Q. සංඝයා වහන්සේලගේ බණ සැක කිරීම පවක් ද?
A. ශ්‍රද්ධාව හෝ ප්‍රඥාව හෝ ඒ දෙක ම හෝ වැඩෙන (/ වර්ධනය විය හැකි) සැකය අකුසල්/පව් නොවේ.
උදාහරණයක් ලෙස: ඔබ කිසියම් දේශනයක දහම් කරුණක් සැකකොට, එය ත්‍රිපිටක-අටුවා-ටීකානුසාරයෙන් ස්ථිර කරගන්නා විට ඔබේ ශ්‍රද්ධාව හෝ ප්‍රඥාව හෝ ඒ දෙක ම හෝ වැඩේ.
[ඔබ එසේ නොකරන්නේ නම්, ඔබේ සැකය වැඩේ.]
Q. ඒ අනුව, ධර්මය ගැන ප්‍රශ්න කොට එය හොදින් පැහැදිලි කරගෙන නිවැරැදිව අවබෝධ කරගැනීමත් ශ්‍රද්ධාව හා ප්‍රඥාව වැඩෙන ක්‍රියාවක් නේද?
A. නිසැකවම. නමුත් ප්‍රශ්නය ඇත්තේ ත්‍රිපිටක ධර්මය ද නොපිළිගැනීම හෝ තමාට අවශ්‍ය (තමාගේ මතයට/දෘෂ්ටියට ගැළපෙන) කොටස පමණක් හෝ පිළිගැනීම තුළ යි.
අනෙක් අතට, ත්‍රිපිටකය අටුවා ආදිය හොඳින් ම කියවන්නේ (පරිශීලනය කරන්නේ) නම් කිසිදු ප්‍රශ්නයක් පැන නොනඟී.
මෙකල තරම් ත්‍රිපිටකය අටුවා ආදිය හොඳින් ම කියවන්නට (පරිශීලනය කරන්නට) පහසුකම් ඇති වෙනත් යුගයක් නොමැති තරම් ය.
T / A. "ධම්මෙ කංඛති" (ධර්මය ගැන සැකය) ලෙස හෝ “සංඝෙ කංඛති” (සංඝයාවහන්සේ ගැන සැකය) ලෙස හෝ දක්වන්නේ, කිසිසේත් ම උක්ත ප්‍රධාන ප්‍රශ්නයේ අඩංගු කාරණය/කාරණා නොවේ.
T / A. >>> නො දන්නා කරුණු පිළිබඳ ව එසේ ද මෙසේ ද කෙසේ ද යනාදීන් පහළ වන්නා වූ සැකය අනීවරණ විචිකිච්ඡාව ය. එය වෙන් වූ චෛතසික ධර්මයක් නො වන ඒ ආකාරයෙන් පහල වන්නා වූ නාමස්කන්ධයෝ ය. ඒ ආකාරයෙන් ශෛක්ෂයන් කෙරෙහි හා පෘථග්ජනයන් කෙරෙහි පහළ වන නාම ධර්මයෝ කුසල් ද වෙති. අකුසල් ද වෙති. <<<
[“අරමුණු කරන දෙය පිළිබඳ විනිශ්චයක් නැති බව, ආරම්මණය පිළිබඳ සැකය, අවිශ්වාසය, විචිකිච්ඡාව ය. මෙය ශ්‍රද්ධාවට සහ ඥානයට ප්‍රතිපක්ෂය. කුශලය ආවරණය කරන බැවින්, ඥානය ආවරණය කරන බැවින් එය නීවරණයෙකි. සැකය නීවරණ වන සැකය, නීවරණ නොවන සැකය යි දෙ වැදෑරුම් වේ. විචිකිච්ඡා චෛතසිකය වශයෙන් ගනු ලබන්නේ නීවරණ විචිකිච්ඡාව ය. >>> නො දන්නා කරුණු පිළිබඳ ව එසේ ද මෙසේ ද කෙසේ ද යනාදීන් පහළ වන්නා වූ සැකය අනීවරණ විචිකිච්ඡාව ය. එය වෙන් වූ චෛතසික ධර්මයක් නො වන ඒ ආකාරයෙන් පහල වන්නා වූ නාමස්කන්ධයෝ ය. ඒ ආකාරයෙන් ශෛක්ෂයන් කෙරෙහි හා පෘථග්ජනයන් කෙරෙහි පහළ වන නාම ධර්මයෝ කුසල් ද වෙති. අකුසල් ද වෙති. <<< රහතුන්ගේ සන්තානයෙහි පහළ වන්නාහු ක්‍රියා වෙති.
නීවරණ විචිකිච්ඡාව :-
“සත්ථරි කංඛති විචිකිච්ඡති, ධම්මෙ කංඛති විචිකිච්ඡති, සංඝෙ කංඛති විචිකිච්ඡති, සික්ඛාය කංඛති විචිකිච්ඡති, පුබ්බන්තේ කංඛති විචිකිච්ඡති, අපරන්තෙ කංඛති විචිකිච්ඡති, පුබ්බන්තාපරන්තේ කංඛති විචිකිච්ඡති, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මේසු කංඛති විචිකිච්ඡති.”
යනුවෙන් අෂ්ටාකාර කොට ධම්මසංගණියේ දක්වා තිබේ. ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කිරීමය යනු දෙතිස් මහා පුරිස් ලකුණෙන් යුත් ශරීරයක් ඇති කෙනකු ඇති විය හැකිද? කියා බුදුන්වහන්සේගේ ශරීරය ගැන හෝ කාලත්‍රයට අයත් සියල්ල දත හැකි ඥානයක් ඇත් ද? නැත් ද? කියා බුද්ධඥානය ගැන හෝ ඒ දෙක ම ගැන හෝ සැක කිරීමය.
ධර්මය ගැන සැක කිරීමය යනු සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ධර්මයක් ඇත් ද? නැත් ද? කියා හෝ මේ ධර්මය නෛර්‍ය්‍යාණික ද? නැද්ද? කියා හෝ සැක කිරීමය.
සංඝයා කෙරෙහි සැක කිරීමය යනු මාර්ගස්ථයෝ සතර දෙනය, ථලස්ථයෝ සතර දෙනය යන අෂ්ටාර්‍ය්‍ය පුද්ගල සංඝරත්නයක් ඇත් ද? නැත් ද කියා හෝ සංඝරත්නය සුප්‍රතිපන්න ද? නැත් ද? කියා හෝ මේ සංඝරත්නයට දීමෙන් ඵලයක් ඇත් ද? නැත් ද? කියා හෝ සැක කිරීම ය.
ශික්ෂාව ගැන සැක කිරීමය යනු ත්‍රිශික්ෂාවක් ඇත් ද? නැත් ද? කියා හෝ ත්‍රිශික්ෂාවෙන් පලක් ඇත් ද? නැත් ද? කියා හෝ සැක කිරීම ය.
පූර්වාන්තය ගැන සැක කිරීමය යනු මම අතීතයේ වූයෙම් ද? නො වූයෙම් ද? මේ සත්ත්වයෝ අතීතයෙහි වූවාහු ද? නො වූවාහුදැයි අතීත භවයන්ට අයත් ස්කන්ධායතන ධාතූන් ඇති නැති බව පිළිබඳ ව සැක කිරීම ය.
අපරාන්තය ගැන සැක කිරීමය යනු මම අනාගතයෙහි උපදින්නෙම් ද? නො වෙම්ද? මේ සත්ත්වයෝ අනාගතයෙහි උපදිනාහු ද? නැත්දැයි අනාගත ස්කන්ධායතන ධාතූන් පිළිබඳ ව සැක කිරීම ය.
පූර්වාන්තාපරන්ත දෙක ගැන සැක කිරීමය යනු අතීතානාගත දෙපක්ෂයට ම අයත් ස්කන්ධායතන ධාතූන් ගැන සැක කිරීම ය.
“ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු කංඛති” යනුවෙන් දැක්වෙන අට වන විචිකිච්ඡාව නම් පටිච්චසමුප්පාදය පිළිබඳ ව සැක කිරීම ය. සබ්බාසව සූත්‍රයේ ෂෝඩශාකාරයකින් විචිකිච්ඡාව වදාරා තිබේ.
උද්ධච්ච විචිකිච්ඡා යන චෛතසිකයෝ දෙදෙන ම ආරම්මණයෙහි සැලෙන්නා වූ ධර්මයෝ ය. උද්ධච්චය අනෙකක අපේක්ෂවක් නැති ව එක ආරම්මණයක ම සැලෙන්නේ ය. විචිකිච්ඡාව එසේ ද මෙසේ ද එය ද මෙය දැයි අන්‍යාරම්මණයක් අපේක්ෂා කිරීම් වශයෙන් සැලෙන්නේ ය. මේ ඒ චෛතසික දෙක්හි වෙනස ය.”
Q. සෝවන් වූවත් අනීවරණ විචිකිච්ඡාව පවතිනව නේද?
A. ඔව් - මහානාම ශාක්‍යතුමාට ඇතිවුණා වගේ හෝ වෙනත් හරියට ම නොදන්නා කරුණු ගැන ...