209. උදයව්‍යයත්, අනිත්‍ය ලක්ෂණයත් එකක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. උදයව්‍යයත්, ත්‍රිලක්ෂණයේ එන අනිත්‍ය ලක්ෂණයත් එකම කාරණයක් නේද? නැත්නම් ව්‍යයට ද අනිත්‍ය ලක්ෂණය කියා කියන්නේ?


A / S. කිසිසේත් ම ඒ කිසිවක් නිවැරදි නොවේ; සංස්කාරයන්ගේ උත්පාද (ඉපදීම) = උදය; නිරෝධ (නිරුද්ධ වීම) = ව්‍යය.

සරලව ම කියන්නේ නම්, හේතූන්ගෙන් හටගත් දේවල්වල (සංස්කාරයන්ගේ / සංඛත ධර්මයන්ගේ) පෙර නොතිබීම ඇතිවීම "උදය" (උප්පාදය) වන අතර, ඉතිරි නැතිව ම නැති වීම "ව්‍යය" (නිරෝධය / බිඳීම) වන අතර; හේතූන්ගෙන් හටගත් දේවල්වල (සංස්කාරයන්ගේ / සංඛත ධර්මයන්ගේ) වහ වහා (හිතාගත නොහැකි වේගයකින් / විශ්වාස කළ නොහැකි වේගයකින් / මොහොතක් පාසා-ක්ෂණයක් පාසා-ක්ෂණත්‍රයක් පාසා) නිරුද්ධ වන්නා වූ ස්වභාවය, බිඳෙන්නා වූ ස්වභාවය (ස්වභාවය = ගතිය; ලක්ෂණය; හැටි; අනන්‍යතාවය; ස්වභාවිකත්වය; ස්වභාවික ක්‍රියාව; ස්වභාවික ක්‍රියාවලිය) අනිත්‍ය ලක්ෂණය යි.

||| කෙටියෙන්:

සංස්කාරයන්ගේ පෙර නොතිබී ම පහළ වීම = උදය.
සංස්කාරයන්ගේ කිසිවක් ඉතිරි නැතිව ම නැති (නිරුද්ධ) වීම = ව්‍යය (වැය).
සංස්කාරයන්ගේ ඉතා කෙටි කලකින් ම නැතිවන (බිඳෙන / නිරුද්ධ වන) ස්වභාවය = අනිත්‍ය ලක්ෂණය.

# උප්පාද ක්ෂණය = උදය.
භංග (භඞ්ග) ක්ෂණය = ව්‍යය (වැය).

["ධම්මානඤ්හි පාකභාවූපාධිකං පත්තබ්බං උදයො, විද්ධංසභාවූපාධිකං වයො, තදුභයවෙමජ්ඣං ඨිති."

# .... උත්පාද-නිරෝධ යනු උදය-ව්‍යය දෙකට කියන නම් දෙකකි."

# සංස්කාරයන් ගේ ඒ වහා නිරුද්ධ වන්නා වූ ස්වභාවය බිඳෙන්නා වූ ස්වභාවය අනිත්‍ය ලක්ෂණයයි. අනිත්‍ය ලක්ෂණ ඇති සංස්කාරයෝ අනිත්‍යයෝ ය."

["වැසි වස්නා කල්හි ජලාශ වල දිය බුබුළු නැඟි නැඟී වහ වහා බිදී යන්නාක් මෙන් ද, බෙරයකට ගසන කල්හි හඩ නැඟි නැඟී වහ වහා අතුරුදහන් වන්නාක් මෙන් ද, සංස්කාරයෝ ද ඉපිද ඉපිදැ වහ වහා නිරුද්ධ වෙති. නිරෝධ යනු කිසිවක් ඉතිරි නොවී නැති වී යෑම ය. එයට බිඳීම යයි ද කියනු ලැබේ. ඇසි පිය හෙලීමට ගත වන කාලය තරම්වත් පවත්නා සංස්කාරයක් ඇත්තේ ම නැත. එය තේරුම් ගැනීමට අපහසු කාරණයකි. වැඩි දුරටත් කරුණු සොයා දන්නවුන් ගෙන් ද කරුණු අසා බලා එය අවබෝධ කර ගත යුතුය.

සංස්කාරයන් ගේ ඒ වහා නිරුද්ධ වන්නා වූ ස්වභාවය බිඳෙන්නා වූ ස්වභාවය අනිත්‍ය ලක්ෂණයයි. අනිත්‍ය ලක්ෂණ ඇති සංස්කාරයෝ අනිත්‍යයෝ ය. සංස්කාරයන්ගේ බිඳෙන බව ප්‍රධාන අනිත්‍ය ලක්ෂණය යි. දිරන බව, කෘෂවන බව, ඉදිමෙන බව, මෝරන බව, වියළෙන බව, සිදුරුවන බව, පැලෙන බව, කැපෙන බව, කැඩෙන බව, කැටිවන බව, දියවන බව, පිළුණු වන බව, කුණු වන බව, ඇඟ රැලි වැටෙන බව, කුදු ගැසෙන බව, අත් පා දරදඩුවන බව, වක්වන බව, කෙස් ලොම් පැසෙන බව, අන්ධ වන බව, බිහිරි වන බව, තවත් නොයෙක් රෝග හට ගන්නා බව, මැරෙන බව යන මේවා සංස්කාරයන්ගේ භංගය වූ ප්‍රධාන අනිත්‍ය ලක්ෂණය නිසා පෙනෙන අනිත්‍ය ලක්ෂණයෝය."

# "උදයව්‍යය විදර්ශනා ක්‍රමය
 
මෙහි දැක් වූ පරිදි රූප සප්තක අරූප සප්තක විදර්ශනාව ද මැනවින් කරන ලද නම්, දැන් යෝගාවචරයා හට දශවිධ විදර්ශනා ඥානයන් ගෙන් පළමු වැන්න වූ සම්ර්ශනඥානය සම්පූර්ණ වී ඇත. සම්මර්ශනඥානය යනු සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් දක්නා ඥානය යි. එය ලැබූ යෝගාවචරයා විසින් මතු කළ යුත්තේ, ත්‍රිලක්ෂණ සම්මර්ශනය (ත්‍රිලක්ෂණ භාවනාව) නවත්වා, උදයව්‍යය ඥානය ලැබීම පිණිස පිළිපැදීම ය. සංස්කාරයන් ගේ ඉපදීමට උදය යයි කියනු ලැබේනැති වීමට අතුරුදහන් වීමට ව්‍යය ය යි කියනු ලැබේ. ඒ ඉපැදීම් අතුරුදහන් වීම් දෙක දක්නා ඥානයට උදයව්‍යය ඥානය යි කියනු ලැබේ."

# "උදයව්‍යයත් ත්‍රිලක්ෂණයත් කරුණු දෙකක් බැවින් උදයව්‍යය අරමුණු කරන ඥානය කිසි කලෙක ලක්ෂණයන් අරමුණු නො කරයි. ලක්ෂණයන් අරමුණු කරන ඥානයත් කිසි කලෙක උදයව්‍යය අරමුණු නො කරයි. උදයව්‍යය ඥානයට ලක්ෂණ ප්‍රකට වේ යැයි කියන ලදුයේ, උදයව්‍යය දර්ශනයෙන් ලක්ෂණ දැක ගැනීමට ඇති බාධා දුරු වන හෙයිනි. උදයව්‍යය දර්ශනයෙන් ආවරණයන් දුරු වී ගිය පසු අරමුණු කිරීම් වශයෙන් ඒවා බැලිය යුතුය. අරමුණු කිරීම් වශයෙන් බැලීම ය යනු භාවනා කිරීම් වශයෙන් සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම ය. මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධියෙන් පසු යෝගාවචරයා විසින් උදයව්‍යය මෙනෙහි කිරීමේ භාවනාව දින කීපයක් කළ යුතු ය. ත්‍රිලක්ෂණ දර්ශනය ශුද්ධ වීමට උදයව්‍යය දර්ශනය හේතු වේ. එසේ ම උදයව්‍යය දර්ශනය ශුද්ධ වීමට ත්‍රිලක්ෂණය ද හේතු වේ. එබැවින් මෙතැන් පටන් උදයව්‍යය භාවනා ත්‍රිලක්ෂණ භාවනා දෙක ම වරින් වර කරන්නට පටන් ගත යුතු ය. උදයව්‍යය ද හේතූන්ගේ වශයෙන් බැලීම නවත්වා ලක්ෂණ වශයෙන් බැලීම ම කළ යුතු ය."

S / T. "හෙතෙම ඒ ප්‍රත්‍යයන්ගේ ද ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන්ගේ ද තත් වූ පරිදි භාව ලක්‍ෂණය තීරණය කොට මේ ධර්මයෝ පෙර නොතිබී හටගනිත්. ඇතිවී නිරුද්ධ වෙත්. එහෙයින් අනිත්‍යයයි අනිත්‍ය ලක්‍ෂණයට නංවයි. ඇතිව නැතිවීමෙන් පීඩාවට පත් වූ බැවින් දුකයයි දුක්ඛ ලක්‍ෂණයට නංවයි. තමාගේ වසඟයෙහි නොපවත්නා හෙයින් අනාත්මයයි අනාත්ම ලක්‍ෂණයට නංවයි.
සො තෙසං පච‍්චයානඤ‍්ච පච‍්චයුප‍්පන‍්නානඤ‍්ච යාථාවසරසලක‍්ඛණං වවත්‍ථපෙත්‍වා “ඉමෙ ධම‍්මා අහුත්‍වා භවන‍්ති, හුත්‍වා නිරුජ‍්ඣන‍්ති, තස‍්මා අනිච‍්චා”ති අනිච‍්චලක‍්ඛණං ආරොපෙති, “උදයබ‍්බයපටිපීළිතත‍්තා දුක‍්ඛා”ති දුක‍්ඛලක‍්ඛණං ආරොපෙති, “අවසවත‍්තනතො අනත‍්තා”ති අනත‍්තලක‍්ඛණං ආරොපෙති."

S / T. "උදයබ්බයන්ති පඤ්චස්ඛන්ධය පිළිබඳව ඇතිවීම හා නැතිවීම පිළිබඳ විසිපස් ලක්ෂණයන්,
උදයබ‍්බයන‍්ති පඤ‍්චන‍්නං ඛන්‍ධානං පඤ‍්චවීසතියා ලක‍්ඛණෙහි උදයං, පඤ‍්චවීසතියා එව ච ලක‍්ඛණෙහි වයං."


# උප්පජ්ජති උප්පාදක්ඛණං උදයං පටිලභති “පාකටභාවො ඨිතිකො, අත්තලාභො උදයො”ති.

# තථා අනුප්පන්නො ධම්මො අනාගතංසෙන සඞ්ගහිතොති ආහ “උප්පාදතො පුබ්බෙ අනාගතො අද්ධා නාමා”ති. ඛණත්තයෙති උප්පාදො, ඨිති, භඞ්ගොති තීසු ඛණෙසු. යදා හි ධම්මො හෙතුපච්චයස්ස සමවායෙ උප්පජ්ජති, යදා ච වෙති, ඉති ද්වීසුපි ඛණෙසු ඨිතික්ඛණෙ විය පච්චුප්පන්නොති. ධම්මානඤ්හි පාකභාවූපාධිකං පත්තබ්බං උදයො, විද්ධංසභාවූපාධිකං වයො, තදුභයවෙමජ්ඣං ඨිති.

# යථාභූතමවෙක්ඛන්තීති එවං ජාතසංවෙගා විපස්සනං පට්ඨපෙත්වා අනිච්චාදිමනසිකාරෙන යථාභූතමවෙක්ඛන්තී. කිං අවෙක්ඛන්තීති ආහ “ඛන්ධානං උදයබ්බය”න්ති. “අවිජ්ජාසමුදයා රූපසමුදයො”තිආදිනා (පටි· ම· 1.50) සමපඤ්ඤාසප්පභෙදානං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උප්පාදනිරොධඤ්ච උදයබ්බයානුපස්සනාය අවෙක්ඛන්තී විපස්සනං උස්සුක්කාපෙත්වා මග්ගපටිපාටියා සබ්බසො කිලෙසෙහි ච භවෙහි ච විමුත්තචිත්තා උට්ඨාසිං, උභතො උට්ඨානෙන මග්ගෙන භවත්තයතො චාති වුට්ඨිතා අහොසිං. සෙසං වුත්තනයමෙව.

# උප්පාදභඞ්ගානුපස්සනාවසප්පවත්තඤාණං උදයබ්බයඤාණං.

# උප්පාදවයට්ඨෙනාති උදයබ්බයසභාවෙන උප්පජ්ජිත්වා නිරුජ්ඣනෙන. අනිච්චාති අද්ධු වා. අනිච්චලක්ඛණං අනිච්චතා උදයවයතා. තස්මාති යස්මා පඤ්චන්නං ඛන්ධානං ඛයතො වයතො දස්සනඤාණං අනිච්චානුපස්සනා, තංසමඞ්ගී ච පුග්ගලො අනිච්චානුපස්සී ¶, තස්මා.

# ඉධ සඞ්ඛතධම්මො නාම ජාතිජරාමරණපකතිකො, තස්ස ජාති ආදිකොටි, ජරා මජ්ඣිමකොටි, මරණං ඔසානකොටි. තත්ථ කිඤ්චාපි උප්පාදාදිතිවිධම්පි සඞ්ඛතලක්ඛණතාය අනිච්චලක්ඛණං, තථාපි ජාතිජරාසු දිට්ඨාසු න තථා අනිච්චලක්ඛණං පාකටං හුත්වා උපට්ඨාති යථා වයක්ඛණෙති ආහ “භඞ්ගො නාම අනිච්චතාය පරමා කොටී”ති, උත්තමා කොටි ¶ පරියොසානකොටීති අත්ථො. යථා හි ජරාධම්මං, මරණධම්මමෙව ච ජායතීති ජාති අනිච්චතාය ආදි කොටි, තථා ජාතිධම්මං, මරණධම්මමෙව ච ජීරතීති ජරා මජ්ඣිමා කොටි, ජාතිධම්මං, ජරාධම්මමෙව ච භිජ්ජතීති භඞ්ගො පරමා කොටීති. අනිච්චතො අනුපස්සතීති න කලාපතො සම්මසන්තො විය “අනිච්චං ඛයට්ඨෙනා”ති (පටි· ම· 1.48) අනුමානවසෙන, නාපි ආරද්ධවිපස්සකො විය උදයග්ගහණපුබ්බකවයදස්සනවසෙන, අථ ඛො උදයබ්බයඤාණානුභාවෙන පච්චක්ඛතො උපට්ඨිතෙසු උදයවයෙසු වුත්තනයෙන උදයං මුඤ්චිත්වා භඞ්ගදස්සනවසෙනෙව අනිච්චතො අනුපස්සති, එවං අනුපස්සතො පනස්ස නිච්චගාහස්ස ලෙසොපි නත්ථීති ¶ ආහ “නො නිච්චතො”ති. තථා හෙස නිච්චසඤ්ඤං පජහතීති වුච්චති. එත්ථ ච “අනිච්චතො එව අනුපස්සතී”ති එව-කාරො ලුත්තනිද්දිට්ඨොති තෙන නිවත්තිතමත්ථං දස්සෙතුං “නො නිච්චතො”ති වුත්තං. න චෙත්ථ දුක්ඛතො අනුපස්සනාදිනිවත්තනමාසඞ්කිතබ්බං පටියොගීනිවත්තනපරත්තා, එව-කාරස්ස උපරි දෙසනාරුළ්හත්තා ච තාසං. දුක්ඛතො අනුපස්සතීතිආදීසුපි එසෙව නයො.

[???උප්පාදාදිතිවිධම්පි = ජාති-ජරා-මරණ???]

# අමනසිකාරාති හෙතුම්හි නිස්සක්කවචනං. “කිස්ස අමනසිකාරා”ති හි ඉදං “කෙන පටිච්ඡන්නත්තා”ති පුච්ඡිතස්ස පටිච්ඡාදකස්ස හෙතුපුච්ඡා. සන්තතියා හිස්ස පටිච්ඡන්නත්තා අනිච්චලක්ඛණං න උපට්ඨාති, සා ච සන්තති උදයබ්බයාමනසිකාරෙන පටිච්ඡාදිකා ජාතා. ඉරියාපථෙහි පටිච්ඡන්නත්තා දුක්ඛලක්ඛණං න උපට්ඨාති, තෙ ච ඉරියාපථා අභිණ්හසම්පටිපීළනාමනසිකාරෙන පටිච්ඡාදකා ජාතා. ඝනෙන පටිච්ඡන්නත්තා අනත්තලක්ඛණං ¶ න උපට්ඨාති, තෙ ච ඝනා නානාධාතුවිනිබ්භොගාමනසිකාරෙන පටිච්ඡාදකා ජාතාති. උදයබ්බයං පස්සතො ¶ න උදයාවත්ථා වයාවත්ථං පාපුණාති, වයාවත්ථා වා උදයාවත්ථං. අඤ්ඤොව උදයක්ඛණො, අඤ්ඤොව වයක්ඛණොති එකොපි ධම්මො ඛණවසෙන භෙදතො උපට්ඨාති, පගෙව අතීතාදිකොති ආහ “උදයබ්බයං පන…පෙ… උපට්ඨාතී”ති. තත්ථ සන්තතියා විකොපිතායාති පුබ්බාපරියෙන පවත්තමානානං ධම්මානං අඤ්ඤොඤ්ඤභාවසල්ලක්ඛණෙන සන්තතියා උග්ඝාටිතාය. න හි සම්මදෙව උදයබ්බයං සල්ලක්ඛෙන්තස්ස ධම්මා සම්බන්ධභාවෙන උපට්ඨහන්ති, අථ ඛො අයොසලාකා විය අසම්බන්ධභාවෙනාති සුට්ඨුතරං අනිච්චලක්ඛණං පාකටං හොති.

# සම්මසන්තො ඛන්ධානං ¶ උදයබ්බයන්ති පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උදයබ්බයඤ්ච විපස්සන්තො, යදිපි ඉදානි ¶ කතකිච්චො, ඵලසමාපත්තිං පන සමාපජ්ජිතුං විපස්සනං පට්ඨපෙන්තොති අධිප්පායො.

# ධම්මානන්ති සත්තසුඤ්ඤානං. ඛන්ධානන්ති රූපාදීනං පඤ්චන්නං ඛන්ධානං. උදයබ්බයන්ති උදයඤ්ච වයඤ්ච.

# ඛන්ධානං උදයබ්බයන්ති පඤ්චුපාදානක්ඛන්ධානං උප්පාදඤ්ච භඞ්ගඤ්ච.

# උදයබ්බයන්ති උදයඤ්ච වයඤ්ච.

# එතෙන හුත්වා අභාවාකාරො අනිච්චලක්ඛණන්ති වුත්තං හොති.

# සදා අභාවොති න සදා අභාවපතිට්ඨාපනං සබ්බකාලම්පි නත්ථීති, අථ ඛො උදයබ්බයපරිච්ඡින්නත්තා සදාභාවපටික්ඛෙපොති ආහ “අනිච්චලක්ඛණ”න්ති.

# "ධුවභාවපටික්ඛෙපතො ¶ න නිච්චන්ති අනිච්චං, ඛන්ධපඤ්චකං. යථාහ “රූපං ඛො, රාධ, අනිච්චං, වෙදනා… සඤ්ඤා… සඞ්ඛාරා… විඤ්ඤාණං අනිච්ච”න්ති (සං· නි· 3.172). තත්ථ කාරණං වදන්තො “උප්පාදවයඤ්ඤථත්තභාවා”ති ආහ. උප්පාදො නිබ්බත්තිලක්ඛණං, වයො විපරිණාමලක්ඛණං, අඤ්ඤථත්තං ජරා, තෙසං සබ්භාවතොති අත්ථො. හුත්වා අභාවතොති ¶ උප්පජ්ජිත්වා විනස්සනතො. එත්ථ ච පුරිමෙන ජාතිජරාමරණසබ්භාවතො අනිච්චන්ති දස්සෙති, දුතියෙන පාකභාවවිද්ධංසාභාවතො. යස්ස භාවෙන ඛන්ධපඤ්චකං “අනිච්ච”න්ති වුච්චති, තං අනිච්චලක්ඛණන්ති දස්සෙතුං “උප්පාදවයඤ්ඤථත්ත”න්තිආදි වුත්තං. තෙන හි තං “අනිච්ච”න්ති ලක්ඛීයති. ආකාරවිකාරොති ආකාරවිකති. අභාවාකාරො හි විකතිරූපෙන ලබ්භති, විරූපත්තා න උප්පාදාකාරො. ආකාරවිකාරොති වා ආකාරවිසෙසො. හුත්වා අභාවො හි පාකභාවතො භින්නො විද්ධංසාභාවත්තා තත්ථ ච අනිච්චලක්ඛණං නිරුළ්හං. අනිච්චාකාරො හි දුක්ඛානත්තාකාරෙහි විය උප්පාදාකාරතො ච විසිට්ඨො. තථා හි සද්දස්ස විද්ධංසාභාවො සඞ්ඛතභාවෙනපි සාධීයති.
සඞ්ඛතභාවො ච අත්ථතො උප්පාදවන්තතා. උප්පාදො ච පාකභාවසාධිතා ධරමානාවත්ථා. ඉමිනා නයෙන දුක්ඛානත්තාලක්ඛණානි වෙදිතබ්බානි. අපිච යථා නිච්චපටික්ඛෙපතො අනිච්චන්ති නිච්චාකාරපටික්ඛෙපතො යථාවුත්තො අභාවාකාරසඞ්ඛාතො අනිච්චාකාරො අනිච්චලක්ඛණං, එවං සුඛපටික්ඛෙපතො දුක්ඛන්ති සුඛාකාරපටික්ඛෙපතො අභිණ්හපටිපීළනාකාරසඞ්ඛාතො දුක්ඛාකාරො දුක්ඛලක්ඛණං, තථා අත්තපටික්ඛෙපතො අනත්තාති අත්තාකාරපටික්ඛෙපතො අවසවත්තනාකාරසඞ්ඛාතො අනත්තාකාරො අනත්තලක්ඛණන්ති දට්ඨබ්බං. තෙ යිමෙ තයොපි ආකාරා අසභාවධම්මත්තා ඛන්ධපරියාපන්නා න හොන්ති. ඛන්ධෙහි විනා අනුපලබ්භනීයතො ඛන්ධවිනිමුත්තාපි න හොන්ති. ඛන්ධෙ පන උපාදාය වොහාරවසෙන ලබ්භමානා තදාදීනවවිභාවනාය විසෙසකාරණභූතා තජ්ජාපඤ්ඤත්තිවිසෙසාති වෙදිතබ්බා.
තයිදං සබ්බම්පීති යථාවුත්තලක්ඛණත්තයඤ්චෙව ලක්ඛිතබ්බඤ්ච ඛන්ධපඤ්චකං. “උදයබ්බයානුපස්සනාඤාණෙන යාථාවසරසතො සල්ලක්ඛෙතී”ති ඉදං තදත්ථෙ තබ්බොහාරවසෙන වුත්තං. උදයබ්බයඤාණත්ථඤ්හි ලක්ඛණාරම්මණිකවිපස්සනා “උදයබ්බයඤාණ”න්ති කථිතා. න හි උදයබ්බයඤාණං දුක්ඛලක්ඛණාදිවිසයං ¶. තබ්බිසයත්තෙ වා උදයබ්බයඤාණමෙව න සියා, උදයබ්බයඤාණං පන තික්ඛං, විසදඤ්ච කාතුකාමෙන ලක්ඛණත්තයතීරණමෙව කාතබ්බං. පරිකම්මසදිසඤ්හෙතං තස්ස. එස නයො සෙසඤාණෙසුපීති."

# "හුත්වා අභාවට්ඨෙනාති ඉදං ඉතරෙසං චතුන්නං ආකාරානං සඞ්ගහකත්තා විසුං වුත්තං. හුත්වා අභාවාකාරො එව හි උප්පාදවයත්තාකාරාදයොති. තත්ථ හුත්වාති එතෙන පුරිමන්තවිවිත්තතාපුබ්බකං මජ්ඣෙ විජ්ජමානතං දස්සෙති, තං වත්වා අභාවවචනෙන මජ්ඣෙ විජ්ජමානතාපුබ්බකං, අපරන්තෙ අවිජ්ජමානතං, උභයෙනපි සදා අභාවො අනිච්චලක්ඛණන්ති දස්සෙති. සභාවවිජහනං විපරිණාමො, ජරාභඞ්ගෙහි වා පරිවත්තනං, සන්තානවිකාරාපත්ති වා. සදා අභාවෙපි චිරට්ඨානං සියාති තංනිවාරණත්ථං “තාවකාලිකතො”ති ආහ. උප්පාදවයඤ්ඤථත්තරහිතං නිච්චං, න ඉතරථාති නිච්චපටික්ඛෙපතො අනිච්චං, නිච්චපටිපක්ඛතොති අධිප්පායො.

[ජාතිධම්මතාදීහි අනිට්ඨතා පටිපීළනං. පටිපීළනට්ඨෙනාති ච යස්ස තං පවත්තති, තං පුග්ගලං පටිපීළනතො, සයං වා ජරාදීහි පටිපීළනත්තාති අත්ථො. පරිත්තට්ඨිතිකස්සපි අත්තනො විජ්ජමානක්ඛණෙ උප්පාදාදීහි අභිණ්හං සම්පටිපීළනත්තා “අභිණ්හසම්පටිපීළනතො”ති පුරිමං සාමඤ්ඤලක්ඛණං විසෙසෙත්වා වදති, පුග්ගලස්ස පීළනතො දුක්ඛමං. සුඛපටිපක්ඛභාවතො දුක්ඛං සුඛං පටික්ඛිපති නිවාරෙති, දුක්ඛවචනං වා අත්ථතො සුඛං පටික්ඛිපතීති ආහ “සුඛපටික්ඛෙපතො”ති.
නත්ථි එතස්ස වසවත්තනකො, නාපි ඉදං වසවත්තනකන්ති අවසවත්තනකං, අත්තනො පරස්මිං පරස්ස ච අත්තනි වසවත්තනභාවො වා වසවත්තනකං, තං එතස්ස නත්ථීති අවසවත්තනකං, අවසවත්තනකස්ස අවසවත්තනකො වා අත්ථො සභාවො අවසවත්තනකට්ඨො, ඉදඤ්ච සාමඤ්ඤලක්ඛණං. තෙනාති පරස්ස අත්තනි වසවත්තනාකාරෙන සුඤ්ඤං. ඉමස්මිඤ්ච අත්ථෙ සුඤ්ඤතොති එතස්සෙව ¶ විසෙසනං “අස්සාමිකතො”ති. අථ වා “යස්මා ¶ වා එතං…පෙ… මා පාපුණාතූ”ති එවං චින්තයමානස්ස කස්සචි තීසු ඨානෙසු වසවත්තනභාවො නත්ථි, සුඤ්ඤං තං තෙන අත්තනොයෙව වසවත්තනාකාරෙනාති අත්ථො. න ඉදං කස්සචි කාමකාරියං, නාපි එතස්ස කිඤ්චි කාමකාරියං අත්ථීති අකාමකාරියං. එතෙන අවසවත්තනත්ථං විසෙසෙත්වා දස්සෙති.]"

# “ධම්මා”ති ¶ සඞ්ඛත ධම්මා. අනිච්චතා එව ලක්ඛණන්ති අනිච්චලක්ඛණං. අනිච්චානං වා සඞ්ඛත ධම්මානං ලක්ඛණන්ති අනිච්චලක්ඛණන්තිපි යුජ්ජති. “අභිණ්හසම්පටිප්පීළනාකාරො”ති යථා සීඝසොතායං නදියං නාවාය උද්ධං ගච්ඡන්තං සානාවා අභිසඞ්ඛරණදුක්ඛෙන අභිණ්හං සුට්ඨු පටිප්පීළෙති. කස්මා, අසති අභිසඞ්ඛාරෙ තඞ්ඛණෙ එව අධොවුය්හනතො. අධොවුය්හනඤ්හි නාවාය පකති කිච්චං. උද්ධං ආරූහනං අභිසඞ්ඛාර සිද්ධං. එවමෙවං සීඝසොතෙ සංසාරෙ අත්තභාවෙන උද්ධං ඛණතො ඛණං දිවසතො දිවසං ගච්ඡන්තං පුග්ගලං අයං අත්තභාවො අභිසඞ්ඛරණ දුක්ඛෙන අභිණ්හං සුට්ඨු පටිප්පීළෙති. කස්මා, අසති අභිසඞ්ඛාරෙ, පච්චයවෙකල්ලෙ ච සති, තඞ්ඛණෙ එව විපරිණමනතො. විපරිණමනඤ්හි අත්තභාවස්ස පකති කිච්චං. උද්ධංගමනං අභිසඞ්ඛාර සිද්ධං. එවං අභිණ්හ සම්පටිප්පීළනං වෙදිතබ්බං. එත්ථ ච සංසාරස්ස සීඝසොතතා නාම අත්තභාවපරියාපන්නානං නාම රූපධම්මානං පවත්තිනිවත්ති සීඝතා වුච්චති. එත්ථ ච මරණං දුවිධං සම්මුති මරණඤ්ච පරමත්ථ මරණඤ්ච. තත්ථ සම්මුති මරණං නාම සම්මුති සච්චභූතස්ස සත්තස්ස මරණං. තං එකභවපරියන්තෙ සන්දිස්සති. පරමත්ථ මරණං නාම පරමත්ථ සච්චභූතානං නාමරූප ධම්මානං මරණං. ඉදමෙව එකන්තමරණං, සච්චමරණං, සභාවමරණං හොති. ඉමස්මිං විපස්සනා කම්මෙ ඉදං පරමත්ථ මරණං එව අනිච්චතාති ච වුච්චති. ධම්මානං සුසානක්ඛෙත්තන්ති ච සුසානභූමීති ච වුච්චතීති. සා ච සුසානභූමිනාම සත්තානං පටිසන්ධිතො පට්ඨාය සන්තානං අනුබන්ධතියෙව. අනුබන්ධත්තා ච සත්තානං පටිසන්ධිතො පට්ඨාය සො නාම සමයො නත්ථි, යත්ථ සත්තා න මරන්තීති. ඉදඤ්ච අනුබන්ධනං සත්තානං අභිණ්හසම්පටිප්පීළනමෙව හොති. තෙසං සබ්බිරියාපථෙසු ජීවිතස්ස ච අඞ්ගපච්චඞ්ගානඤ්ච කායවචීමනො කම්මානඤ්ච සම්බාධපත්තිතො. අවසවත්තනාකාරො පන අභිසඞ්ඛාර දුක්ඛං අභිණ්හං පච්චනුභවන්තානං පාකටොයෙව. වසවත්තනෙහි සති, අභිසඞ්ඛරණ කිච්චස්ස ඔකාසො නත්ථි. වසවත්තනෙනෙව යථිච්ඡි තස්ස කිච්චස්ස සම්පජ්ජනතො. ලොකස්මිඤ්හි සබ්බංපි අභිසඞ්ඛාර කිච්චං නාම අන්තමසො අස්සාසනපස්සාසන කිච්චං උපාදාය ධම්මානං වසවත්තනාභාවතො කරොන්තීති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll