81. උපන් දා සිට කරපු පව් නැත “වරක්” වැන්දොත් කැලණියේ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. “උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ”
යන කියමන පැහැදිලි කරන්න පුලුවන්ද?

A. 1. සම්මා සම්බුද්ධත්වයෙන් අටවෙනි වසරෙහි වෙසක් පුරපසළොස්වක පුන් පොහෝ දින (ක්‍රි. පූ. 519/520) තථාගතයන් වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේලා සමඟ, තෙවන වර මෙරටට වැඩම කළ මෙම කැලණිය පුණ්‍යභූමිය රහතන්වහන්සේලා බිහිවන “ජය භූමියක්” ලෙස කවියා (එකල ජනයා) දැඩිව විශ්වාස කළා විය හැකි ය - “වරක්” වැඳ, එහි ම භාවනානුයෝගීව කල් ගතකළේ නම් සියලු කෙලෙස් නසාලීමට හැකි බව / ශුද්ධ භූමියෙන් ලැබෙන උදව්ව / පුණ්‍ය භූමියේ අනුහස් ...

2. එක් “වරක්” වැඳ-වන්දනා-මාන කොට නොහොත් “භාවනා පූර්ව කෘත්‍ය” කොට, ශුද්ධ වූ කැලණි පින් බිමෙන් (සමථ-විදර්ශනා) භාවනාකිරීම පටන්ගන්නේ නම්, අරිහත්ත්වය දක්වා ගමන් කිරීමේ හැකියාව (භාවනා අරමුණු උපරිමයෙන් මුදුන්පත් වන බව / “යෝග සිද්ධිය”) ඇති වන බව හෝ කවියා (එකල ජනයා) දැඩිව විශ්වාස කළා විය හැකි ය.

{මෙහි “වරක්” යන්න (හා මේ කවිය / කවි / කවිපාදය) පිළිබඳව නොයෙක් අදහස්-මතිමතාන්තර දක්නට ඇතත්, අපගේ අදහස් එසේ යි.

[මෙය දහම් ගැටයක් (දහං ගැටයක් / දහම් ගැට කවියක්) බව පහත ම පිළිතුරෙන් ගම්‍ය වන අවස්ථා ද ඇත.]

“පසක් ගවුතම මුනිදු බුදු වී සාසනේ ලොව පැවතු යේ
එ සම්පත් ඇති අයත් මරුවා කැටුව යනවා උරුදි යේ
වසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදි යේ
“වරක්” වැන්දොත් උපන් දා සිට කරපු පව් නැත කැලණි යේ
[‘උපන් දා සිට කරපු පව් නැත “වරක්” වැන්දොත් කැලණියේ’]” - කැලණි හෑල්ල - ලෝකුරු නයිදේ'තුමා.

A. [තාඹුගල ලෝකුරු නයිදේ කියන්නේ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය වඳින්න යද්දී අදටත් අපි කියන තුන්සරණේ කවි, රචනා කළ උතුමාණෝ. රාජාධි රාජසිංහ රජ්ජුරුවන් වහන්සේගෙ කවිකාර මඩුවේ සාමාජිකයෙක්.]

මෙකල ජනයාට ද ශුද්ධ වූ කැලණිය පුණ්‍ය භූමිය, (භාවනා කිරීමට / භාවනා ආරම්භ කිරීමට) “ජයභූමියක්” ම බව ද කිව යුතු ම ය.}

{T / S. ... නොයෙක් අදහස්-මතිමතාන්තර ... 

"කැලණි හෑල්ල

මෙය වන්දනා කවි පොතකි. එහි කවි හැට පහකි. කොත්මලේ ප්‍රදේශයේ උපන් ලෝකුරු නයිදේ මෙහි කතුවරයාය. මහනුවර යුගයේදී රචනා කරන ලද්දකි. සෑම කවියක්ම යේ යන්නෙන් අගපදය දක්වයි. එසේම සෑම කවියක්ම අවසන් කරන්නේ් කැලණියේ යනුවෙනි.

පසක් ගවුතම මුනිදු බුදු වී සාසනේ ලොව පැවතු යේ
එ සම්පත් ඇති අයත් මරුවා කැටුව යනවා උරුදි යේ
වසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදි යේ
වරක් වැන්දොත් උපන් දා සිට කරපු පව් නැත කැලණි යේ

මෙහි වචන බොහොමයක් ගැමි වහරින් දක්වා ඇත. එසේම උපමා ආදිය ගොවි ජීවිතයට ඉතා සමීපය. උරුදියේ යනුවෙන් දක්වා ඇත්තේ එර්දිවීම (සෘධිය) යනුයි. එයින් අදහස් කරන්නේ මරුවා කොහේ හරි රැගෙන යන බවයි. එනම් එලොව ගෙන යාමයි.

වරක් වැන්දොත් යනු අවුරුද්දකි. එනම් අවුරුද්දේ පොහොය දොළහයි. එම වැඳීම ආරම්භ වන්නේ අවුරුද්දේ මුල් පසළොස්වක පොහොයෙනි. එය දුරුතු පසළොස්වක පොහොයයි. ඒ බව පහත සඳහන් කවියෙන් පැහැදිලිය.

සරුත් පින්කෙත් වපුල බිජු සේ කුසල් මතුවෙයි ඉදිරි යේ
බොලුත් බොල් රොඩු නැතුව සාදල් රන් කරල් සේ පැසී යේ
මරුත් සතුරන් සොරුත් දෑහැස් නොදැක අපි මතු ඉපදි යේ
දුරුත්තේ පසළොස්වකින් ගොස් වඳීන් දාගොප් කැලණි යේ

මෙහි බොල්නම් කිරි නොවැදුන වී ය. බොල් රොඩු නම් වී කාටුය. (පිදුරු කෑලි) සාදල් නම් සුවඳැල් වී ය. (සුවඳ ඇල් වී) දෑහැස් යනු දාස දාසියන්ය."

T / S. "පසන් ගෞතම මුනිඳු බුදු වී සාසනේ ලොව පැවැතියේ
එසම්පත් ඇති අයත් යනවා මරුව සමඟින් උරුදියේ
වසන් ඇති දා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ

සම්බුද්ධ පාදස්පර්ශයෙන් අති පාරිශුද්ධ වූ පූජනීය කැලණිය, මාතෘ භූමියට සාඩම්බරයක් වන වීර වෙහෙර මහා දේවී මාතාවගේ ජන්මභූමියයි. සෝලියස් මෙන්දිස් වැනි විශිෂ්ට නිර්මාණ ශිල්පියකු ලොවට දායාද කළ කැලණිය හෙලේනා විජේවර්ධන වටිනා නාමය ද අනාගත වංශ කතාවේ ලියා තබනු ඇත. එවන් වූ උතුම් කැලණි පුද බිම වෙත පැමිණ, කළ වරදකට පව් සමාකර, සිත් සතන් සැහැල්ලු කර ගැනීමට හැකි වෙතයි සිතා හෝ ජීවිතයේ එක්වරක් වත් කැලණි වන්දනාවට බෞද්ධ සිත පෙළඹ වූ ලෝකුරු නයිදේටත් අනේ! නිවන් දකින්නට ඒ පිනම හොඳටෝම ඇති නේදැයි සිතේ." ...

T. "වරක්" වැන්දොත් = අඛන්ඩව වසරක් වැන්දොත් ...

T / A. "මහනුවර යුගයේ ලෝකුරු නයිදේ නමැති ජන කවියකු විසින් මෙම ප්‍රසිද්ධ වදන සහිත මෙම කවිය ලියා ඇත.

"කැලණියේ" කීවෙ කල්‍යාණ මිත්‍රයාට, ඒ කීවෙ මග පල දේශනා කරන ආර්යන් වහන්සේ නමක්.

පසන් ගෞතම මුනිදු බුදු වී සාසනය ලොව පැවතියේ
එසම්පත් ඇති කලත් යනවා මරුවා සමගින් හුරු දියේ
වසන් ඇතිකළ, කරපු පින් මදි කැටුව යන්නට පැහැදියේ
උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ.

තේරුම.

ගෞතම බුදුරදුන් වදාල දහම, සාසනය පවතින්නේ (කලන මිතුරෝ නිසා) ය.
ඒ සම්පත තියෙද්දිත් ලෝක සත්වයා (සංසාරයේ) හුරුවට වැඩ කරමින් සතර අපායේ වැටේ.
මේ සත්‍ය වසාගෙන සිටින නිසා, කරපු පින් තිබුනත් කලන මිතුරෝ නැති වුනා පැහැදීම ඇති කර දෙන්නට.
පෙර කළ පව් සියල්ල අහවරයි (මතු විපාක නොදේ, සතර අපා මග ඇහිරේ) එක වරක් කලණ මිතුරු ඇසුර ලැබුණානම්!

(බුදු දහමේ කලන මිතුරා = නිවන් මාර්ගය විවර කර දෙන්නා) උපුටා ගැනීමක්."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll