206. එක වගේ කුරුල්ලෝ/අය එකට එක් වෙනවා ද? | "Birds of a feather flock together."

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මගෙ ගැටලුව වන්නේ,
මම ලගින්ම ආශ්‍රය කරන කෙනෙක් සිටිනවා අවුරුදු 2ක පමණ සිට. හරි අමුතු දෙයක් හිතට දැනෙනේ එයා එක්ක කතා බහ කරද්දී. එයා හිතලා එක එක ඒවා යම් යම් වෙලාවට මන් ගැන කියනවා. ඒවා හරියටම හරි. එයා හරිම හොද කෙනෙක්. බෞද්ධ ධර්මය ගැන ගොඩක් දේවල් මන් එක්ක කතා කරනවා. එයා ධර්මයට ගොඩක් ලැදි කෙනෙක්. මන් හරි ආසයි ඒවා අහන් ඉන්න. හැමදාම ඒ බැදීම තියාගන්න තිබුනා නම් කියලා හිතෙනවා. 
මේ දේ සාමාන්‍ය දෙයක් වෙන්න ඇති. ඒත් මට විශේෂ බවක් දැනෙනවා. 
පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ඔබට?

A. (කෙටියෙන් පැහැදිලි කරනවා නම්,)

# එක සමාන (හොඳ හෝ නරක) අදහස්/සිතුවිලි ඇති අය එක් වීම සාමන්‍ය දෙයකි.

වැඩිදුර: "ධාතු සංයුක්තය" තුළ මෙතැන සිට ඉදිරියට කියවන්න.


[එක සමාන (හොඳ හෝ නරක) අදහස්/සිතුවිලි නැති අය/විට වෙන් වීම ද  සාමන්‍ය දෙයකි.]

# සාංසාරික බැඳීම් ද නැතුවා ම නොවේ;  නමුදු බොහෝ විට සිදුවන්නේ ආදරය හෙවත් ලොභයේ/තණ්හාවේ (කෙලෙස්වල) ම යම් යම් ස්වභාවයන් හා ස්වරූපයන් (වේශයන්) නිසා "පුරුදු බවක් දැනීම", "විශේෂ බවක් දැනීම", "දැකලා / එකට ඉඳලා / කතා-බස් කරලා පුරුදු බවක් දැනීම", "අමුතු හැඟීම් දැනීම" .... (වෙන්වීම / වෙන්ව සිටීමට නොහැකි වීම /  වෙන් වූව ද නැවත-නැවත එක් වීම) ... ආදියයි.

# ළඟින්ම ඇසුරුකරන සබඳතා හා පුද්ගලයන් ගැන සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට පාහේ ද, සුවිශේෂීව ගත්කල: විශේෂ අවධානයක් (Wider Interest) ඇති ඕනෑම කෙනෙකුට ද අනෙකාගේ සිතුම්-පැතුම් ගැඹුරින් පුරෝකථනය කිරීමට, මැනවින් හඳුනා ගැනීමට ... ආදිය කළ හැකිය.

වැඩූ සිතකට අමතව, සිතේ ප්‍රභාෂ්වර භාවය, ධර්ම ඥානය, සාංසාරික හැකියා, අත්දැකීම්, නොයෙක් විෂය දැනුම ... වැන්න තුළින් ද එම හඳුනා ගැනීම්, පුරෝකථනයන් ආදිය වඩා නිවැරදිව කිරීමට හැකියාව ලැබේ.

# ස්වයං යෝජනා (Self-Suggestions) හා බැඳෙන මනෝභාවයන් ලෙස, විශයෙන්ම තමන් විශ්වාස/ආදරය කරන ඕනෑම/උගත් (ආදී) පුද්ගලයෙකු යමක් පැවසූ විට එය තමා තුළ ඇති හෝ නැති ගති-ගුණ හා එක්කොට-පළපා (නැති ඒවා සිතින් උපද්දවා ආදේශ කර හෝ) සිතා විශ්වාස කිරීමේ ස්වභාවක් ද ඕනෑම කෙනෙකුගේ මනස තුළ පවතී.

# කිසිදු බැඳීමක් (සදාකාලිකව) ස්ථිර නොවන බවත්, බැඳීම් ම දුකට ප්‍රධාන ම හේතුවක් බවත් දැන, සදාචාරසම්පන්න-සුවදායි-අර්ථවත්-ආදණීය මානව බැඳීම/සබඳතා පැවැත්වීම ඉතා ම වටිනා බවත් කිව හැකිය.

ඉතා වැදගත්:  පිළිතුරු / ඕනෑම පිළිතුරක්, මුල සිට අගට ම නැවත-නැවතත් (බොහෝ වාර ගණනක්) කියවන්න - ඒ අනුව නැවත-නැවතත් (බොහෝ වාර ගණනක්) සිතන්න (ධර්ම මනසිකාරය කරන්න)!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll