Q. පඤ්ඤාවේ ප්‍රබේධ කෙටියෙන් දක්වා එම ප්‍රභේධ මූලාශ්‍රද ඇසුරින් පෙන්වා දිය හැකිද?
A. ප්‍රඥාව:–
1. ජාති ප්‍රඥාව (ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ප්‍රඥාව).
2. විදර්ශනා ප්‍රඥාව.
3. පාරිහාරීය ප්‍රඥාව (තැනට සුදුසු නුවණ / ස්ථානෝචිත ප්‍රඥාව).
4. ශ්‍රැතමය (ශෘතමය) ප්‍රඥාව.
5. චිත්තාමය ප්‍රඥාව.
6. භාවනාමය ප්‍රඥාව.
7. ලෞකික ප්‍රඥාව.
8. උදයත්ථගාමිනී ප්‍රඥාව [උදය-වැය ඤාණය (ආදී ඥාන)]
[උදයත්‍ථගාමිනියා = උදයාස්තගාමිනී = උදය + අස්ත = ඇතිවීම + නැතිවීම = උදය + වැය = උදය + ව්‍යය = *** චිත්ත-චෛතසික-රූපයන්ගේ (තමා හා සමාන, ඒ වර්ගයේ ම සමාන රූප උපද්දවා ගෙන ම හෝ) පෙර නොතිබී අලුතින් ම පහළ වීම + (අතුරුදහන් වීමට පෙර, තමා හා සමාන, ඒ වර්ගයේ ම සමාන රූප උපද්දවා ගෙන හෝ,) කිසිවක් ඉතිරි නොමැතිව ම අතුරුදහන් වීම.]***
9. ලෝකෝත්තර ප්‍රඥාව.
*** “රූප කලාපයෝ ද දරුවන් උපදවන්නේය. එක් එක් රූප කලාපයක් නිරුද්ධ වන්නේ තමාගේ ජාතියට අයත් තවත් රූප කලාප එකක් හෝ වැඩි ගණනක් ඉපදවීමෙන් පසුවය. මැරෙන මිනිසුන් දරුවන් උපදවා තබා මැරෙන බැවින් කොතෙක් මිනිසුන් මළ ද, ලෝකයේ සිස් බවක් නො වන්නාක් මෙන් එක් වස්තුවකට අයත් රූප කලාප කොතෙක් නිරුද්ධ වුවත්, ඒවා තමාට සමාන වූ තවත් රූප කලාප උපදවා ම නිරුද්ධ වන හෙයින්, ඒ ඒ වස්තුවල අඩුවක් නො පෙනේ. නිරුද්ධ වන රූප කලාපය දරු රූප කලාප උපදවා නිරුද්ධ වන බැවින් ද, සියලු ම රූප කලාප එකවර නිරුද්ධ නො වන බැවින් ද, රූප කලාපයන්ගේ උත්පාද නිරෝධ දෙක අතර නො දැකිය හැකි සේ ඉතා වේගයෙන් සිදු වන බැවින් ද, ගස් ගල් ආදි වස්තු නො වෙනස් වන බොහෝ කල් පවත්නා සේ පෙනේ. සෑම වස්තුවක ම ඇසිපිය හෙළන පමණ කාලයකුත් නැවතීමක් නැති වැ සිදුවන රූපයන්ගේ ඉපැදීම හා බිඳීම හා සන්තතියෙන් හෙවත් වේගයෙන් පවත්නා පරම්පරා සම්බන්ධයෙන් වැසී තිබේ. එය දක්නට සන්තති ප්‍රඥප්ති බිඳ බලනු.
දරු රූප කලාප උපදවා රූපයෝ නිරුද්ධ වෙතියි කී මුත්, සෑම කල්හි ම එය එසේ නොවේ. පරම්පරා ගණනක් ගත වීමෙන් දුබල වූ රූප කලාපයෝ ද, දරු රූප ඉපැදවීමට වුවමනා ප්‍රත්‍යයන් නොලැබූ රූප කලාපයෝ ද විරුද්ධ ප්‍රත්‍යයන් ගේ ස්පර්ශය ලත් රූප කලාපයෝද, දරු රූප නූපදවාම නිරුද්ධ වෙති. අප ඉදිරියෙහි ඇති බොහෝ වස්තූන් කලෙකදී සර්වප්‍රකාරයෙන් ම අභාවප්‍රාප්ත වනුයේ එහෙයිනි.”
ආදී ලෙස ප්‍රභේද ඇති බව ද දැනගත යුතු ම ය. තව ද:
# "යදිදං පඤ්ඤාය යන යම් ආකාර වූ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාවක් වේද, එම ප්‍රඥාවෙන් භාග්‍යවතුන් වහන්සේ අතිශයින් බබළත් යන අර්ථයි. ඉති ශබ්දය කාරණාර්ථයෙහි. මෙම කාරණයෙන් අග්ගො අසාමන්ත පඤ්ඤො යනු අග්‍ර අන්‍යයන් විසින් පැමිණිය නොහැකි ප්‍රඥාව යැයි අර්ථයි.
රාගං අභිභූය්‍යතීති භූරිපඤ්ඤො යනු එය සාමග්‍රී ප්‍රඥාවෙන් තම වරද රාගය අභිභවනය කෙරේ. මැඩපවත්වයි. මර්දනය කෙරේනුයි භූරි පඤ්ඤායි. භූරි යනු ස්පර්ශාර්ථය, ප්‍රකටාර්ථයයි. යමක් ස්පර්ශ කරන ලදුයේද, එය ප්‍රතිපක්‍ෂය මැඩපවත්වයි. ස්පර්ශ නොකරන ලද්ද එසේ නොවේ. එහෙයින් භූරි ප්‍රඥාවෙන් අභිභවනාර්ථය යූ.සේයි. අභිභවිතා යනු ඒ ඒ ඵල ප්‍රඥාව ඒ ඒ රාගය අභිභවනය කරන්නේනුයි, මර්දනය කරන්නේනුයි භූරි පඤ්ඤායි. අභිභවතායිද පාඨයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. රාගාදීන්හි වනාහි ඇලීම් ලක්‍ෂණය රාගොයි. දූෂ්‍යවීම් ලක්‍ෂණය දොසොයි. මුළාවීම් ලක්‍ෂණය මොහොයි. කිපීම් ලක්‍ෂණය කොධොයි. වෛර බැඳීම් ලක්‍ෂණය උපනාහොයි. පෙර කල ක්‍රෝධය, පසුකල උපනාහයයි. අන් ගුණ මැකීම් ලක්‍ෂණය මක්ඛොයි. තරගකාරී ලක්‍ෂණය පලාසොයි. පර සම්පත් ක්‍ෂය කරන ලක්‍ෂණය ඉස්සායි. තම සම්පත් සඟවන ලක්‍ෂණය මච්ඡරියංයි. තමා කළ පාපයන් සැඟවීම් ලක්‍ෂණය මායායි. තමාගේ අවිද්‍යමාන ගුණ ප්‍රකාශ කිරීම් ලක්‍ෂණය සාඨෙය්‍යංයි. සිතෙහි ඉදිමුණු ස්වභාව ලක්‍ෂණය ථම්භොයි. කළ දෙයට වැඩියමක් කිරීම් ලක්‍ෂණය සාරම්භොයි. ඉහළ නැගීම් ලක්‍ෂණය මානොයි. වැඩිපුර ඉහළ නැගීම් ලක්‍ෂණය අතිමානොයි. මත්වූ ස්වභාව ලක්‍ෂණය මදොයි. පඤ්චකාම ගුණයන්හි සිත අත්හැරීම් ලක්‍ෂණය පමාදොයි.
රාගො අරි, තං අරිං මද්දනී පඤ්ඤා යන ආදීන්ගෙන් කුමක් යූසේයිද? රාගාදී ක්ලේශය චිත්ත සන්තානයෙහි වූ සතුරෙක්නුයි භූඅරියි. පද සන්‍ධි වශයෙන් අකාර ලෝපය කොට භූරියං යූසේයි. එම සතුරා මර්දනය කරන ප්‍රඥාව යැයි කිවයුතු කල්හි (භූරිස්සමද්දනී පඤ්ඤා) මද්දන ශබ්දය ලොප්කොට ‘භූරි පඤ්ඤායි’ යූසේයි. එම සතුරා මර්දනය කරයිද, එම සතුරන්ගේ මර්දනය යැයි පදච්ඡේද කළයුතුය. පඨවිසමාය යනු පැතිරුණු, මහත් අර්ථයෙන්ම පෘථුවිය හා සමවූ, විත්‍ථතාය යනු දතයුතු විෂයයෙහි පතළ භාවයෙන්, එක් කොටසක පමණක් පවත්නා දැනුමෙන් නොවේ. විපුලාය යනු විශාල වූ, මහා නිර්දේශයෙහි වනාහි විපුලාය විත්‍ථතාය යනුවෙන් ආයේය. සමන්නාගතො යනු එයින් යුක්ත පුද්ගල තෙමේ ඉති ශබ්දය කාරණාර්ථයි. මෙම කරුණෙන් පුද්ගලයා භූරි ප්‍රඥාවෙන් යුක්ත වූ හෙයින් ඔහුගේ ප්‍රඥාව භූරිප්‍රඥා (භූතාර්ථයෙහි සිත් අලවානුයි) නමැයි අර්ථයි. භූරි ප්‍රාඥයාගේ ප්‍රඥාව භූරිපඤ්ඤා ප්‍රඥාව යැයි කිවයුතු කල්හි එක් ප්‍රඥා ශබ්දයකගේ ලෝපය කොට භූරි පඤ්ඤායි යූ.සේයි. භූරිසම ප්‍රඥාවනුයි හෝ භූරි පඤ්ඤායි. අපිච යනු අන් ක්‍රමයක් සඳහා යූ.සේයි. පඤ්ඤාය මෙතං යනු ප්‍රඥාවට එය, අධිවචනං යනු අධික වචනයයි. භූරි යනු භූතාර්ථයෙහි සිත් අලවානුයි භූරියි. මෙධා යනු පර්වතයෙහි වැදුණු හෙණක් මෙන් කෙලෙසුන් පීඩනයට පත්කරයි. හිංසාවට පත් කෙරේනුයි මෙධායි. වහා ග්‍රහණ ධාරණාර්ථයෙන් හෝ මෙධායි. පරිණායිකා යනු යමෙකුට එය හටගනීද? එම සත්ත්වයා යහපත් ප්‍රතිපත්තියෙහිද, සම්ප්‍රයුක්ත ධර්මයෙහිද යථා ස්වභාව ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි මනාව ගෙනයයි නුයි පරිණායිකායි. මේවායින්ම අන්‍ය වූද, ප්‍රඥා ආකාර වචන යූසේයි.
පඤ්ඤා බාහුල්ලං යනු ප්‍රඥාව බහුල වන්නේනුයි පඤ්ඤා බහුලොයි. එහි ස්වභාවය පඤ්ඤා බාහුල්ලංයි. එයද බහුලව පවත්නා ප්‍රඥාවමය. ඉධෙකච්චො යන ආදීන්හි, කල්‍යාණ පෘථග්ජන පුද්ගලයා හෝ ආර්ය පුද්ගල තෙමේ, ප්‍රඥාගරුක වන්නේනුයි පඤ්ඤා ගරුකොයි. ප්‍රඥා චරිත පැවැත්ම වන්නේනුයි පඤ්ඤා සයොයි, ප්‍රඥාවගේ ඇලුණු බව පඤ්ඤාධිමුත්තොයි. ප්‍රඥාවම ධජයක් වැනි වූයේ වන්නේනුයි පඤ්ඤාධජොයි, ප්‍රඥාවම කේතුවක් වැනි වූයේ, වන්නේ නුයි පඤ්ඤාකෙතුයි. ප්‍රඥාවම අධිපති වූයේ පඤ්ඤාධිපතෙය්‍යොයි. ධර්ම ස්වභාව විමසීම් බහුලකොට වන්නේනුයි විචයබහුලොයි. නොයෙක් ආකාරයන්ගෙන් ධර්මස්වභාව විමසීම් බහුලකොට වන්නේනුයි පවිචය බහුලොයි. ප්‍රඥායෙන් බැස ඒ ඒ ධර්මයෙහි වැටහීම, ප්‍රකට කිරීම ඔක්ඛායනයයි. එය බහුල වන්නේනුයි ඔක්ඛායන බහුලොයි. ප්‍රඥායෙන් ඒ ඒ ධර්මයෙන් මනාකොට දැක්ම සම්පෙක්ඛායි. මනාව දැක්මෙහි මාර්ගය පැවැත්ම සම්පෙක්ඛායනයයි. මනාව දැක්මෙහි මාර්ග ස්වභාව ප්‍රකෘතිය වන්නේනුයි සම්පෙක්ඛායන ධම්මොයි. ඒ ඒ ධර්මය විභූතකොට, ප්‍රකටකොට වාසය කෙරේනුයි විභූත විහාරීයි. ප්‍රකට වූ විහරණය මොහුට ඇත්තේනුයි විභූත විහාරීයි. ඒ ප්‍රඥා චරිතය ගරුකොට, බහුලකොට වන්නේනුයි තච්චරිතො තග්ගරුකො තබ්බහුලොයි, එම ප්‍රඥායෙහි නිම්න වූයේ, ප්‍රවණතාවයට පත්වූයේ නම්‍රතායෙන් යුක්ත වූයේ - ඇලුණේනුයි තන්නින්නො තප්පොණො තප්පබ්භාරො තදධිමුත්තොයි ඒ ප්‍රඥා තොමෝ අධිපති වූවෝ තදධිපතියි. එයින් පැමිණියේනුයි තදධිපතෙය්‍යොයි. පඤ්ඤාගරුකො යන ආදිය ‘කාමය සෙවුණේම මෙම පුද්ගලයා කාමය ගරු කරයි යයි දනියි. යනාදීන්හි මෙන් පෙර ජාතියෙහි පටන් යූසේයි. තච්චරිතො යනාදිය මේ ජාතිය සඳහා යූසේයි.
සීඝ්‍ර ප්‍රඥාවද, ලහු ප්‍රඥාවද, හාස ප්‍රඥාවද, ජවන ප්‍රඥාවද, ලෞකික ලෝකෝත්තර මිශ්‍ර වූයේය. වහා සිදුවන අර්ථයෙන් සීඝ පඤ්ඤායි. සැහැල්ලු අර්ථයෙන් ලහුපඤ්ඤායි. සතුට බහුල අර්ථයෙන් හාස පඤ්ඤායි. විදර්ශනා අනුව ගිය සංස්කාරයන්හිද, විසංස්කාරයන්හිද ජවනාර්ථයෙන් ජවන පඤ්ඤායි. සීඝසීඝං යනු බොහෝ ශීලාදීන්ගේ සංග්‍රහය සඳහා දෙවරක් යූසේයි. සීලානි යනු චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් පනවන ලද ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීල, ඉන්‍ද්‍රිය සංවරං යනු චක්‍ෂුරාදී ෂට් ඉන්‍ද්‍රියයන්ට, රාග ප්‍රතිඝාදි ප්‍රවේශ නොකොට සිහි නමැති කවුළුවෙන් වළක්වා වැසීමයි. භොජනෙ මත්තඤ්ඤුතං යනු ප්‍රත්‍යයවේක්‍ෂිත පරිභෝග වශයෙන් බොදුන්හි පමණ දැනීම් ස්වභාවයයි. ජාගරියානුයොගං යනු දවසෙහි රැයෙහි ත්‍රිවිධ කොට්ඨාසයන් තුළ, ප්‍රථම, මධ්‍යම යන දෙකොටසයෙහි නිදිවරයි. නොනිදයි. ශ්‍රමණ ධර්මයම (භාවනාවම) කරයිනුයි ජාගරොයි. ජාගරයෙහි ස්වභාවය හෝ කර්මය හෝ ජාගරියංයි. ජාගරියෙහි යෙදීම ජාගරියානුයොගයි. එම ජාගරියානුයෝගය. සීලක්ඛන්‍ධං යනු ශෛක්‍ෂ්‍ය හෝ අශෛක්‍ෂ්‍ය ශීලස්කන්‍ධය, මෙසේ අනෙක් ස්කන්ධයන්ද දතයුත්තාහ. පඤ්ඤාක්ඛන්‍ධං යනු මාර්ග ප්‍රඥාවද, ශෛක්‍ෂ්‍ය, අශෛක්‍ෂ්‍යයන්ගේ ලෞකික ප්‍රඥාවද වේ. විමුත්තික්ඛන්‍ධං යනු ඵල විමුක්තියයි. විමුත්ති ඤාණ දස්සනක්ඛන්‍ධං යනු ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණයයි.
හාසබහුලො යනු මූලපදයයි. වෙදබහුලො යනු එම ප්‍රීතිය හා සමග යෙදුණු සොම්නස් වේදනාව විඳීම් වශයෙන් විස්තර පදයයි. තුට්ඨි බහුලො යනු ඉතා බලවත් ප්‍රීතිය නුවූ, සතුටුවීම් ආකාර වශයෙන් පවත්නා සන්තුෂ්ටිය. පාමුජ්ජබහුලො යනු බලවත් ප්‍රීතියෙන් ප්‍රමුදිත භාව වශයෙන්.
යං කිඤ්චි රූපං යන ආදිය සම්මර්ශන ඤාණ නිර්දේශයෙහි කියන ලද අර්ථයමය. තුලයිත්‍වා යනු කලාප සම්මර්ශන වශයෙන් තුලනය කොට, තීරයිත්‍වා යනු උදයව්‍යය ඤාණ අනුපස්සනා වශයෙන්, විභාවයිත්‍වා යනු භංගානුපස්සනාදී වශයෙන් ප්‍රකටකොට, විභූතං කත්‍වා යනු සංස්කාරෝපේක්‍ෂා වශයෙන් ස්පර්ශකොට, තීක්‍ෂණ ප්‍රඥා ලෝකෝත්තරමය. උප්පපන්නං යනු සමථ විදර්ශනා වශයෙන් විෂ්කම්භන තදංග වශයෙන් ප්‍රහීණ වූයේද, ආර්ය මාර්ගයෙන් මුළුමනින් නොනැසූ හෙයින් හටගන්නා ස්වභාවය නොඉක්මවූ හෙයින් අසමූහතුප්පන්නයැයි යූ.සේයි. එය මෙහි අදහස් කරන ලදි. නාධිවාසෙති යනු සිත් සතන්හි නංවා වාසය නොකරයි. පජහති යනු මුළුමනින් නැසීම් වශයෙන් දුරුකෙරේ. විනොදෙති යනු ඉවත දමයි. බ්‍යන්ති කරොති යනු විගතාන්ත කරයි. අනභාවං ගමෙති යනු සම්පූර්ණ අභාවයට පමුණුවයි. විදර්ශනා අනුක්‍රමයෙන් ආර්ය මාර්ගයට පැමිණ සිඳදැමීම් වශයෙන් අභාවයට පමුණුවයි යන අර්ථයි. මෙහිද කාම ප්‍රතිසංයුක්ත විතර්කය කාම විතක්කොයි. ‘මෙම සත්ත්වයෝ මැරෙත්වායි’ අන්‍යයන්ගේ මරණ ප්‍රතිසංයුක්ත විතර්කය බ්‍යාපාද විතක්කොයි. ‘මෙම සත්ත්වයෝ හිංසනයට පත් වෙත්වායි, අන්‍යයන්ගේ විහිංසා ප්‍රතිසංයුක්ත විතර්කය විහිංසා විතක්කොයි. පාපකෙ යනු ලාමකයෙහි, අකුසලෙ ධම්මෙ යනු අදක්‍ෂතායෙන් හටගත් ධර්මයන්හි,
නිබ්බෙධික පඤ්ඤා යනු කලකිරීම් බහුල පුද්ගලයාට උපන් මාර්ග ප්‍රඥාවමය. උබ්බෙග බහුලො යනු ඤාණ භය වශයෙන් භය බහුල වූයේ, උත්තාස බහුලො යනු බලවත් භය බහුල වූයේ, මෙය පළමු පදයෙහිම අර්ථ විවරණයයි. උක්කණ්ඨන බහුලො යනු සංස්කාරයන්ගෙන් මත්තෙහි විසංස්කාර අභිමුව හෙයින් උකටලී බව බහුල වූයේ, අනභිරති බහුලො යනු උකටලී භාව වශයෙන්ම ඇල්මෙහි අභාවය දක්වයි. දැන්ම එම අර්ථය දෙවදනෙකින් ප්‍රකට කළේය. එහි බහිමුඛො යනු සංස්කාරයෙන් පිටත වූ නිර්වාණාභිමුඛව, න රමති යනු සිත් නොඅලවයි. අනබ්බිද්ධ පුබ්බං යනු නොදත් කෙළවර ඇති සසර අන්තයට පමුණුවා නොවිදුනා ලද විරූ, අප්පදාලිත පුබ්බං යනු එම අර්ථයම දෙන වචනයයි. අන්ත කරණයෙන්ම ප්‍රදාරණය නොකළ විරූ යන අර්ථයි. ලොභක්ඛන්‍ධං යනු ලෝභ රාශිය හෝ ලොභ කොටස හෝ, ඉමාහි සොළසහි පඤ්ඤාහි සමන්නාගතො යනු උත්කෘෂ්ට පරිච්ඡේදයෙන් රහත්හුම යූ.සේයි. මත්තෙහි එක් ශෛක්‍ෂ්‍ය ප්‍රතිසම්භිදා ප්‍රාප්තයෙකැයි කියන ලද හෙයින් සෝවාන්, සකෘදාගාමි, අනාගාමීහුද ලැබෙත්මය."
"යදිදං පඤ්ඤායාති යායං භගවතො පඤ්ඤා, තාය පඤ්ඤාය භගවාව අතිරොචතීති අත්ථො. ඉතිසද්දො කාරණත්ථෙ, ඉමිනා කාරණෙන අග්ගො අසාමන්තපඤ්ඤොති අත්ථො.
6.රාගං අභිභුය්‍යතීති භූරිපඤ්ඤාති සා සා මග්ගපඤ්ඤා අත්තනා වජ්ඣං රාගං අභිභුය්‍යති අභිභවති මද්දතීති භූරිපඤ්ඤා. භූරීති හි ඵුටට්ඨො විසදත්ථො ¶. යා ච ඵුටා, සා පටිපක්ඛං අභිභවති න අඵුටා, තස්මා භූරිපඤ්ඤාය අභිභවනත්ථො වුත්තො. අභිභවිතාති සා සා ඵලපඤ්ඤා තං තං රාගං අභිභවිතවතී මද්දිතවතීති භූරිපඤ්ඤා. අභිභවතාති වා පාඨො. සෙසෙසුපි එසෙව නයො. රාගාදීසු පන රජ්ජනලක්ඛණො රාගො. දුස්සනලක්ඛණො දොසො. මුය්හනලක්ඛණො මොහො. කුජ්ඣනලක්ඛණො කොධො. උපනන්ධනලක්ඛණො උපනාහො. පුබ්බකාලං කොධො, අපරකාලං උපනාහො. පරගුණමක්ඛනලක්ඛණො මක්ඛො. යුගග්ගාහලක්ඛණො පළාසො. පරසම්පත්තිඛීයනලක්ඛණා ඉස්සා. අත්තනො සම්පත්තිනිගූහණලක්ඛණං මච්ඡරියං. අත්තනා කතපාපපටිච්ඡාදනලක්ඛණා මායා. අත්තනො අවිජ්ජමානගුණප්පකාසනලක්ඛණං සාඨෙය්‍යං. චිත්තස්ස උද්ධුමාතභාවලක්ඛණො ථම්භො. කරණුත්තරියලක්ඛණො සාරම්භො. උන්නතිලක්ඛණො මානො. අබ්භුන්නතිලක්ඛණො අතිමානො. මත්තභාවලක්ඛණො මදො. පඤ්චසු කාමගුණෙසු චිත්තවොසග්ගලක්ඛණො පමාදො.
රාගො අරි, තං අරිං මද්දනිපඤ්ඤාතිආදීහි කිං වුත්තං හොති? රාගාදිකො කිලෙසො චිත්තසන්තානෙ භූතො අරීති භූ-අරි, පදසන්ධිවසෙන අ-කාර ලොපං කත්වා භූරීති වුත්තො. තස්ස භූරිස්ස මද්දනී පඤ්ඤා භූරිමද්දනිපඤ්ඤාති ¶ වත්තබ්බෙ මද්දනි සද්ද ලොපං කත්වා “භූරිපඤ්ඤා”ති වුත්තන්ති වෙදිතබ්බං. තං අරිං මද්දනීති ච තෙසං අරීනං මද්දනීති පදච්ඡෙදො කාතබ්බො. පථවීසමායාති විත්ථතවිපුලට්ඨෙනෙව පථවීසමාය. විත්ථතායාති පජානිතබ්බෙ විසයෙ පත්ථටාය, න එකදෙසෙ වත්තමානාය. විපුලායාති ඔළාරිකභූතාය. මහානිද්දෙසෙ පන “විපුලාය විත්ථතායා”ති (මහානි· 27) ආගතං. සමන්නාගතොති පුග්ගලො. ඉතිසද්දො කාරණත්ථෙ, ඉමිනා කාරණෙන පුග්ගලස්ස භූරිපඤ්ඤාය සමන්නාගතත්තා තස්ස පඤ්ඤා භූරිපඤ්ඤා නාමාති භූතෙ අත්ථෙ රමතීති අත්ථො. භූරිපඤ්ඤස්ස පඤ්ඤා භූරිපඤ්ඤපඤ්ඤාති වත්තබ්බෙ එකස්ස පඤ්ඤාසද්දස්ස ලොපං කත්වා “භූරිපඤ්ඤා”ති වුත්තං. භූරිසමා පඤ්ඤාති වා භූරිපඤ්ඤා. අපිචාති අඤ්ඤපරියායදස්සනත්ථං වුත්තං. පඤ්ඤායමෙතන්ති පඤ්ඤාය එතං. අධිවචනන්ති අධිකවචනං. භූරීති භූතෙ අත්ථෙ රමතීති භූරි. මෙධාති අසනි විය සිලුච්චයෙ කිලෙසෙ මෙධති ¶ හිංසතීති මෙධා, ඛිප්පං ගහණධාරණට්ඨෙන වා ¶ මෙධා. පරිණායිකාති යස්සුප්පජ්ජති, තං සත්තං හිතපටිපත්තියං සම්පයුත්තධම්මෙ ච යාථාවලක්ඛණපටිවෙධෙ ච පරිනෙතීති පරිණායිකා. ඉමෙහෙව අඤ්ඤානිපි පඤ්ඤාපරියායවචනානි වුත්තානි හොන්ති.
පඤ්ඤාබාහුල්ලන්ති පඤ්ඤා බහුලා අස්සාති පඤ්ඤාබහුලො, තස්ස භාවො පඤ්ඤාබාහුල්ලං. තඤ්ච බහුලං පවත්තමානා පඤ්ඤා එව. ඉධෙකච්චොතිආදීසු පුථුජ්ජනකල්‍යාණකො වා අරියො වා. පඤ්ඤා ගරුකා අස්සාති පඤ්ඤාගරුකො. පඤ්ඤා චරිතං පවත්තං අස්සාති පඤ්ඤාචරිතො. පඤ්ඤා ආසයො අස්සාති පඤ්ඤාසයො. පඤ්ඤාය අධිමුත්තොති පඤ්ඤාධිමුත්තො. පඤ්ඤා එව ධජභූතා අස්සාති පඤ්ඤාධජො. පඤ්ඤා එව කෙතුභූතා අස්සාති පඤ්ඤාකෙතු. පඤ්ඤා එව අධිපති පඤ්ඤාධිපති, පඤ්ඤාධිපතිතො ආගතත්තා පඤ්ඤාධිපතෙය්‍යො. ධම්මසභාවවිචිනනං බහුලමස්සාති විචයබහුලො. නානප්පකාරෙන ධම්මසභාවවිචිනනං බහුලමස්සාති පවිචයබහුලො. පඤ්ඤාය ඔගාහෙත්වා තස්ස තස්ස ධම්මස්ස ඛායනං පාකටකරණං ඔක්ඛායනං, ඔක්ඛායනං බහුලමස්සාති ඔක්ඛායනබහුලො. පඤ්ඤාය තස්ස තස්ස ධම්මස්ස සම්මා පෙක්ඛණා සම්පෙක්ඛා, සම්පෙක්ඛාය අයනං පවත්තනං සම්පෙක්ඛායනං, සම්පෙක්ඛායනං ධම්මො පකති අස්සාති සම්පෙක්ඛායනධම්මො. තං තං ධම්මං විභූතං පාකටං කත්වා විහරතීති විභූතවිහාරී, විභූතො විහාරො වා අස්ස අත්ථීති විභූතවිහාරී. සා පඤ්ඤා චරිතං, ගරුකා, බහුලා අස්සාති තච්චරිතො තග්ගරුකො තබ්බහුලො. තස්සං පඤ්ඤායං නින්නො, පොණො, පබ්භාරො, අධිමුත්තොති තන්නින්නො තප්පොණො තප්පබ්භාරො තදධිමුත්තො. සා පඤ්ඤා අධිපති තදධිපති, තතො ආගතො තදධිපතෙය්‍යො. “පඤ්ඤාගරුකො”තිආදීනි “කාමං සෙවන්තංයෙව ජානාති අයං ¶ පුග්ගලො කාමගරුකො”තිආදීසු (පටි· ම· 1.113) විය පුරිමජාතිතො පභුති වුත්තානි. “තච්චරිතො”තිආදීනි ඉමිස්සා ජාතියා වුත්තානි.
සීඝපඤ්ඤා ච ලහුපඤ්ඤා ච හාසපඤ්ඤා ච ජවනපඤ්ඤා ච ලොකියලොකුත්තරමිස්සකා. ඛිප්පට්ඨෙන සීඝපඤ්ඤා. ලහුකට්ඨෙන ලහුපඤ්ඤා. හාසබහුලට්ඨෙන හාසපඤ්ඤා. විපස්සනූපගසඞ්ඛාරෙසු ච විසඞ්ඛාරෙ ච ජවනට්ඨෙන ජවනපඤ්ඤා. සීඝං සීඝන්ති බහුන්නං සීලාදීනං සඞ්ගහත්ථං ද්වික්ඛත්තුං වුත්තං. සීලානීති චාරිත්තවාරිත්තවසෙන පඤ්ඤත්තානි පාතිමොක්ඛසංවරසීලානි. ඉන්ද්‍රියසංවරන්ති ¶ චක්ඛාදීනං ඡන්නං ඉන්ද්‍රියානං රාගපටිඝප්පවෙසං අකත්වා සතිකවාටෙන වාරණං ථකනං. භොජනෙ මත්තඤ්ඤුතන්ති පච්චවෙක්ඛිතපරිභොගවසෙන භොජනෙ පමාණඤ්ඤුභාවං. ජාගරියානුයොගන්ති දිවසස්ස තීසු කොට්ඨාසෙසු, රත්තියා පඨමපච්ඡිමකොට්ඨාසෙසු ච ජාගරති න නිද්දායති, සමණධම්මමෙව ච කරොතීති ජාගරො, ජාගරස්ස භාවො, කම්මං වා ජාගරියං, ජාගරියස්ස අනුයොගො ජාගරියානුයොගො. තං ජාගරියානුයොගං. සීලක්ඛන්ධන්ති සෙක්ඛං අසෙක්ඛං වා සීලක්ඛන්ධං. එවමිතරෙපි ¶ ඛන්ධා වෙදිතබ්බා. පඤ්ඤාක්ඛන්ධන්ති මග්ගපඤ්ඤඤ්ච සෙක්ඛාසෙක්ඛානං ලොකියපඤ්ඤඤ්ච. විමුත්තික්ඛන්ධන්ති ඵලවිමුත්තිං. විමුත්තිඤාණදස්සනක්ඛන්ධන්ති පච්චවෙක්ඛණඤාණං.
හාසබහුලොති මූලපදං. වෙදබහුලොති තස්සා එව පීතියා සම්පයුත්තසොමනස්සවෙදනාවසෙන නිද්දෙසපදං. තුට්ඨිබහුලොති නාතිබලවපීතියා තුට්ඨාකාරවසෙන. පාමොජ්ජබහුලොති බලවපීතියා පමුදිතභාවවසෙන.
7.යං කිඤ්චි රූපන්තිආදි සම්මසනඤාණනිද්දෙසෙ වුත්තත්ථං. තුලයිත්වාති කලාපසම්මසනවසෙන තුලෙත්වා. තීරයිත්වාති උදයබ්බයානුපස්සනාවසෙන තීරයිත්වා. විභාවයිත්වාති භඞ්ගානුපස්සනාදිවසෙන පාකටං කත්වා. විභූතං කත්වාති සඞ්ඛාරුපෙක්ඛානුලොමවසෙන ඵුටං කත්වා. තික්ඛපඤ්ඤා ලොකුත්තරා එව. උප්පන්නන්ති සමථවිපස්සනාවසෙන වික්ඛම්භනතදඞ්ගවසෙන පහීනම්පි අරියමග්ගෙන අසමූහතත්තා උප්පත්තිධම්මතං අනතීතතාය අසමූහතුප්පන්නන්ති වුච්චති, තං ඉධ අධිප්පෙතං. නාධිවාසෙතීති සන්තානං ආරොපෙත්වා න වාසෙති. පජහතීති සමුච්ඡෙදවසෙන පජහති. විනොදෙතීති ඛිපති. බ්‍යන්තීකරොතීති විගතන්තං කරොති. අනභාවං ගමෙතීති අනු අභාවං ගමෙති, විපස්සනානුක්කමෙන අරියමග්ගං පත්වා සමුච්ඡෙදවසෙනෙව අභාවං ගමයතීති අත්ථො. එත්ථ ච කාමපටිසංයුත්තො විතක්කො කාමවිතක්කො. “ඉමෙ සත්තා මරන්තූ”ති පරෙසං ¶ මරණපටිසංයුත්තො විතක්කො බ්‍යාපාදවිතක්කො. “ඉමෙ සත්තා විහිංසීයන්තූ”ති පරෙසං විහිංසාපටිසංයුත්තො විතක්කො විහිංසාවිතක්කො. පාපකෙති ලාමකෙ. අකුසලෙ ධම්මෙති අකොසල්ලසම්භූතෙ ධම්මෙ.
නිබ්බෙධිකපඤ්ඤාති නිබ්බිදාබහුලස්ස පුග්ගලස්ස උප්පන්නමග්ගපඤ්ඤා එව. උබ්බෙගබහුලොති ඤාණභයවසෙන භයබහුලො. උත්තාසබහුලොති බලවභයබහුලො ¶. ඉදං පුරිමස්සෙව අත්ථවිවරණං. උක්කණ්ඨනබහුලොති සඞ්ඛාරතො උද්ධං විසඞ්ඛාරාභිමුඛතාය උක්කණ්ඨනබහුලො. අනභිරතිබහුලොති උක්කණ්ඨනවසෙනෙව අභිරතිඅභාවං දීපෙති. ඉදානිපි තමත්ථං ද්වීහි වචනෙහි විවරති. තත්ථ බහිමුඛොති සඞ්ඛාරතො බහිභූතනිබ්බානාභිමුඛො. න රමතීති නාභිරමති. අනිබ්බිද්ධපුබ්බන්ති අනමතග්ගෙ සංසාරෙ අන්තං පාපෙත්වා අනිබ්බිද්ධපුබ්බං. අප්පදාලිතපුබ්බන්ති තස්සෙව අත්ථවචනං, අන්තකරණෙනෙව අපදාලිතපුබ්බන්ති අත්ථො. ලොභක්ඛන්ධන්ති ලොභරාසිං, ලොභකොට්ඨාසං වා. ඉමාහි සොළසහි පඤ්ඤාහි සමන්නාගතොති උක්කට්ඨපරිච්ඡෙදෙන අරහායෙව වුත්තො. උපරි “එකො සෙක්ඛපටිසම්භිදප්පත්තො”ති (පටි· ම· 3.8) වුත්තත්තා සොතාපන්නසකදාගාමිඅනාගාමිනොපි ලබ්භන්තියෙව."