A. “කවර පුද්ගලයෙක් ‘ධර්මානුසාරී’ වේ ද යත්: සෝවන් ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හුගේ ප්‍රඥෙන්ද්‍රිය අධික වේ ද, ප්‍රඥාව විසින් ඔසවනසුලු වූයේ ප්‍රඥාපූර්වාඞ්ගම කොට ආර්‍ය්‍ය මාර්ගය වඩා ද මේ පුද්ගල ‘ධර්මානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝවන් ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ‘ධර්මානුසාරී’ යි. ඵලයෙහි සිටියේ ‘දෘෂ්ටිප්‍රාප්ත’ යි.
කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධානුසාරී’ වේ ද යත්: සෝතාපත්තිඵලය පසක් කරනුවට පිළිපන් යම් පුද්ගලයක්හුගේ ශ්‍රද්ධෙන්ද්‍රිය අධික වේ ද ශ්‍රද්ධාව විසින් ඔසවනසුලු වූයේ ශ්‍රද්ධාපූර්වංගම කොට ආර්‍ය්‍යමාර්ගය වඩා ද මේ පුද්ගල ‘ශ්‍රද්ධානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝතාපත්තිඵලය සාක්ෂාත් කරනුවට පිළිපන් පුද්ගල ‘ශ්‍රද්ධානුසාරී’ යි. ඵලයෙහි සිටියේ ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි.”
"කතමො ච පුග‍්ගලො ධම‍්මානුසාරී: යස‍්ස පුග‍්ගලස‍්ස සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පඤ‍්ඤින්‍ද්‍රියං අධිමත‍්තං හොති, පඤ‍්ඤාවාහී පඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමං අරියමග‍්ගං භාවෙති, අයං වුච‍්චති පුග‍්ගලො ධම‍්මානුසාරී සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො ධම‍්මානුසාරී ඵලෙ ඨිතො දිට‍්ඨිප‍්පත‍්තො.
කතමො ච පුග‍්ගලො සද‍්ධානුසාරී: යස‍්ස පුග‍්ගලස‍්ස සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස සද‍්ධින්‍ද්‍රියං අධිමත‍්තං හොති, සද‍්ධාවාහී සද‍්ධාපුබ‍්බඞ‍්ගමං අරියමග‍්ගං භාවෙති, අයං වුච‍්චති පුග‍්ගලො සද‍්ධානුසාරී සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සද‍්ධානුසාරී ඵලෙ ඨිතො සද‍්ධාවිමුත‍්තො."
A. “... එක් පුද්ගලයකු මාර්ගස්ථ පුද්ගලයකු වශයෙන් ඉන්නේ ඔහුගේ සන්තානයෙහි ලෝකෝත්තර මාර්ග චිත්තය පවත්නා අවස්ථාවෙහි පමණෙකි. එය ඉතා කෙටි කාලයෙකි. එබැවින් මාර්ගස්ථ පුද්ගලයකු නොසෙවිය හැකි ය. මාර්ග චිත්තය නිරුද්ධ වනු සමග ම ඵල චිත්තය ඇති වීමෙන් මාර්ගස්ථ පුද්ගලයා ඵලස්ථ පුද්ගලයෙකු වන්නේ ය. මාර්ගස්ථ පුද්ගල අවස්ථාව ක්ෂණික බැවින් සෝවාන් පුද්ගලයා ය, සකෘදාගාමි පුද්ගලයා ය, අනාගාමි පුද්ගලයා ය, අර්හත් පුද්ගලයා ය යන නම් බෙහෙවින් ව්‍යවහාර වන්නේ ඵලස්ථ පුද්ගලයන් සඳහා ය.”
A. [“අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රියං යනු මුලක් නොපෙනෙන (අනමතග්ග) සසරෙහි නොදන්නා ලද අවබෝධ නොකරන ලද නිවන නොහොත් චතුස්සත්‍ය ධර්මය දැනගන්නෙමියි කියා පිළිපදින තැනැත්තාට මෙයින් මුල් අවස්ථාවෙහි උපන් ඉන්‍ද්‍රිය, සෝතාපත්ති මාර්ග ප්‍රඥාවට මේ වචනයකි.
අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියන‍්ති “අනමතග‍්ගෙ සංසාරෙ අනඤ‍්ඤාතං අනධිගතං අමතපදං චතුසච‍්චධම‍්මමෙව වා ජානිස‍්සාමී”ති පටිපන‍්නස‍්ස ඉමිනා පුබ‍්බභාගෙන උප‍්පන‍්නං ඉන්‍ද්‍රියං, සොතාපත‍්තිමග‍්ගපඤ‍්ඤායෙතං අධිවචනං."]