[Watch in 4K — Recommended Resolution.]


257. හොඳ ම පැතුම් (ප්‍රාර්ථනා) දහය මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ඕනෑම පිනක් කුසලයක් සිදු කර, ප්‍රර්ථනා කළ යුතු හොඳම ආකාර හා හොඳම ප්‍රාර්ථනා 10 මොනවාද?

A. අඩු-වැඩිය එක්කොට/අඩුකොට ඔබට කැමති පරිදි සකසා ගත හැක:-

[ත්‍රෛකාලීන = තුන් කල්; තෙකල්; අතීත-අනාගත-වර්තමාන යන කාල තුන.]

පළමුව: {I.} කර්ම-කර්ම ඵල අදහා ගෙන ම අදාළ පින-කුසලය සිදු කොට, “මේ පිනෙන්/කුසලයෙන් ජනිත සියලු යහපත් ශක්තීන් (කුසල ශක්තීන්) ත්‍රෛකාලීන ත්‍රිවිධ රත්නයටත්, ත්‍රෛකාලීන සියලු ම සත්ත්වයන්ටත් (සෑම සත්ත්වයෙකු හටත්), ත්‍රෛකාලීන විශ්වයටත් (කර්ම-කර්ම ඵල අදහා ගෙන ම) අනුමෝදන් කරමි - (එකී එක් එක් පාර්ශව) අනුමෝදන් වේවා!” 

{II.} “මා මෙන් ම ත්‍රෛකාලීන සත්ත්වයෝ (සිතින්-කයින්-වදනින් ත්‍රෛකාලීනව සසර වසනා තුරාවට,) කළ/කරන සියලුම පිං-කුසල් ද, එසේ ත්‍රෛකාලීන සත්වයන් විසින් කොට (ත්‍රෛකාලීනව) අනුමෝදන් කළ-කරන පිං-කුසල් මම ද (කර්ම-කර්ම ඵල අදහා ගෙන ම) අනුමෝදන් වෙමි!”

{III.} “නැවත ද, ඒ කුසල් (මාගේ ද-ඔවුන්ගේ ද) ඒ සියලු කුසල ශක්තීන්: ත්‍රෛකාලීන ත්‍රිවිධ රත්නයටත්, ත්‍රෛකාලීන සියලු ම සත්ත්වයන්ටත් (සෑම සත්ත්වයෙකු හටත්), ත්‍රෛකාලීන විශ්වයටත් (කර්ම-කර්ම ඵල අදහා ගෙන ම) අනුමෝදන් කරමි - අනුමෝදන් වේවා!” යැයි සිතා/කියා/පතා; 

දෙවනුව: “සසර වසනා තුරාවට, මාගේ ද සෑම සත්ත්වයකුගේ ද (මූලික ම) අරමුණ නිවන් දැකීම ම වේවා! (බොහෝ කොට) පිං-කුසල් රැස් කිරීම ම වේවා!” යැයි සිතා/කියා/පතා; 

තෙවනුව: (මෙයින් ජනිත / එසේ තුන්/සතර ආකාරයකින් උපන්) මේ කුසල ශතීන්/මේ පින් (ආනුභාවයෙන්/හේතු කොට ගෙන):

1. හැකි ඉක්මනින් (වහ වහා) සැපසේ නිවන් දැකීමට ම (සොවහන් වීමටවත්) හේතු-වාසනා වේවා!

2. (එසේ) නිවන් දකිනතාක් සුගතියේ ඉපදීමට ම හේතු-වාසනා වේවා!

3. නිවන් දකිනතාක් ත්‍රිහේතුක වීමට ම හේතු-වාසනා වේවා!

4. නිවන් දකිනතාක් (ඔබ ස්ත්‍රී වුවත්, පුරුෂ වුවත්) පුරුෂ ආත්ම භාවයක් ලැබීමට ම හේතු-වාසනා වේවා!

5. ආයු - නිවන් දකිනතාක් කැමති පරිදි හෝ, අදාළ භවයේ පූර්ණ ආයු පරිච්ඡේදය (ආයුෂ) භුක්ති විඳීමට ම හේතු-වාසනා වේවා!

6. වර්ණ - නිවන් දකිනතාක් කැමති පරිදි හෝ, ප්‍රිය-මානප ඡවි වර්ණයෙන් යුක්ත වීමට ම හේතු-වාසනා වේවා!

7. සැප - නිවන් දකිනතාක් කැමති පරිදි හෝ, මනා-යහපත්-නිරෝගී අඟ-පසඟ ගත-සිත ලැබීමටත්, ආහාර-පාන ඇඳුම්-නිවාස යාන-වාහන මිල-මුදල් .... ආදී සියල්ල පහසුවෙන් ලැබීමට ම හේතු-වාසනා වේවා!

8. බල - නිවන් දකිනතාක් කැමති පරිදි හෝ, කායික - මානසික - සාමාජයීය බලය ලැබීමට ම හේතු-වාසනා වේවා!

9. ප්‍රඥා - නිවන් දකිනතාක් කැමති පරිදි හෝ, ඉහත/පහත සියල්ලට — භවයේ/සසර සියල්ලට නොඇලී/නොගැටී/නොමුලා වී සිටීමට, නොයෙක් ආකාරයේ ප්‍රඥා (මෙය කියවන්න) ලැබීමට හේතු-වාසනා වේවා!

10. ආරක්ෂාව - සසර වසනා තුරාවට (වහ වහා සැපසේ නිවන් දැකීමට ම, බොහෝ කොට පිං-කුසල් කිරීමට ම), සෑම චිත්තක්ෂණයක් පාසා ම, තිවිධ රත්නයේ ආනුභාවයෙන් - චිත්ත ශක්තියේ ආනුභාවයෙන් -  විශ්ව ශක්තියේ ආනුභාවයෙන් - ශාසන මාමක, හිත කැමති, සම්‍යක් දෘෂ්ටික, ඉෂ්ට කාරක දෙවි-දේවතාවුන්ගේ ආනුභාවයෙන්, සියලූ ම (වර්ගයේ අතුරු-අන්තරා, අණ-විණ, කොඩි විණ, හදි-හූනියන්, ඇස්වහ-කටවහ-සිත්වහ, අපල-උපද්‍රව, ශාප-බාධක, දුක්-කම්කටොලු, දුක්-කරදර, බලපෑම්-අහිමිවීම්, තර්ජන-ගර්ජන, .... ජීවිත අනතුරු ආදියෙන්) කායික - මානසික - සාමාජයීය ආරක්ෂාව-රැකවරණය මට (ද, සෑම සත්ත්වයකුට ම ද) ලැබීමට ම හේතු-වාසනා වේවා!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll