරසතිපට්ඨානය වැඩීමේඩ් දී එක් අන්ගයක් තෝරාගෙන කිරීමටද කොටස් 4ම කිරීමට ද? ධර්මයේ සදහන් වන්නෙ කෙසේද ?

A. “අටුවාවල වනාහි සරණ වශයෙන් ද එකක්ව එකතු කිරීම් වශයෙන් ද සතිපට්ඨාන එකක් ම වේ. අරමුණ වශයෙන් සතරක් යයි මෙය කියන ලදී. යම්සේ දොරටු සතරක් ඇති නගරයෙහි නැගෙනහිරින් එන්නේ නැගෙනහිර උපදවන භාණ්ඩ රැගෙන නැගෙනහිර දොරටුවෙන් නගරයට පිවිසෙති, දකුණු දිසාවෙන් බටහිර දිසාවෙ උතුරු දිසාවෙන් එන්නෝ ඒ ඒ දිසාවේ උපදවන භාණ්ඩ රැගෙන ඒ ඒ දිසාවේ දොරටුවලින් නගරයට පිවිසෙති. නිවන නගරය මෙනි. කායාදි සතිපට්ඨායාන සතර, සතර දිසාවේ දොරටු මෙනි. අරි අටැඟි මග, ලෝකෝත්තර මාර්ගය දොරවල් මෙනි.

පෙරදිගින් එන්නෝ පෙරදිග උපයන භාණ්ඩ රැගෙන පෙරදිග දොරටුවෙන් නගරයට පිවිසෙන්නාක් මෙන් කායානුපස්සනාවෙන් එන්නා තුදුස් ආකාර කායානුපස්සනාව වඩා කායානුපස්සනා භාවනාවේ ආනුභාවයෙන් නිපදවන, ආර්ය මාර්ගයෙන් එකම නිවණට බැසගනී. යම්සේ දකුණු දිසාවෙන් එන්නා දකුණු දිසාවේ උපදවන භාණ්ඩ රැගෙන දකුණු දොරටුවෙන් නගරයට පිවිසෙයි. මෙසේ වේදනානු පස්සනාව අනුව පැමිණෙන්නා නවවිධ වේදනානුපස්සනාව වඩා වේදනානුපස්සනා ආනුභාවයෙන් නිපදවන ලද ආර්ය මර්ගයෙන් එකම නිවනට පිවිසේ. බටහිර දිසාවෙන් පැමිණෙන්නා බටහිර දිසාවේ උපදවන භාණ්ඩ රැගෙන බටහිර දොරටුවෙන් නගරයට පිවිසේ. එසේ චිත්තානුපස්සනාව අනුව එන්නා සොළොස් ආකාර චිත්තානුපස්සනාව වඩා චිත්තානුපස්සනා භාවනාවේ ආනුභාවයෙන් නිවන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට පිවිසේ. උතුරු දිසාවෙන් එන්නා උතුරු දිසාවේ නිපදවන භාණ්ඩ රැගෙන උතුරු දොරටුවෙන් නගරයට පිවිසේ. එසේ ධම්මානුපස්සනාව අනුව පැමිණෙනා පස් ආකාර ධම්මානුපස්සනාව වඩා ධම්මානුපස්සනා භාවනා ආනුභාවයෙන් නිවන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට පිවිසේ. මෙසේ සරණ වසයෙන් මෙන්ම එකට එකතු කිරීම් වශයෙන් ද එකම සතිපට්ඨානය අරමුණු වශයෙන් සතරක් ද කියන ලදැයි දත යුතුය.”


"අට්ඨකථාවෙහි වනාහි හැසිරීම් වශයෙන් ද එක්තැනක එක්රැස්වීම් වශයෙන් ද, එකක්ම වූ සතිපට්ඨානය අරමුණු වශයෙන් සතරක් වීයයි මෙතෙක් කියන ලදී. ඒ එසේමැයි. දොරටු සතරක් ඇති නගරයෙහි පැදුම් දිගින් පැමිණෙන මිනිස්සු පැදුම්දිග උපදින්නා වූ බඩු ගෙන පැදුම් දොරින් යම්සේ නුවරට පිවිසෙත් ද, දකුණු දිගින් - පෑළ දිගින් - උතුරු දිගින් - උතුරුදිග උපදින බඩුගෙන උතුරු දොරටුවෙන් නුවරට පිවිසෙත් ද, මේ කරුණින් මෙබඳු උපමා ඇත්තේ යයි දතයුතුය.

එය එසේමැයි. නිවන නගරයක් මෙනි. ආර්ය අෂ්ටාංගික වූ ලොව්තුරුමග මහත් වූ දොර මෙනි. කායාදීහු ප්‍රාචීන දිශාදීන් මෙනි.

පැදුම් දිගින් පැමිණෙන මිනිස්සු පැදුම්දිග උපදින බඩුගෙන පැදුම් දොරටුවෙන් යම්සේ නුවරටම පිවිසෙත් ද එසේම කායානුපස්සනා ද්වාරයෙන් පැමිණෙන්නාහු තුදුස් ප්‍රකාරයකින් කායානුපස්සනා සතිපට්ඨානය භාවනාකොට කායානුපස්සනා භාවනා බලයෙන් උපන්නා වූ ආර්ය මාර්ගයෙන් එකම නිවනට වදනාහුය.

දකුණු දිගින් පැමිණෙන්නාහු දකුණු දිග උපදනා බඩුගෙන දකුණු දිගින්ම නුවරට වදිත් ද, එපරිද්දෙන් වේදනානුපස්සනා ද්වාරයෙන් පැමිණෙන්නාහු නවප්‍රකාරයකින් වේදනානුපස්සනා සතිපට්ඨාන භාවනාව වඩා එයින් උපන්නා වූ ආර්ය මාර්ගයෙන් නිවනටම වදනාහුය.

පෑලදිගින් එන්නහු පෑලදිග උපදිනා බඩුගෙන පෑලදොරින් යම්සේ නුවරට වදිත් ද, එපරිද්දෙන් චිත්තානුපස්සනා භාවනා ද්වාරයෙන් පැමිණෙන්නාහු. සොලොස් ප්‍රකාරයකින් චිත්තානුපස්සනා භාවනාව වඩා, චිත්තානු භාවනා බලයෙන් උපන් ආර්ය මාර්ගයෙන් හුදු නිවන් පුරයටම වදනාහුය.

උතුරුදිගින් පැමිණෙන මිනිස්සු උතුරු දෙස උපදින බඩුගෙන උතුරු දොරින් යම්සේ නුවරට පිවිසෙත්ද එපරිද්දෙන්ම, ධම්මානුපස්සනා දොරටුවෙන් පැමිණෙන හික්මෙන ජනයෝ පංචප්‍රකාර වූ ධම්මානුපස්සනා සතිපට්ඨානය භාවනාකොට එයින් උපන් ආර්ය මාර්ගයෙන් නිර්වාණයටම වදනාහුය.

මෙසේ හැසිරීම් වශයෙන් ද එක්තැනක රැස්වීම් වශයෙන් ද එකක්ව සතිපට්ඨානය අරමුණු වශයෙන් සතරක්ම කොට වදාරණ ලද්දාහු යයි දතයුතුය.”


Q. ඉහත විස්තරය පරිදි මට හැගෙන්නේ නිවන කියන නගරයට ඇතුළු විය හැකි දොරටු 4ක් බවයි සතරසතිපට්ටනයේ එක් එක් අංග. එනම් කායානුපස්සනාව පමණක් වැඩිම මගින් නිවනට යා හැකි බවයි. නමුත් මේ පොතේ (ඉහත ම පින්තූරයේ) තිබෙන දේ පටහැනියි නේද?

A. නැහැ; එක්  සතිපට්ඨානයක් මුල් (ප්‍රධාන) කරගැනීම් අර්ථය අටුවාවෙන් ද ලැබෙන බව පෙනේ.

“සතර සතිපට්ඨානයන්හි පිහිටි සිත් ඇත්තාහු කායානුපස්සනාදිය මුල්කොට ගැනීමෙන් සමථ විදර්ශනා භාවනාවන්හි යෙදුණාහු යන අර්ථයි.”

["චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තා කායානුපස්සනාදිමුඛෙන සමථවිපස්සනාභාවනානුයුත්තාති අත්ථො."]

{කායානුපස්සනාමුඛෙන | කායානුපස්සනාදිමුඛෙන}

T. "ඉඳින් මෙසේ කුමක් හෙයින් සතිපට්ඨානා යයි බහු වචනය වේද? ආරම්මන භේදයෙන් බොහෝ තිබෙන නිසා, මග්ගො යයි කුමක් හෙයින් ඒක වචන වීද? මාර්ග අර්ථයෙන් එකක් නිසා, මේ සිහිය සතරාකාර වූවද මාර්ග අර්ථයෙන් එකක් ම වේ. මෙය කියන ලදි. කුමන අර්ථයකින් මාර්ගවේද? නිවන් ගමන අර්ථයෙන් නිවන් කැමැත්තවුන් විසින් මාර්ග නියම අර්ථයෙන් හෝ චේතනා සතර පසුව කායාදි කෘත්‍ය සිදුකරමින් නිවනට යයි. මුල සිටම නිවන කැමත්තවුන් විසින් මාර්ගයේ යනු ලැබෙයි. එහෙයින් හතරම එකම මාර්ග යයි කියනු ලැබේ. මෙසේ ඇති කල්හි ද වචනයෙන් සම්බන්ධ කිරීමෙන් සම්බන්ධය සහිත වූ දේශනා වේ. “මහණෙනි, ඔබලාට මාරසේනාව මර්දනය කළ මාර්ගය දේශනා කරන්නෙමි. එය අසන්න... මහණෙනි, මාරසේනාව මර්දනය කළ මාර්ගය කුමක්ද? එය මේ සප්ත බොජ්ඣංගය” යි ආදියෙහි මෙන් මාරසේනා මර්දනය ද සත්ත බොජ්ඣංගය ද අර්ථ වශයෙන් එකය. මෙහි වචන පමණක් වෙනස් වේ. මෙසේ ඒකායන මාර්ගය ද සතර සතිපට්ඨානය ද අර්ථ වශයෙන් එකය. වචන පමණක් වෙනස් වේ. එහෙයින් මාර්ග අර්ථයෙන් එකක් නිසා ඒක වචනය, අරමුණු භේදය ඇති කල්හි බොහෝ වන බැවින් බහු වචන වේ යයි ද දත යුතුයි."


"යදි එවං කස්මා “සතිපට්ඨානා”ති බහුවචනං? සතිබහුත්තා. ආරම්මණභෙදෙන හි බහුකා එතා සතියො. අථ මග්ගොති කස්මා එකවචනං? මග්ගට්ඨෙන එකත්තා. චතස්සොපි හි එතා සතියො මග්ගට්ඨෙන එකත්තං ගච්ඡන්ති. වුත්තඤ්හෙතං – “මග්ගොති කෙනට්ඨෙන මග්ගො? නිබ්බානගමනට්ඨෙන. නිබ්බානත්ථිකෙහි මග්ගනීයට්ඨෙන චා”ති. චතස්සොපි චෙතා අපරභාගෙ කායාදීසු ආරම්මණෙසු කිච්චං සාධයමානා නිබ්බානං ගච්ඡන්ති, ආදිතො පට්ඨාය ච නිබ්බානත්ථිකෙහි මග්ගියන්ති, තස්මා චතස්සොපි එකො මග්ගොති වුච්චන්ති. එවඤ්ච සති වචනානුසන්ධිනා සානුසන්ධිකාව දෙසනා හොති, “මාරසෙනප්පමද්දනං, වො භික්ඛවෙ, මග්ගං දෙසෙස්සාමි, තං සුණාථ…පෙ… කතමො ච, භික්ඛවෙ, මාරසෙනප්පමද්දනො මග්ගො? යදිදං සත්ත බොජ්ඣඞ්ගා”තිආදීසු (සං· නි· 5.224) විය. යථා මාරසෙනප්පමද්දනොති ච, සත්ත බොජ්ඣඞ්ගාති ච අත්ථතො එකං, බ්‍යඤ්ජනමෙවෙත්ථ නානං ¶. එවං “එකායනමග්ගො”ති ¶ ච “චත්තාරො සතිපට්ඨානා”ති ච අත්ථතො එකං, බ්‍යඤ්ජනමෙවෙත්ථ නානං, තස්මා මග්ගට්ඨෙන එකත්තා එකවචනං. ආරම්මණභෙදෙන සතිබහුත්තා බහුවචනං වෙදිතබ්බං."

A / T. “... මෙසේ කයෙහි කායානුදර්ශීව වාස කරනුවහුට සතර සීවටන්හු භාවනායෙන් පිරීමට යෙති. කවර කරුණින යත්: සතර ඉනිද්‍රියයන්ගේ සමානලක්‍ෂණත්‍වය හෙයිනි. සතර සීවටන් වැඩෙන කල්හි සතර සම්‍යක්ප්‍රධානයෝ භාවනායෙන් පිරීමට යෙති. සතර සම්‍යක්ප්‍රධානයන් වැඩෙත්ම සතරඍද්ධිපාදයෝ භාවනායෙන් පිරීමට යෙත්. සතර ඍද්ධිපාදයන් වැඩෙත් ම පඤ්චේන්‍ද්‍රියයෝ භාවනායෙන් වැඩීමට යෙති. පඤ්චේන්‍ද්‍රියයන් වැඩෙත් ම පඤ්ච බලයෝ භාවනායෙන් පිරීමට යෙති. පඤ්චබලයන් වැඩෙත්ම සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවනායෙන් පිරීමට යෙති. සප්ත බෝධ්‍යඞ්ගයන් වැඩෙත් ම ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙයි, ආර්‍ය්‍යයමාර්‍ගඥානබෝධයට යන බෝධිපාක්‍ෂික වු හැම ධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙත්. කවර කරුණින යත්: බෝධඞ්ගම වූ බෝධිපාක්‍ෂික වු හැම ධර්‍මයෝ නෛර්‍ය්‍යාණික ස්වභාවයෙන් සමානලක්‍ෂණ වූවාහු ද එහෙයිනි. ඒ දහම්හු සමානලක්‍ෂණ හෙයින් භාවනායෙන් වැඩීමට යෙත්.

මෙසේ අකුශලධර්‍මයෝ ද (පහානෙකට්ඨතා විසින්) සමාන ලක්‍ෂණ ඇති බැවින් ප්‍රහාණයට නැසීමට යෙති: සතර සීවටන් වඩනු ලබත් මැ (අශුභයෙහි ශුභ යැ යනාදි) සතර විපල්ලාසයෝ ප්‍රහීණ වෙති. ඔහුට සතර ආහාරයෝ ද පරිඥානයට යෙති. කාමාදි සතර උපාදානයෙන් උපාදාන රහිත වූයේ වෙයි, සතර යෝගයන්ගෙනුදු විසංයුක්ත වෙයි, සතර ග්‍රන්‍ථයන්ගෙනුදු විප්‍රයුක්ත වෙයි, කාමාදි ආස්‍රවයන්ගෙනුදු අනාස්‍රව වෙයි. සතර ඕඝයන්ගෙනුදු උත්තීර්‍ණ වූයේ වෙයි, ශල්‍යයන්ගෙනුදු විගතශල්‍ය වෙයි, ඔහුට සතර විඥානස්ථිතිහු ද පරිඥානයට යෙති, ඡන්‍දාදි අගතිගමනයෙනුදු අගතියට නොයෙයි. මෙසේ අකුශලධර්‍මයෝ ද සමාන ලක්‍ෂණ බැවින් ප්‍රහාණයට අභ්‍යස්තයට යෙත්.”


“..එවං කායෙ කායානුපස්සිනො විහරතො චත්තාරො සතිපට්ඨානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. කෙන කාරණෙන, එකලක්ඛණත්තා චතුන්නං ඉන්ද්‍රියානං.

චතූසු සතිපට්ඨානෙසු භාවියමානෙසු චත්තාරො සම්මප්පධානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, චතූසු සම්මප්පධානෙසු භාවියමානෙසු චත්තාරො ඉද්ධිපාදා භාවියමානෙසු පඤ්චින්ද්‍රියානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති, චතූසු ඉද්ධිපාදෙසු භාවනාපාරිපූරිං ගච්ඡන්ති, පඤ්චසු ඉන්ද්‍රියෙසු භාවියමානෙසු පඤ්ච බලානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති, පඤ්චසු බලෙසු භාවියමානෙසු සත්ත බොජ්ඣඞ්ගා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, සත්තසු බොජ්ඣඞ්ගෙසු භාවියමානෙසු අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති, සබ්බෙව  බොධඞ්ගමා ධම්මා බොධිපක්ඛියා භාවනාපාරිපූරිං ගච්ඡන්ති ¶. කෙන කාරණෙන, සබ්බෙ හි බොධඞ්ගමා බොධිපක්ඛියා නෙය්‍යානිකලක්ඛණෙන එකලක්ඛණා, තෙ එකලක්ඛණත්තා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.

එවං අකුසලාපි ධම්මා එකලක්ඛණත්තා පහානං අබ්භත්ථං ගච්ඡන්ති. චතූසු සතිපට්ඨානෙසු භාවියමානෙසු විපල්ලාසා පහීයන්ති, ආහාරා ¶ චස්ස පරිඤ්ඤං ගච්ඡන්ති, උපාදානෙහි අනුපාදානො භවති, යොගෙහි ච විසංයුත්තො භවති, ගන්ථෙහි ච විප්පයුත්තො භවති, ආසවෙහි ච අනාසවො භවති, ඔඝෙහි ච නිත්ථිණ්ණො භවති, සල්ලෙහි ච විසල්ලො භවති, විඤ්ඤාණට්ඨිතියො චස්ස පරිඤ්ඤං ගච්ඡන්ති, අගතිගමනෙහි න අගතිං ගච්ඡති, එවං ¶ අකුසලාපි ධම්මා එකලක්ඛණත්තා පහානං අබ්භත්ථං ගච්ඡන්ති.”


A / T. “මෙසේ කයෙහි කායානු දර්ශීව වාස කරනුවහුට සතර සීවටන්හු වැඩීමෙන් පිරීමට යෙති. කවර කරුණින යත්: සතර ඉන්‍ද්‍රියයන් සමාන ලක්‍ෂණ ඇති බැවිනි. සතර සීවටන් වැඩෙන කල්හි සතර සම්‍යක්ප්‍රධානයෝ භාවනායෙන් පිරීමට යෙති, සතර සම්‍යක්ප්‍රධානයන් වැඩෙන කල්හි සතර ඍද්ධිපාදයෝ භාවනායෙන් පිරීමට යෙති, සතර ඍද්ධිපාදයන් වැඩෙන කල්හි පඤ්චේන්‍ද්‍රියයෝ භාවනායෙන් පිරීමට යෙති. (සියල්ල මෙසේ කියැයුතු) කවර කරුණින යත්: යම් හෙයෙකින් බෝධ සංඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට යන බෝධිපක්‍ෂයෙහි වු සියලු ධර්‍මයෝ නෛර්‍ය්‍යාණිකලක්‍ෂණයෙන් සමානලක්‍ෂණ ඇත්තාහු ද එහෙයිනි. ඔහු සමානලක්‍ෂණ ඇතිහෙයින් භාවනායෙන් පාරිපූරියට යෙත්. මේ භාවනා සමාරෝපණා යි.

එහි ප්‍රහාණයෙන් සමාරෝපණා කවරැ යත්: කයෙහි කායානුදර්ශීව වාසය කරනුයේ ‘අශුභයෙහි ශුභ යැ’ යන විපර්‍ය්‍යාසය දුරුකෙරෙයි, ඔහුට කවලීකාරාහාරය ද පරිඥාභි සමයට පැමිණෙයි, කාමෝපාදානයෙනුදු උපාදාන රහිත වෙයි, කාමයෝගයෙනුදු විසංයුක්ත වෙයි, අභිධ්‍යාකායග්‍රන්‍ථයෙනුදු වෙන් වෙයි, කාමාස්‍රවයෙනුදු අනාස්‍රව වෙයි, කාමෝඝය ද උත්තරණය කෙළේ වෙයි, රාගශල්‍යයෙනුදු විශල්‍ය වෙයි, ඔහුට රූපය අරමුණු කිරීම් වශයෙන් පැමිණියයුතු විඥානස්ථිතිය ද පරිඥානයට යෙයි, ඔහුට රූපධාතුයෙහි රාගය ද ප්‍රහීණ වෙයි, නො ද ඡන්‍දයෙන් අගතියට යෙයි.

වේදනායෙහි වේදනානුදර්ශීව වාසය කරනුයේ දුඃඛයෙහි සුඛ යැ යන විපර්‍ය්‍යාසග්‍රණය දුරුකෙරෙයි, ඔහුට ඵස්සාහරය ද පරිඥාවට යෙයි, භවෝපාදානයෙන් ද අනුපාදාන වෙයි, භවයෝගයෙනුදු විප්‍රයුක්ත වෙයි, ව්‍යාපාදකායග්‍රන්‍ථයෙනුදු විප්‍රයුක්ත වෙයි, භවාස්‍රවයෙනුදු ආස්‍රව රහිත වෙයි, භවෝඝය ද උත්තීර්‍ණ වූයේ වෙයි, ද්වේෂශල්‍යයෙනුදු විගතශල්‍ය වෙයි, ඔහුට වේදනූපග විඥානස්ථිතිය ද පරිඥාභිසමයට යෙයි, වේදනාධාතුයෙනුදු ඔහුගේ රාගය ප්‍රහීණ වෙයි, නො ද ද්වේෂයෙන් අගතියට යෙයි.

චිත්තයෙහි චිත්තානුදර්ශීව වාසය කරනුයේ අනිත්‍යයෙහි නිත්‍ය යැ යන විපර්‍ය්‍යාසය දුරුකෙරෙයි, ඔහුට විඥානාහාරය ද පරිඥාභිසමයට යෙයි, දෘෂ්ටි - උපාදානයෙනුදු උපාදාන රහිත වෙයි, දෘෂ්ටියෝගයෙනුදු විප්‍රයුක්ත වෙයි, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථයෙනුදු විප්‍රයුක්ත වෙයි, දෘෂ්ට්‍යාස්‍රවයෙනුදු අනාස්‍රව වෙයි, දෘෂ්ටි - ඕඝය ද උත්තීර්‍ණ වෙයි, මානශල්‍යයෙනුදු විශල්‍ය වෙයි, ඔහුට සඤ්ඤෑපග විඥානස්ථිතිය ද පරිඥාභිසමයට යෙයි, සංඥාධාතුයෙනුදු ඔහුගේ රාගය ප්‍රහීණ වෙයි, නො ද භයහේතුයෙන් අගතියට යෙයි.

ස්කන්‍ධාදි ධර්‍මයන්හි ධර්‍මානුදර්ශීව වාසය කරනුයේ ආත්ම නොවූයෙහි ආත්ම යැ යන විපර්‍ය්‍යාසය දුරුකෙරෙයි, ඔහුට මනෝසඤ්චේතනාහාරය ද පරිඥාභිසමයට යෙයි, ආත්මවාදෝපාදානයෙනුදු අනුපාදාන වෙයි, අවිද්‍යායෝගයෙනුදු විසංයුක්ත වෙයි, ඉදම්සත්‍යාභිනිවේශකායග්‍රන්‍ථයෙනුදු විප්‍රයුක්ත වෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු අනාස්‍රව වෙයි, අවිද්‍යෝඝය ද උත්තීර්‍ණ වෙයි, මෝහශල්‍යයෙනුදු විශල්‍ය වෙයි, ඔහුට සංස්කාරූපග විඥානස්ථිතිය ද පරිඥාභිසමයට යෙයි. සංස්කාරධාතුයෙනුදු ඔහුගේ රාගය ප්‍රහීණ වෙයි, නො ද මෝහයෙන් අගතියට යෙයි.”


[A / T. "... එම වචනයාගේ අර්ථය නම් පිහිටුවිය යුතු බැවින් පට්ඨාන නමි. පැවැත්විය යුතු බැවිනි. යන අර්ථයි. කුමකින් පැවැත්විය යුතු බැවින්ද යත්? සතියෙනි. සතියෙන් යුක්ත පැවැත්ම සතිපට්ඨාන නම් වේ. චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලිකතා සත්ත බොජ්ඣංගෙ පරිපූරෙන්ති යනාදි තන්හි සතියම සතිපට්ඨාන යයි කියනු ලැබේ. එම වචනයාගේ අරුත නම් පිහිටානුයි පට්ඨාන නමි. එළඹ සිටි බැසගෙන, පැනගෙන පවතී යන අර්ථයි. සතියම සතිපට්ඨාන නම් වේ. නැතහොත් සිහිකිරීම් අරුතින් සතිනම් වේ. එළඹ සිටීම් අර්ථයෙන් පට්ඨාන නම් වේ. එබැවින් සති වූවාත් ඕ මැයි පට්ඨාන වූවාත් ඕ මැයි සතිපට්ඨාන නමි. මෙයම මෙහි අදහස් කරන ලදි.

“ඉදින් සතියම සතිපට්ඨාන වීනම් කුමක් හෙයින් සතිපට්ඨානා යනුවෙන් බහුවචන වීද යත්? සති බොහෝ බැවිනි. සැබව, ආලම්බන භේදයෙන් සතීහු බොහෝ වෙති.”


A. “කායානුපස්සනා සතිපට්ඨානය යි කියනුයේ ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි කායයන් මගින් දියුණු කර ගන්නා ලද සිහියට ය. සතර සතිපට්ඨානයෙන් එක් සතිපට්ඨානයක් භාවනා කිරීම ම නිවන් දැකීමට ප්‍ර‍මාණ වේ. එක් සතිපට්ඨානයක් ඇති කර ගත් කල්හි ඉතිරි සතිපට්ඨාන තුන ද ඇති කර ගත්තා වැනි වේ. එ බැවින් මෙහි කායානුපස්සනා සතිපට්ඨානය ගැන පමණක් සංක්ෂේප විස්තරයක් කරනු ලැබේ.”


“එවං කායෙ කායානුපස්සිනො විහරතො චත්තාරො සතිපට්ඨානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. කෙන කාරණෙන? එකලක්ඛණත්තා චතුන්නං ඉන්ද්‍රියානං. චතූසු සතිපට්ඨානෙසු භාවියමානෙසු චත්තාරො සම්මප්පධානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. චතූසු සම්මප්පධානෙසු භාවියමානෙසු චත්තාරො ඉද්ධිපාදා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. චතූසු ඉද්ධිපාදෙසු භාවියමානෙසු පඤ්චින්ද්‍රියානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති. එවං සබ්බෙ ¶. කෙන කාරණෙන? සබ්බෙ හි ¶ බොධඞ්ගමා ධම්මා බොධිපක්ඛියා නිය්‍යානිකලක්ඛණෙන එකලක්ඛණා, තෙ එකලක්ඛණත්තා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. අයං භාවනාය සමාරොපනා.

තත්ථ කතමා පහානෙන සමාරොපනා? කායෙ කායානුපස්සී විහරන්තො “අසුභෙ සුභ”න්ති විපල්ලාසං පජහති, කබළීකාරො චස්ස ආහාරො පරිඤ්ඤං ගච්ඡති, කාමුපාදානෙන ච අනුපාදානො භවති, කාමයොගෙන ච විසංයුත්තො භවති, අභිජ්ඣාකායගන්ථෙන ච විප්පයුජ්ජති, කාමාසවෙන ච අනාසවො භවති, කාමොඝඤ්ච උත්තිණ්ණො භවති, රාගසල්ලෙන ච විසල්ලො භවති, රූපූපිකා  චස්ස විඤ්ඤාණට්ඨිති පරිඤ්ඤං ගච්ඡති, රූපධාතුයං චස්ස රාගො පහීනො භවති, න ච ඡන්දාගතිං ගච්ඡති.

වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො “දුක්ඛෙ සුඛ”න්ති විපල්ලාසං පජහති, ඵස්සො චස්ස ආහාරො පරිඤ්ඤං ගච්ඡති, භවූපාදානෙන ච අනුපාදානො භවති, භවයොගෙන ච විසංයුත්තො භවති, බ්‍යාපාදකායගන්ථෙන ච විප්පයුජ්ජති, භවාසවෙන ච අනාසවො භවති, භවොඝඤ්ච ¶ උත්තිණ්ණො භවති, දොසසල්ලෙන ච විසල්ලො භවති, වෙදනූපිකා චස්ස විඤ්ඤාණට්ඨිති පරිඤ්ඤං ගච්ඡති, වෙදනාධාතුයං චස්ස රාගො පහීනො භවති, න ච දොසාගතිං ගච්ඡති.

චිත්තෙ චිත්තානුපස්සී විහරන්තො “අනිච්චෙ නිච්ච”න්ති විපල්ලාසං පජහති, විඤ්ඤාණං චස්ස ආහාරො පරිඤ්ඤං ගච්ඡති, දිට්ඨුපාදානෙන ච අනුපාදානො භවති, දිට්ඨියොගෙන ච විසංයුත්තො භවති, සීලබ්බතපරාමාසකායගන්ථෙන ච විප්පයුජ්ජති, දිට්ඨාසවෙන ච අනාසවො භවති, දිට්ඨොඝඤ්ච උත්තිණ්ණො භවති, මානසල්ලෙන ච විසල්ලො භවති, සඤ්ඤූපිකා චස්ස විඤ්ඤාණට්ඨිති පරිඤ්ඤං ගච්ඡති, සඤ්ඤාධාතුයං චස්ස රාගො පහීනො භවති, න ච භයාගතිං ගච්ඡති.

ධම්මෙසු ධම්මානුපස්සී විහරන්තො “අනත්තනි  අත්තා”ති විපල්ලාසං පජහති, මනොසඤ්චෙතනා චස්ස ආහාරො පරිඤ්ඤං ගච්ඡති, අත්තවාදුපාදානෙන ච අනුපාදානො භවති, අවිජ්ජායොගෙන ච විසංයුත්තො භවති, ඉදංසච්චාභිනිවෙසකායගන්ථෙන ච විප්පයුජ්ජති, අවිජ්ජාසවෙන ච අනාසවො භවති, අවිජ්ජොඝඤ්ච උත්තිණ්ණො භවති, මොහසල්ලෙන ච විසල්ලො භවති ¶, සඞ්ඛාරූපිකා චස්ස විඤ්ඤාණට්ඨිති පරිඤ්ඤං ගච්ඡති, සඞ්ඛාරධාතුයං චස්ස රාගො පහීනො භවති, න ච මොහාගතිං ගච්ඡති.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll