125. "මම" කියලා කෙනෙක් ඇත්තෙම නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බුදුන්වහන්සේගේ දේශනාවේ සංසාර ගමනක් පිලිබඳව කතා කරනවා. ඒ කියන්නෙ අපි එකිනෙකා අපේ පව්ද්ගලික සංසාර ගමනක ඉන්නවා. ඉතිං  මට ප්‍රශ්න දෙකක් තියෙනවා.

1) මගේ සංසාර ගමන යන්නෙ මමද? ඒක ආත්මවාදීද ? අනාත්මවාදී නම් සංසාර ගමන යන්නෙ කව්ද ? මේක ටිකක් පැහැදිලි කරන්න...

2 ) මේ සංසාර ගමනෙ ආරම්භයක් තියෙනවාද ? ඒ පිලිබඳව බුද්ධ දේශනාවේ මුල් පොත් වල කොහොමද  විස්තර සඳහන් වෙන්නෙ?
ස්තුතියි 🙏

A. 1. # සාමාන්‍යයෙන් (සම්මුතිය) සංසාර ගමන යන්නේ “මම”. 
[ඔව් - දාර්ශනිකව (ගැඹුරින් බැලූ විට), ඒක ආත්මවාදීයි.]

# ගැඹුරින් (දාර්ශනිකව), ගැලපෙන හේතු නිසා ඇටයක් (බීජයක්) හැදෙනවා, ඉබේ ම (ඉබේ ම කිව්වට අදාළ හේතු නිසා) ඇටේකින් (බීජයකින්) ගහක් හැදෙනවා (අදාළ ප්‍රතිඵලය /ඵල), ඒ ගහෙන් තවත් ඇට, ඒ ඇටවලින් තවත් ගස්, මේ වගේ දිගින් දිගට ම කවුරුත් (ආත්මයක්) කරන්නේ කරවන්නේ නැතිව (අනාත්මවාදීව) සිද්ධ වෙන ස්වාභාවික ක්‍රියාවලියක් නිසා (ද) “අනාත්මයි” කියනවා.

2. ආරම්භයකුත් නෑ; අවසානයකුත් නෑ; සංසාරේ දිගට ම පවතිනවා - හරියට ම, අර ඇට හා ගස් වගේ; කවද හැදුන ද, කවදා අවසාන වෙනව ද කියලා එහෙම ආරම්භයක් අවසානයක් නෑ; එත් (ලෝක විනාශයෙන් පස්සෙ නැවත ලෝකේ හැදෙනකොට හරි) ඇට හා ගස් තියෙනවා (/ චක්‍රීයව පවතිනවා).

Q. ඔයාගේ අදහස පැහැදිලියි👍. ඒත් මේ ප්‍රශ්න කිරීමේ සීමාවක් තියෙනවා නේද ... ඇටේ හැදෙන්න හේතූ කොහොමද හැදුණෙ කියල ප්‍රශ්න කරන්න බැහැ. එහෙම නේද?
මං දන්න ගොඩක් ආගම් වල සීමාවල් පෙන්නනවා. "මෙතනින් එහාට ප්‍රශ්න එපා. ඒක දෙවියන්ට විතරයි තේරේන්නෙ" ... ඒ වගේ කතා😃

A. නෑ, එහෙම දෙයක් බුදුදහමේ නෑ; බුදු දහමේ ඕන ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්, ඕන ප්‍රශ්නයකට උත්තරත් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ - (වෙන යටි අදහස් නැත්තං,) එක්කෝ අපිට (තේරුම් කරන්න හෝ තේරුම් ගන්න) කාලය අඩුයි, නැත්තං අපිට (තේරුම් කරන්න හෝ තේරුම් ගන්න) මොළේ/දැනුම/ප්‍රඥාව අඩුයි. 

“ඇටේ හැදෙන්න ගැළපෙන හේතු එකතු වුණාම ඇටේ හැදෙනවා - ඇටේ කවුරුවත් හදනවාවත්, මවනවාවත් - මැවෙනවාවත්, ඉබේ හැදෙනවාවත් නොවෙයි” කිව්වම තේරෙන්නේ නැත්නං, ඉහත කරුණු දෙක තමා අපේ අඩුපාඩුවලින් ප්‍රධාන ම.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll