[Watch in 4K — Recommended Resolution.]


106. ක්ෂණ සම්පත්තිය යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ක්‍ෂණසම්පත්තිය යනු කුමක්ද පැහැදිලි කර දෙන්න.

A. “ක්ෂණසම්පත්තිය” යි කියනුයේ පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අන්‍ය වූ අවස්ථාවට ය. එය ලැබෙන්නේ කලාතුරකිනි. නොකල් අට මතු දක්වනු ලැබේ.”

“නරකයට වැටී සිටින කාලය ය, තිරිසන් ව සිටින කාලය ය, ප්‍රේත ව සිටින කාලය ය, සිත නැති කය පමණක් ඇති අසංඥ භවයට පැමිණ සිටින කාලය ය, බුදුවරයන් බුද්ධශ්‍රාවකයන් නො පැමිණෙන ප්‍ර‍ත්‍යන්ත ප්‍රදේශවල ඉපිද සිටින කාලය ය, මිථ්‍යාදෘෂ්ටිය ගෙන සිටින කාලය ය, හොඳ නරක තේරුම් ගත නොහැකි මෝඩයකු වී සිටින කාලය ය, අබුද්ධෝත්පාද කාලය ය යන මේ කාල අට පින් කිරීමට අවකාශ නො ලැබෙන කාලයෝ ය. මේ බුද්ධෝත්පාද කාලයේ මිනිසත් බව ලබා බුදුසස්න පවත්නා ප්‍රදේශවල වාසය කරන පින්වත්හු දුර්ලභ වූ අවස්ථාවක් ලබා සිටින්නෝ ය. මේ අගනා අවස්ථාව හිස් ව ඉක්ම යන්නට නොදී සෑම දෙනා ම එයින් ප්‍රයෝජන ගැනීම් වශයෙන් යහපත් ක්‍රියාවල යෙදී සගමොක් සැප ලබත්වා!”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll