[Watch in 4K — Recommended Resolution.]


216. මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මැදුම් පිළිවත (මැඳුම් පිළිවෙත) හෙවත් මධ්‍යම ප්‍රතිපදාව (මධ්‍යම ප්‍රතිපත්තිය) වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය සරලව ගැඹුරින් පැහැදිළි කළ හැකි ද?

A. "සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යගාජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ අට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ය."

"මේ වනාහි තථාගත මා විසින් අවබෝධ කරන ලද, නුවණ පහළ වීම පිණිස ද නිවන ප්‍රත්‍යක්ෂ කරනු පිණිස ද පවත්නා ඒ මධ්‍යම ප්‍රතිපත්තිය යි."

"ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙ වැදෑරුම් වේ. ලෞකික මාර්ගයෙහි මතු නූපදනා පරිදි කෙලෙස් දුරු කිරීමේ ශක්තියක් නැත. එයට ඇත්තේ තාවකාලික වශයෙන් කෙලෙස් දුරු කිරීමේ බලයක් පමණකි. එය දුබල ය. ලෝකෝත්තර මාර්ගය බලවත් ය. මහානුභාව සම්පන්න ය. වර්තමාන භවයේ දී පමණක් නොව මතු කිසි කලෙක අනාගත භවවලදීවත් නූපදනා සැටියට කෙලෙසුන් දුරු කිරීමේ ශක්තිය ලෝකෝත්තර මාර්ගයට ඇත්තේ ය. ....

පෘථග්ජනයෝ වනාහි ලෞකික මාර්ගාංගයන්ගේ බලයෙන් වරක් ප්‍ර‍හාණය කළ ක්ලේශයන් නැවත ඇති කර ගැනීම් වශයෙන් ද වරක් හළ පාපයන් නැවත කිරීම් වශයෙන් ද ආපසු එති. එබැවින් වරෙක සිල්වත්ව සිටි පෘථග්ජනයෝ නැවත දුශ්ශිල වෙති. වරෙක සමාධිය ලබා සිටි පෘථග්ජනයෝ වරෙක වික්ෂිප්ත සිත් ඇත්තෝ වෙති. පිස්සෝ ද වෙති. සම්‍යග්දෘෂ්ටික ව සිට මිථ්‍යාදෘෂ්ටික වෙති. නුවණැති ව සිට මෝඩ වෙති. ධ්‍යාන ලබා භවාග්‍ර‍යට පැමිණ සිට නැවත දෙව්ලොවට ද මිනිස් ලොවට ද ආපසු එති. තිරිසන් බවට ප්‍රේත බවට නරකට පැමිණීම් වශයෙන් ආපසු එති.

ආර්‍ය්‍යමාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පැමිණි ආර්‍ය්‍ය පුද්ගලයෝ ඒ ඒ මාර්ගයෙන් ප්‍ර‍හාණය කළ ක්ලේශයන් භවාන්තරයෙහි ද නූපදනා බැවින් ඔහු නැවත දුශ්ශිල නො වෙති. වික්ෂිප්ත නො වෙති. මිසදිටු නො වෙති. අපායට නො යති. එය ඔවුන්ගේ ආපසු නො යාම ය. ආර්‍ය්‍යයන්ට ශ්‍ර‍ද්ධාදි ධර්මයෝ ක්‍ර‍මයෙන් වැඩෙති. එබැවින් පිළිවෙළින් මතු මතු මාර්ගඵල වලට ද පැමිණ නිවන් දකිති. භවයෙහි සැරිසරන ආර්‍ය්‍ය පුද්ගලයා ද දෙව්ලොවින් දෙව්ලොවට බඹලොවින් බඹලොවට ඉහළට ම ගොස් අන්තිමේ දී නිවන් පුරට පිවිසෙති. එය ලෝකෝත්තර මාර්ගයා ගේ ආනුභාවය ය."

T / Aවැඩිදුර, මූලාශ්‍ර හා උපකාරක කිහිපයක් පහත පෙළගස්වා ඇත - සියල්ල ම හොඳින් කියවීමෙන්, තවත් මූලාශ්‍ර හා උපකාරක මෙන් ම සියලු ම ප්‍රශ්න / ගැටළු / තැන් නිරවුල් වනු ඇත.

මෙතැන සිට ඉදිරියට ම කියවන්න 👉 https://pitaka.lk/books/bauddhayage-athpotha/12-14.html

මෙතැන සිට ඉදිරියට ම කියවන්න 👉 https://pitaka.lk/books/bodhi-pakshika-dharma/9.html

මෙතැන සිට ඉදිරියට ම කියවන්න 👉 https://pitaka.lk/books/chathurarya-sathya/12-1.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll