06. අලුත් ම සත්ත්වයෝ ඇතිවෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අවසරයි සැමගෙන්, සසරට අලුතින්ම එකතු වෙන සත්වයොත් ඉන්න පුළුවන් ද?

A. අපි “සත්ත්වයා” කියන්නේ “ශක්තිය”කට (ශක්තීන් ගොඩකට). “ශක්තිය” ඇතිකරන්න (ඇතිවෙන්න) හෝ විනාශ කරන්න (විනාශ වෙන්න) විදිහක් නෑ, වෙනත් තත්ත්වයකට වෙනස් වෙනවා මිසක්.

“සත්ත්වයා” කියන “ශක්තිය” එක්කෝ වෙනත් “සත්ත්වයෙක්” බවට හෝ “නිවන” (කියන ශක්තිය) බවට හෝ පරිවර්තනය වෙනවා මිසක්, කවදාවත් අලුතෙන් හැදෙන්නේ වත් විනාශ වෙන්නේ වත් නෑ.

[රේරුකානේ මහා නාහිමියන්ගේ පොත්පත් හා “The First Law of Thermodynamics, also known as Law of Conservation of Energy, states that energy can neither be created nor destroyed; energy can only be transferred or changed from one form to another.” ද ඇසුරෙනි.]

Q. මා සිතන්නෙ ශක්ති සංස්ථිතිය බිද දැමීමයි නිවන.

A. හොඳ ප්‍රශ්නයක් - ඒත් කාරණයට අදාළව ධර්මානුකූලව ගළපලා ගන්න හෝ ධර්මානුකූල නොවෙනවා නං බැහැර කරන්නත් අපි දක්ෂ වෙන්න ඕනී, කවුරු කොහොම කිව්වත් (දේශනා කරත්); ඒකයි ධර්මඥානයේ (දහම් දැනුමේ) ඇති වැදගත්කම / වටිනාකම.

එතන දී, හේතූන්ගෙන් හටගත් ශක්තීන් (“සංඛත ශක්තීන්”) විතරක් “වෙනත් ශක්ති බවට වෙනස් වෙනවා, පරිවර්තනය වෙනවා” ලෙසින් හා හේතූන්ගෙන් හට නොගත් ශක්තිය (“අසංඛත ශක්තිය” / “නිවන”) “කවදාවත් අලුතෙන් හැදෙන්නේ වත් / විනාශ වෙන්නේ වත් නෑ” ලෙසින් ගත්තම ධර්මානුකූලයි; (විද්‍යාවට අහු නොවුණත් විද්‍යානුකූලයි).

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll