A. “මහණෙනි, සිහිය වූ කලී සියලු තන්හි ම කැමති විය යුතු යයි මම කියමි යි.”
“සතිං ඛ‍්වාහං භික්ඛවෙ, සබ‍්බත්‍ථිකං වදාමීති”
“සතිඤ්ච ඛ්වාහං, භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමී.”
“තුන්වැන්නෙහි - සතිඤ්ච ඛ්වාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි - ලුණු දමා රසවත් කිරීම මෙන් සියලු තන්හි කැමති විය යුතුදෙය කියමි යන අරුතයි. යම්සේ වනාහී ලුණු දමා රසවත් කිරීම සියලුම ව්‍යඤ්ජනයන්හිදී සිදු කෙරේද, එසේම සියලු කටයුතු කරන ඇමතිවරයෙක් යුද්ධ කාර්යය ද, මන්ත්‍රීකාර්යයද, දොරටුපාල කාර්යය ද යන සියලු කටයුතු සිදු කරයි. එසේම නොසන්සුන් වූ සිතට නිග්‍රහ කිරීම ද, අලස බවට පත්වූ සිතට ධෛර්යය ලබා දීම ද යන මේ සියල්ල සිහියෙන් ම සිදු කරයි. සිහියෙන් තොරව මෙය ඉටු කිරීමට නො හැක්කේය. එබැවින් මෙසේ කීය. මේ සූත්‍රයෙහි විදර්ශනා පූර්වභාග වූ සම්බොජ්ඣඞ්ගයම කියන ලදී.”
“සතිඤ්ච ඛවාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි මෙහි සබ්බත්‍ථක යයි ද පාඨයකි. දෙතැන්හිම සියලු තන්හි කැමතිවිය යුතුය යන අරුතම ලැබෙයි. මෙසේ හෙයින් ලීන උද්ධච්ච දෙකට ප්‍රතිපක්‍ෂ හෙයින්ද සතිය සබ්බත්‍ථික හෙයින් බොජ්ඣංග සතක්ම අඩුවැඩි නැතිව වදාරණ ලද බව දතයුතුය.”
[“සබ්බත්ථික - MS - ති. - සෑම වේලෙහි ප්‍රයෝජන ඇති.”]
A. “සති ඛ්වාහං භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමි” යි වදාළ හෙයින් සිත අලස ව පවත්නා වූ ද නො සන්සුන් ව පවත්නා වූ ද සැම කල්හි ම සිහිය වුවමනා ය. එබැවින් සතිසම්බොජ්ඣංගය සියලු කල්හි පැවැත්විය යුතු ය.”
A. “නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සිහිය කවර ලක්ෂණ දැ?”යි කීහ. “මහරජානෙනි, සිහිය සම්ප්‍රයුක්තධර්මයන් (40) සිහි කරවීම ස්වභාව කොට ඇති අපිලාපන ලක්ෂණ ද, උපගණ්හන ලක්ෂණ ද වෙ”යි කීසේක. ස්වාමීනි, අපිලාපනලක්ෂණ වූ සිහිය කෙසේ දැ?”යි කීහ. “මහරජානෙනි, උපදනා වූ සිහිතොම ‘මේ සතර සතිපට්ඨානයෝ ය, මේ සතර සම්‍යක්ප්‍රධානයෝ ය, මේ සතරසෘද්ධිපාදයෝ ය, මේ පඤ්චේන්ද්‍රියෝ ය, මේ පඤ්චබලයෝ ය, මේ සප්ත බොද්ධ්‍යංගයෝ ය මේ අෂ්ටාංගිකමාර්ග ය, මේ සමථභාවනා ය, මේ විදර්ශනා ය, මේ අෂ්ටවිද්‍යා ය, මේ පඤ්චවිමුක්ති ය”යි කියා කුශලාකුශල සාවද්‍යානවද්‍ය හීනප්‍රණීත කෘෂ්ණශුක්ල ප්‍රතිභාගධර්මයන් අරමුණු කර වන්නේ ය. එහෙයින් යොගාවචරතෙම සෙවිතව්‍යධර්මයන් සෙවනය කෙරෙයි. අසෙවිතව්‍යධර්මයන් සෙවනය නොකෙරෙයි. භජනය කළ මනා වූ ධර්මය භජනය කෙරෙයි. භජනය නො කළ මනා වූ ධර්මයන් භජනය නො කරන්නේ ය. මහරජානෙනි, අපිලාපනලක්ෂණ වූ ස්මෘතිතොම මෙබඳු ය”යි කීසේක.
“ස්වාමීනි තවත් උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. ...”
A. "තව ද සතිසම්බොජ්ඣඞ්ග ය උපදවා ගැනීමට උපකාරවන ධර්ම සතරක් ඇත. එනම්,
1. සති සම්පජඤ්ඤය,
2. මුට්ඨස්සති පුද්ගල පරිවර්ජනතා,
3. උපට්ඨිත සති පුද්ගල සේනතා,
4. තදධිමුත්තතා යන මේ සතර ය.
එහි සතිසම්පජඤ්ඤය නම්, ඉදිරියට යෑම හා ආපසු ඊම ය, ඉදිරි පස බැලීම හා අනු දිසාවන් බැලීම ය, අත් පා හැකිලීම හා දිග හැරීම ය යන මේ ආදී හැම ක්‍රියාවක දීම එයින් අර්ථ සිද්ධියක් ද සිදු වන්නේ දැ යි දැනගෙන කරමින් සිහි නුවණින් යුක්තවීම ය.
මුට්ඨස්සති පුද්ගල පරිවර්ජනතා යනු සිහි මුළා වූ (සිහිය නැති) පුද්ගලයන් ඇසුරු නො කොට ඔවුන් දුරු කිරීම ය. සිහිමුළා වූ පුද්ගලයා බත් සඟවන කපුටුවා මෙනි. කපුටුවාට බත් ගොඩක් හමු වූ විට එයින් බත් කටක් පුරවා එය තැනක සඟවා තබ යි. මෙසේ වරින් වර ඒ බත්ගොඩ ඉවර වන තෙක් තැනින් තැන සඟවා තබන නමුත් නැවත ඒ බත් කෑමට අමතක වීමෙන් ඒ ඒ තැන ම කුණු වී ය යි. එවැන්නවුන් ඇසුරු කිරීමෙන් තමනු ත් සිහිය නැති පිස්සෙකු මෙන් විය හැකි බැවින් සිහිමුළා වූ පුද්ගලයා දුරු කළ යුතුම ය.
උපට්ඨිතසති පුග්ගල සේවනතා යනු තිස්සදත්ත ස්වාමීන් වහන්සේය, අභය ස්වාමීන් වහන්සේ ය යන මේ ආදී ස්වාමීන්වහන්සේලා මෙන් සතිපට්ඨානය භාවනාවේ යෙදෙමින් නිතර යහපත් සිහියෙන් යුක්ත වූ කල්‍යාණමිත්‍රයන් ඇසුරු කිරීම ය. එවැනි කළණ මිතුරන් ඇසුරු කිරීම ද සතිසම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාර වෙ යි.
තදධිමුත්තතා යනු ඉඳීම් සිටීම් ආදී හැම ඉරියවුවක දී ම සිහිය උපදවා ගන්ට ඕනෑ ය යි සිතමින් සිත එයට නැඹුරු කර තබා ගැනීම ය."