[Watch in 4K — Recommended Resolution.]


171. නිත්‍ය මොනවාද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සංඛාර නොවන නිත්‍ය දේවල් තිබෙිද, ඒවා මොනවාද?

A / T. “... ඒකාන්ත වශයෙන් කියත හොත් පරිච්ඡේද රූපය යම් කිසි හේතුවකින් උපදනා රූපයක් නොවේ. ...”

“... මේ ආකාශ ධාතුව වෙන් වූ ඉපදීමක් ඇති නියම පරමාර්ථ ධර්මයක් නොවේ. ...”

“... ආකාශ ධාතුව කිසිම ප්‍ර‍ත්‍යයකින් නො හට ගන්නා දෙයක් බව කිය යුතු වුව ද, කර්මාදි ප්‍ර‍ත්‍යයන් ගෙන් හටගෙන එකට බැඳී පවත්නා වූ රූප කලාප ඔවුනොවුන් ගෙන් වෙන් කරමින් ඒවා අතර පවත්නා වූ ආකාශයත් ඒ ඒ ප්‍ර‍ත්‍යයන් ගෙන් ම හටගන්නා රූපයක් හැටියට ගණන් ගැනීමෙන් ආකාශ ධාතුව කර්මාදි ප්‍ර‍ත්‍යය සතරෙන් ම හටගන්නා රූපයක් ලෙස කියනු ලැබේ. ...”

A / T. “... නිර්වාණ-ප්‍ර‍ඥප්ති දෙක්හි ඇති වීම්-නැති වීම් දෙක නැත. එබැවින් ඒවා තුන්කාලයෙන් එකකටවත් ඇතුළත් නො වේ. ඒවාට “කාල විමුක්තය” යි කියනු ලැබේ. ...”

“... නිර්වානය ප්‍ර‍ඥප්තිය යන දෙක ප්‍ර‍ත්‍යය පමණක් වනු මිස ප්‍ර‍ත්‍යයෝත්පන්න නො වේ. එයින් අන්‍ය සකල ධර්මයෝ ම ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ද වෙති. ඒ ධර්මයෝ ප්‍ර‍ත්‍යය වෙමින් ම ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ද වෙති.”

“චිත්තය - චෛතසිකය - රූපය යන මේ පරමාර්ථ ධර්මයෝ ප්‍ර‍ත්‍යයෙන් හටගන්නෝ ය. නිර්වාණය හා ප්‍ර‍ඥප්තිය ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා ඒවා නොවේ. ...”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll