[Watch in 4K — Recommended Resolution.]


58. 'පාදුකාව' යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පාදුකාව යන්නෙහි අර්ථය කුමක්ද?

A1. පාදුකා(ව) = “මිරිවැඩි; ස්ලිපර්ස් (සෙරෙප්පු).”

“පාදුකා යනු ලීයෙන් සාදා ඇඟිලි කරුවට ඇතුළු කර ගැනීම සඳහා මුදුනෙහි කුඩයක් සහිත ඇණයක් යොදා ඇති පාවහන් වර්ගයකි. ඒ වර්ගය මුස්ලිම් ජනයා ඔවුන්ගේ ගෙවල පාවිච්චි කරනු දක්නා ලැබේ.”

A2. පාදුකා(ව) = “අඩිය තැබීමට සෑදූ පඩිය (කුඩා-පඩි-දෙක) (වැසිකිළි ආදියෙහි)”

“පාදුකාව උඩට පැමිණෙන තුරු අඳනය නො එසවිය යුතුය. ... පාදුකාව මත සිට ගෙන ම අඳනය පහත දමා එයින් බැහැර විය යුතුය.”

["පාදුකා.ඉ - අඩිය තැබීමට සෑදූ පඩිය (වැසිකිළි ආදියෙහි); මිරිවැඩි; ස්ලිපර්ස් (සෙරෙප්පු).
පාදුකා.ඉ - වහන් මිරිවැඩි, වැසිකිළියෙහි සකිලි වල පාදුකා, සපත්තු.

ආචමනපාදුකා.ඉ - අත්පා ආදිය සේදීමට පාවිච්චි කරන ලෑල්ල, අත්පා සේදීමෙන් පසු පාවිච්චි කරන පාවහන්, වැසිකිළියේ වර්චස් සෝදන පාදුකාව, “ආචමනපාදුකාය ඨිතෙන උබ්භුජීතබ්බං.”
එකාදස-පාදුකා.ඉ - අකැප පාදුකා එකොළොස.
පාදපීඨ. - පය තබනා පුටුව, පාදුකාව.
පාදුකා.ඉ - වහන් මිරිවැඩි, වැසිකිළියෙහි සකිලි වල පාදුකා, සපත්තු."

"පාදුකා
BUE
(f.) a slipper or shoe.
පාදුකා
BUS
ඉ අඩිය තැබීමට සෑදූ පඩිය (වැසිකිළි ආදියෙහි); මිරිවැඩි; ස්ලිපර්ස් (සෙරෙප්පු).
පාදුකා
MS
ඉ වහන් මිරිවැඩි, වැසිකිළියෙහි සකිලි වල පාදුකා, සපත්තු.
පාදුකා
PTS
(f.) [cp. Epic Sk. pāduka & pādukā] a shoe, slipper, clog Vin ;i.190; ii.142, 222; J iii.327; iv.129, 379 v.298; vi.23; Miln 330; DA i.136; DhA iii.451 (muñja˚) -- At Vin ii.143 (according to Rh. D.) pādukā (dāru˚) is a kind of stool or stand in a privy.
පාදුකා
VRI
A shoe, a slipper"

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll