A. අපි හැම කෙනෙක්ට ම “පෞර්ෂයක්” කියලා දෙයක් තියනවා; ඒක අනන්‍ය යි. පෞර්ෂය කිව්වේ කෙනෙක්ගේ බාහිර පෙනුම විතරක් නොවේ - අපි හිතන පතන කියන කරන විදිහ, ප්‍රතිචාර දක්වන විදිහ, හැඟීම් දැනීම් ආදිය. අධි සංවේදී භාවය (හැඟීම්බර වැඩි වීම) හෝ ඌන සංවේදී භාවය (හැඟීම්බර අඩු වීම) හොඳ-ධනාත්මක පෞර්ෂීය ලක්ෂණ නොවේ. එත්, ඕනෑම දේකට/තැනකට/කෙනෙක්ට ඔරොත්තු දෙන මධ්‍යස්ථ තත්ත්වයකට ඔබේ පෞර්ෂයත්/පෞර්ෂත්වයත් මෙහෙයවන්න පුළුවන්.
සාංසාරිකව වගේ ම කර්මය, උපතේ සිට ඇති පරිසරය සමාජය ආශ්‍රය පෙනෙන-දකින-අහන-කියවන ආදී ගොඩක් දේ එකතු වෙමින් මැරෙනකල් ම පෞර්ෂය ගොඩනැගෙනවා / වෙනස් වෙනවා / වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා; ඒ වගේම තවත් කෙනෙක්ගේ (අයගේ) පෞර්ෂය තමන්ට සංසන්දනය කරන්න යන්න අවශ්‍ය නෑ; අවශ්‍ය ම නං අනිත් අයගේ පෞර්ෂයන්හි ඇති ධනාත්මක දේවල් ගත්තට කමක් නෑ. අනිත් අය කොහොම හැසිරුනත්-සිතුවත්-කිව්වත්-කරත් “ධර්මානුකූල අනන්‍ය පෞර්ෂයක්” (තමාට ම ආවේණික ධාර්මික පෞර්ෂයක්) ගොඩනගා ගන්න හෝ ඕනෑම විටක/කාලයක ඔබේ පෞර්ෂය ඔබට අවශ්‍ය විදිහට “ධනාත්මක දිශානතියට”වෙනස් කරගන්න ඔබට පූර්ණ අයිතිය හා හැකියාව තියෙනවා. තෙරුවන් සරණයි!
[Q. මම වයස 22 ක තරුණයෙක්. මෑතක දී ධර්මය අහන්න, හොයන්න අහන්න සිත යොමු වුණා. මම ඉතාම සංවේදි පුද්ගලයෙක්. පොඩි දේකට පවා දුක් වෙනවා. දුක හිතෙනවා. මළ ගෙදරක ගියත් ඒ මනුස්සයෝ සංවේදිතාව දැකලා මටත් ඇඩේන අවස්ථා තියෙනවා මම නිෂ්ශබ්ද ශිලී පුද්ගලයෙක්. පොඩි කථන අපහසුතාවයකුත් තියෙනවා භාතියට වගේ. ඒත් අවශ්‍යා තැන් වලදී යාළුවෝත් එක්ක කතා කරලා සුහදශිලිව ඉන්නවා. මේ අඩුපාඩුව නිසා පල් පල් කියනවානම් අඩුයි. කියන්ඩ යන්නේත් නෑ. පඩුවේ මගේ වැඩ කරගෙන අන් අයට බදාවක් නොවී හැම වෙලේම ඉන්නවා. සුරාව සුදුවේන් නම් තොරයි.
ඒත් මට යාළුවෝ අඩුයි. Joke එකට හරි බොක්ක උනත් දෙන්න පුළුවන් කියල කාතාවට හරි කියන friend කෙනෙක් නෑ. මේක මගේ අඩුපාඩුවක්ද මම පතාගෙන අපු හැට්ද මට නොතේරේ. වේලාවකට මම කල්පනා කරනවා මගේ වයසේ සම යාළුවෝ එකට උපන් දින සමරනවා. ගමන් බිමන් යනවා. නොදෙක් දේවල් කරනවා. ඒත් මට එහෙම නෑ. ඔවුන් අතර මා පිළිබද ඇති පිලිගැනිම, ගණන් ගැනිම අඩුයි. මට වැටහෙන හැටියට. ඒත් උදාවුවක් ඉල්ලුවෝත් මන් මගේ ගැන නොහිතා මන් ඒ වැඩේ උවමනාවෙන් කරනවා. මෙය මගේ කර්මයද? එයට සිදු වූ වක්ද? මෙයට ධර්මය අනුව, කෙනෙක් උත්තරයක් දෙන්න පුළුවන් නම් වටිනවා.]