A. සාමන්‍යයෙන් විපරිණාමස්වභාවයෙන් තමා සැප දුකයි කියලා ගන්නේ; මමත් ඔහොම ෆොටෝ ගොඩක් දැක්කා, එත් මූලාශ්‍රයක් නම් නැහැ, මාත් සූත්‍රයක් හෝ මූලාශ්‍රයක් නම් දන්නේ නෑ. හම්බ වුණොත් දෙන්නම්.
Q. මෙවැනි අර්ථයක් ඇති දේශනාවක් කියවූ බවට මටත් මතකයක් තිබෙනවා. දුක කියන එක නොයෙක් අර්ථ වලින් දේශනා වෙනවා. උදාහරණයක් විදිහට පහත දැක්වෙන සූත්‍රය බලන්න.
A. "මහණ, මැනව, මැනව මහණ, මේ වේදනා තුනක් මවිසින් දෙසන ලදි. සුවවේදනාය, දුක්වේදනාය, මැදහත්වේදනාය යි. මේ වේදනා තුන මා විසින් දෙසන ලදී. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි මෙ ද මා විසින් දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම අනිස බව සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ක්‍ෂය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ව්‍යය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විරාගස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම නිරෝධස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විපරිණාමස්වභාවය සඳහා දෙසන ලදි."
"සාධු සාධු භික‍්ඛු, තිස‍්සො ඉමා භික‍්ඛු වෙදනා වුත‍්තා මයා. සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා, ඉමා තිස‍්සො වෙදනා වුත‍්තා මයා. වුත‍්තං ඛො පනෙතං භික‍්ඛු මයා යං කිඤ‍්චි වෙදයිතං තං1 දුක‍්ඛස‍්මින‍්ති. තං ඛො පනෙතං භික‍්ඛු මයා සඞ‍්ඛාරානඤ‍්ඤෙව අනිච‍්චතං සන්‍ධාය භාසිතං: යං කිඤ‍්චි වෙදයිතං තං දුක‍්ඛස‍්මින‍්ති. තං ඛො පනෙතං භික‍්ඛු මයා සඞ‍්ඛාරානඤ‍්ඤෙව2 ඛයධම‍්මතං සන්‍ධාය භාසිතං: යං කිඤ‍්චි වෙදයිතං තං දුක‍්ඛස‍්මින‍්ති. තං ඛො පනෙතං භික‍්ඛු මයා සඞ‍්ඛාරානඤ‍්ඤෙව2 වයධම‍්මතං සන්‍ධාය භාසිතං: යං කිඤ‍්චි වෙදයිතං තං දුක‍්ඛස‍්මින‍්ති. තං ඛො පනෙතං භික‍්ඛු මයා සඞ‍්ඛාරානඤ‍්ඤෙව විරාගධම‍්මතං සන්‍ධාය භාසිතං: යං කිඤ‍්චි වෙදයිතං තං දුක‍්ඛස‍්මින‍්ති. තං ඛො පනෙතං භික‍්ඛු මයා සඞ‍්ඛාරානඤ‍්ඤෙව නිරොධධම‍්මතං සන්‍ධාය භාසිතං: යං කිඤ‍්චි වෙදයිතං තං දුක‍්ඛස‍්මින‍්ති. තං ඛො පනෙතං භික‍්ඛු මයා සඞ‍්ඛාරානඤ‍්ඤෙව විපරිනාමධම‍්මතං සන්‍ධාය භාසිතං: යං කිඤ‍්චි වෙදයිතං තං දුක‍්ඛස‍්මින‍්ති."