Q. සමථ භාවනාවලින් විතරක් ම නිවන් ලද හැකි ද?
["බුද්ධානුස්සතිය වැඩීමෙන් විරාගය නිරෝධය උපසමය අභිඥ්ඥාව සම්බෝධිය නිබ්බාණ ය වේ නම් ..."]
A. ඒකධම්ම පාළියේ (‘විරාගය නිරෝධය උපසමය අභිඥ්ඥාව සම්බෝධිය නිබ්බාණය’) “වේ” ලෙස පවසන්නේ ඔබ ය. සූත්‍රයේ පවා ඇත්තේ “පිණිස පවතී / පිණිස පවත්නේ ය.” ලෙසයි.
"එකධම‍්මො භික‍්ඛවෙ භාවිතො බහුලීකතො එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. කතමො එකධම‍්මො: බුද‍්ධානුස‍්සති. අයං ඛො භික‍්ඛවෙ එකධම‍්මො භාවිතො බහුලීකතො එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තතීති.
මහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්තයෙන් (සසර) කළකිරීම පිණිස, (සසර) නොඇලීම පිණිස (රාගාදීන්ගේ) නිරෝධය පිණිස (කෙලෙස්) සන්හිඳීම පිණිස (අනිත්‍යාදිවශයෙන්) වෙසෙසා දැනුම පිණිස සිවුසස් පිළිවිඳීම පිණිස නිවන් පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක? යත්: බුද්ධානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය."
# අවසානෙ දි නිවන් දකිනවා කියන්නෙ ත්‍රිලක්ෂණයෙන් එකක් දකිමින් ම යනකොට සිදුවෙන දෙයක් - ඉතිං විදර්ශනාවට හරවන්නේ නැතිව (ත්‍රිලක්ෂණයෙන් එකක් දකිමින් ම නොගියොත්) නිවන් දකින්න විදිහක් ඇත්තෙම නෑ. ඒකයි අටුවාවේ පැහැදිලි කරන්නේ.
[උදාහරණයක්: “(මම) එමි” “(මම) යමි” ආදිය, කිව්වට/හිතුවට/වැඩුවට “දෘෂ්ටි විශුද්ධිය” ලැබෙන්නේ නෑ - ඒකයි සතිපට්ඨානසූත්‍ර අටුවාව වැදගත්.]
A. “... වසා තැබූ දෙයක් වැසුම හළ කල්හි පෙනෙන්නාක් මෙන් ඒ නිර්වාණ ධාතුව යම් කිසි දිනකදී යෝගාවචරයා හට ඉබේ ම පෙනෙන්නේ නො වේ. එය සොයා ගත හැකි වන්නේ දැකිය හැකි වන්නේ අනිච්චානුපස්සනා ය, දුඃඛානුපස්සනා ය, අනත්තානුපස්සනා ය යන තුන් අනුපස්සනාවන් ගේ මාර්ගයෙනි.”
[ඔබට තව දුරටත් ප්‍රතිඋත්තර සැපයීමට බලාපොරොත්තු නොවෙමු.]