A. “බීජ නියාමය, සෘතු නියාමය, කර්ම නියාමය, ධර්ම නියාමය, චිත්ත නියාමය” නියාම ධර්ම පසෙකි.
අඹ ඇටයකින් කජු පැළයක් - දෙහි පැළයක් - දොඩම් පැළයක් ඇති නො වී, අඹ පැළයක් ම ඇති වීම; කොස් ඇටයකින් කොස් පැළයක් ම - පොල් ගෙඩියකින් පොල් පැළයක්ම යනාදි වශයෙන් ඒ ඒ බීජයන් ඒ ඒ ජාතියේ ම ගස් හට ගැනීම, කඩල ගසේ කරටිය උතුරට ම හැරී සිටීම; සූර්‍ය්‍යකාන්ත ගසේ කරටිය ඉර දෙසට හැරීම; පොල් ගෙඩියේ ඇස් තුනක් ඇතිවීම යනාදිය බීජ නියාමය ය.
ඒ ඒ ජාතිවලට අයත් ගස් වැල්වල එක ම කාලයකදී දලු - මල් ඵල හට ගැනීම සෘතු නියාමය ය.
ඒ ඒ කර්මයන්ට අනුකූල වන විපාකයක් ම ඇති වීම කර්ම නියාමය ය.
මහා බෝධිසත්ත්වයන් ගේ මවුකුස පිළිසිඳ ගැනීම් මව් කුසයෙන් බිහිවීම් - බුදුවීම් - දම්සක්පැවැත්වීම් ආදියෙහි පොළොව කම්පාවීම් ආදී නිමිති පහළ වීම ධර්ම නියාමය ය.
රූපාදි ආරම්මණයන් චක්ෂුරාදි ප්‍රසාදයන්හි ගැටුණු කල්හි කිසිවකු ගේ සංවිධානයක් නැති ව ක්‍රමානුකූලව සිත් පරම්පරාව ඇති වීම චිත්ත නියාමය ය.
කියන ලද කරුණු පස කාගේවත් සංවිධානයක් නැතිව නියාම ධර්ම අනුව සිදු වේ.”