116. 'අනිත්‍ය' සහ 'අනිත්‍ය ධර්මතාවය' එකක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අනිච්ච ධර්මතාවය අනිත්‍ය යන වචනයෙන් පැහැදිලි කරගන්නේ කෙසේද?


A. (අනිත්‍ය ධර්ම =) අනිත්‍ය = පංචස්කන්ධය, ආයතන දොළහ, ධාතු දහඅට (ධාතු අටළොස).
[“පඤ්චක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයොති ඉදඤ්හි සබ්බම්පි අනිච්චං දුක්ඛං අනත්තා නාම.”]

(අනිත්‍ය ධර්මතාවය =) අනිත්‍ය ලක්ෂණය = (උදය-ව්‍යය වශයෙන්) සෑම මොහොතක ම අලුතෙන් ම හටගෙන, නැත්තට ම නැතිවී යන; මොහොතක් මොහොතක් (චිත්තක්ෂණයක් ක්ෂණයක්) පාසා ඉපිද නිද්ධ වීම (නැත්තට ම නැතිවීම) අනිත්‍ය ලක්ෂණය යි.
[“උප්පාදවයඤ්ඤථත්තභාවා, හුත්වා අභාවතො වා; උප්පාදවයඤ්ඤථත්තං අනිච්චලක්ඛණං”
“හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චා - අනිච්චන්ති නිච්චධුවතාභාවතො; උප්පාදවයවන්තතායාති ඛණෙ ඛණෙ උප්පජ්ජිත්වා නිරුජ්ඣනතො;”]

{[(අනිත්‍ය ධර්ම =? ) (අනිත්‍ය ධර්මතාවය =? )]}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll