253. සිතුවිලි ඇතිවීම හා නැතිවීම කෙසේ සිදු වේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. චිත්ත වීථියේ කුමන සිතක සිට ද සිතුවිලි පහළ වීම පටන් ගන්නේ සහ අවසන් වන්නේ?

අරමුණක් සහිත චිත්ත වීථියක උදාහරණයක් දැක්විය හැකි නම් වඩාත් පැහැදිලි වෙතැ'යි සිතමි...

A. # පළමු චිත්ත වීථිය (චක්ෂුර්ද්වාරික අතිමහන්තාරම්මණ වීථිය) ඇසුරෙන් කතා කරන්නේ නම් හා සිතුවිලි ලෙස අදහස් කරන්නේ චෛතසික නම්:

රූපය (වර්ණ සටහන) ගැටීමටත් පෙර පැවති භවාංග සිතෙහි ද චෛතසික ඇත. 

[අරමුණ වශයෙන්, එම භවංග සිතෙහි අතීත භවයේ  මරණාසන්නයේ දී සිතට වැටහුණු කර්මය - කර්ම නිමිත්ත - ගති නිමිත්ත යන තුනෙන් එකක් අරමුණු කරමින් තවත් එවැනි ම සිතක්/සිත් ද වෙනත් අරමුණක් නොමැති සෑම විටක ම ඇති වේ.]

සිතුවිලි ලෙස අදහස් කරන්නේ (අරමුණ පිළිබඳව) වෙනත් සිත් (පහළ වීම) නම්:

1. වර්ණ සටහන් මාත්‍රය හෝ පළමු වරට ගන්නේ/දකින්නේ චක්ඛුවිඤ්ඤාණය බැවින්, එය පළමු ම සිත්/සිත (සිතුවිලි/සිතුවිල්ල) පහළ වීම ලෙස කිව යුතුය. (නමුදු, එයින් අරමුණ පිළිබදව දැනුම සම්පූර්ණ නොවේ.)

එතැන් සිට ඉදිරියට සිත් පහළ වීම සිදුවන අතර, (වීථියේ) සිත් පහළ වීම නතර/අවසන් වනුයේ තදාලම්බන (තදාරම්මණ) සිතෙනි (සිත් දෙකෙනි).

[අරමුණ පිළිබඳව හොඳින් ම සිත් පහළ කරවනුයේ ජවන (ජවන්/කර්ම) සිත්වලිනි.]

# සිතුවිලි ලෙස අදහස් කරන්නේ (අරමුණ පිළිබඳව) වෙනත් සිත් (පහළ වීම) නම්:

2. වර්ණ සටහන් මාත්‍රය පිළිබඳව විස්තරාත්මක මනෝද්වාර වීථි (අනුබන්ධක මනෝද්වාර වීථි) කිහිපයක් (මතභේද ඇතත්, සාමාන්‍යයෙන් 3ක්) ඇති විය යුතුය.

[තදාලම්බන (තදාරම්මණ) සිතටත් (සිත් දෙකටත්) පසුව, එම චක්ෂුර්ද්වාර වීථියෙන් ගන්නා ලද අතීත රූපය/අරමුණ ම ගනිමින් අනුබන්ධක මනෝද්වාර වීථි (තවත් මනොද්වාර වීථි කිහිපයක්) ඇතිවීම මින් අදහස් කෙරේ.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll