Q. කුමන කරුණකින් විනය, සංවරය පිනිස පවතින්නේද.....?
A. අවසරයි අපෙ හාමුදුරුවනෙ! විනය (තෙමේ) ම සංවරය පිණිස පවතී.
"විනය (කායවාක්) සංවරය පිණිස යැ, සංවරය විපිළිසර නො වීම පිණිස යැ, විපිළිසර නො වීම ප්‍රමෝදය පිණිස යැ, ප්‍රමෝදය ප්‍රීතිය පිණිස යැ, ප්‍රීතිය දරථ සන්හිඳීම පිණිස යැ, ප්‍රශ්‍රබ්ධිය සුඛය පිණිස යැ, සුඛය සමාධිය පිණිස යැ, සමාධිය යථාභූතඥාන දර්‍ශනය පිණිස යැ, යථාභූඥානදර්‍ශනය නිර්වේදය පිණිස යැ, නිර්වේදය විරාගය පිණිස යැ, විරාගය විමුක්තිය පිණිස යැ, විමුක්තිය විමුක්තිඥානදර්‍ශනය පිණිස යැ, විමුක්තිඥානදර්‍ශනය අනුපාදාපරිනිර්‍වාණය පිණිස යැ, විනය කථාව යම් චිත්තයාගේ අනුපාදාවිමෝක්‍ෂයෙක් ඇත් ද, තෙල සඳහා යැ. විනයමන්ත්‍රණය තෙල සඳහා යැ. (විනයෝ සංවරත්‍ථාය යනාදි) පරම්පරප්‍රත්‍යය බව තෙල සඳහා යැ. සෝතාවධානය තෙල සඳහා යි." >*
“විනයො සංවරත්ථාය, සංවරො අවිප්පටිසාරත්ථාය, අවිප්පටිසාරො පාමුජ්ජත්ථාය, පාමුජ්ජං පීතත්ථාය, පීති පස්සද්ධත්ථාය, පස්සද්ධි සුඛත්ථාය, සුඛං සමාධත්ථාය, සමාධි යථාභූතඤාණදස්සනත්ථාය, යථාභූතඤාණදස්සනං නිබ්බිදත්ථාය, නිබ්බිදා විරාගත්ථාය, විරාගො විමුත්තත්ථාය, විමුත්ති විමුත්තිඤාණදස්සනත්ථාය, විමුත්තිඤාණදස්සනං අනුපාදාපරිනිබ්බානත්ථාය. එතදත්ථා ¶ ¶ කථා, එතදත්ථා මන්තනා, එතදත්ථා උපනිසා, එතදත්ථං සොතාවධානං – යදිදං ¶ අනුපාදාචිත්තස්ස විමොක්ඛොති.”
[“ඉදානි යෙ මන්දා මන්දබුද්ධිනො එවං වදෙය්‍යුං “විනයො නාම කිමත්ථායා”ති තෙසං වචනොකාසපිදහනත්ථමත්තං දස්සෙතුං විනයො සංවරත්ථායාතිආදිමාහ. තත්ථ විනයො සංවරත්ථායාති සකලාපි විනයපඤ්ඤත්ති කායවචීද්වාරසංවරත්ථාය. ආජීවවිසුද්ධිපරියොසානස්ස සීලස්ස උපනිස්සයො ¶ හොති; පච්චයො හොතීති අත්ථො. එස නයො සබ්බත්ථ.”
{">*1. දක්‍ෂ වූ අග්‍රබුද්ධිමත් බුදුරජුන් විසින් (දේශනා) කරණ ලද මොනවට ප්‍රකාශ කරණලද සිකපදයන්ට අනුලොම් වූ අනුයෝගවත පරලොව සුගතිගමන නො නසමින් අසව.
2. කරුණු නො කරුණෙහි අදක්‍ෂ වූයේ (පරිජි ආදි) වස්තුව ද, (චතුර්විධ) විපත්තිය ද, සප්තාපත්තිස්කන්‍ධය ද, (සිකපදයන්ගේ) නිදානය ද, පෙරපසු වචනය ද, එවැනි නො දැනීමෙන් කළ නො කළ දැය ද නො දනී.
3. කර්‍මය ද අධිකරණය ද (නො දනී). ශමථයෙහි අදක්‍ෂ වූයේ රාගයෙන් රත් වූයේ ද්වේෂයෙන් දුෂ්ට වූයේ මෝහයෙන් මූඪ වූයේ බියෙන් ද මෝහයෙන් ද අගතියට යෙයි.
4. (මෙරමා) දැන්වීමෙහි දක්‍ෂයෙක් නො වේ ද, (කාරණාකාරණ) දැක්මෙහි අසමර්‍ත්‍ථ වේ ද, ලැබූ පක්‍ෂ ඇත්තේ ලජ්ජාවෙන් තොර වූයේ පව්කම් ඇත්තේ ද, ධර්‍මාදර පුද්ගලාදර නැත්තේ ද, එබඳු වූ ඒ මහණ ඒකාන්තයෙන් දෙටු තන්හි නො තැබිය යුතු යැ යි කියනු ලැබේ.
5. කරුණු නො කරුණෙහි දක්‍ෂ වූයේ (පාරාජිකාදි) වස්තුව ද, (චතුර්විධ) විපත්තිය ද, ආපත්තිය ද, නිදානය ද, පෙරපසු වචනය ද, එවැනි ම නො දැනීමෙන් කළ නො කළ දෙය ද දනී.
6. කර්‍මය ද අධිකරණය ද (දනී.) ශමථයෙහි ද දක්‍ෂ වූයේ රාගයෙන් රත් නො වූයේ ද්වේෂයෙන් දුෂ්ට නො වූයේ මෝහයෙන් මූඪ නො වූයේ බියෙන් ද මෝහයෙන් ද අගතියට නො යේ.
7. (මෙරමා) දැන්වීමෙහි දක්‍ෂ වේ ද, තෙමේ (කාරණාකාරණයන්) දැක්මෙහි දක්‍ෂ වේ ද, ලැබූ පක්‍ෂබල ඇත්තේ ලජ්ජා ඇත්තේ කුසල කර්‍ම ඇත්තේ ධර්‍මගෞරව පුද්ගලගෞරව සහිත වූයේ වේ ද, එබඳු වූ ඒ මහණ ඒකාන්තයෙන් දෙටු තන්හි තැබිය යුතු යැ යි කියනු ලැබේ."}
T. “මහණෙනි, සුගත විනය කවරේද? උන් වහන්සේ මුල යහපත්, මැද යහපත්, අග යහපත්. අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන සහිත, සම්පූර්‍ණයෙන් පිරුණාවූ, පිරිසිදු මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරයි. මහණෙනි, මේ සුගත විනයයි. මහණෙනි, මෙසේ සුගතයන් වහන්සේ ගේ හෝ සුගත විනය හෝ ලෝකයෙහි ඇත්තේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ගේ අර්ත්‍ථය හිත පිණිස පවතී."
‘‘කතමො ච, භික්ඛවෙ, සුගතවිනයො? සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති. අයං, භික්ඛවෙ, සුගතවිනයො. එවං සුගතො වා, භික්ඛවෙ, ලොකෙ තිට්ඨමානො සුගතවිනයො වා තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති."