193. 'අත්තදීපා' පහනක් ද? දිවයිනක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. "තෙ භික්ඛු - එහි පිවිසි ධර්ම ප්‍රතිග්‍රාහක භික්ෂූහු. අත්තදීපා - තමා පහනක්, රැකීමක්, පරායණයක් ප්‍රතිෂ්ඨාවක් කොට වාසය කරත් යන අර්ථය වේ. අත්තසරණා - මෙය එහිම පර්යාය වචනයකි. අනිකෙකුට අනිකෙකුගේ පිහිටක් නැත. යනු අනඤ්ඤ සරණ වේ. මෙය අන්‍ය සරණ ප්‍රතික්ෂේප කරන වචන වේ. අනිකෙක් අනිකෙකුට සරණ නොවේ. අනෙකෙකුගේ උත්සාහයෙන් අනෙකකුට සිදු නොවේ. කියන ලදී. තමාගේ නාථයා තමාමය. අන්‍ය වූ නාථයෙක් කොහි වේද? එහෙයින් “අනඤ්ඤ සරණා” යයි කීහ. මෙහි අත්තා කවුරුද? ලෞකික ලෝකෝත්තර ධර්ම වේ. එයින් කීහ: ධම්මදීපා, ධම්මසරණා අනඤ්ඤ සරණා. “කායේ කායානුපස්සී” යයි මහා සතිපට්ඨාන සූත්‍රයෙන් විස්තර කරන ලද්දේය."

“අත්තදීපා” යනු තමා දිවයිනක්, පිහිටක්, ආරක්‍ෂාවක්, ගතියක්, පිහිටක්, උපකාරයක් කර වෙසෙවු යන අර්ථයයි. “අත්තසරණා” යනු මෙයටම සමාන වචනයකි. “අනඤ්ඤසරණා” මෙය අනෙකෙකුගේ පිහිට සෙවීම ප්‍රතික්‍ෂේප කරයි. අනිකෙක් අනිකකුට පිහිට නොවේ. අනිකකුගේ වෑයමෙන් අනිකකුගේ දුකින් මිදීම සිදු නොවේ. මෙය කියන ලදී."

[“අත්තදීපා, භික්ඛවෙ, විහරථ අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා. අත්තදීපානං, භික්ඛවෙ, විහරතං අත්තසරණානං අනඤ්ඤසරණානං, ධම්මදීපානං ධම්මසරණානං අනඤ්ඤසරණානං යොනි උපපරික්ඛිතබ්බා. කිංජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා, කිංපහොතිකා”ති?

"තෙ භික්ඛූති තත්‍ර උපවිට්ඨා ධම්මප්පටිග්ගාහකා භික්ඛූ. අත්තදීපාති අත්තානං දීපං තාණං ලෙණං ගතිං පරායණං පතිට්ඨං කත්වා විහරථාති අත්ථො. අත්තසරණාති ඉදං තස්සෙව වෙවචනං. අනඤ්ඤසරණාති ඉදං අඤ්ඤසරණපටික්ඛෙපවචනං. න හි අඤ්ඤො අඤ්ඤස්ස සරණං හොති, අඤ්ඤස්ස වායාමෙන අඤ්ඤස්ස අසුජ්ඣනතො. වුත්තම්පි චෙතං “අත්තා හි අත්තනො නාථො, කො හි නාථො පරො සියා”ති (ධ· ප· 160). තෙනාහ “අනඤ්ඤසරණා”ති. කො පනෙත්ථ අත්තා නාම, ලොකියලොකුත්තරො ධම්මො. තෙනාහ – “ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා”ති. “කායෙ කායානුපස්සී”තිආදීනි මහාසතිපට්ඨානෙ විත්ථාරිතානි."]

A. "දැන් (මීළඟට) ඒ බව ප්‍රකාශ කරමින් යස්මිං ආනන්‍ද සමයෙ යන ආදිය කීහ. එහි සබ්බනිමිත්තානං = රූප නිමිති ආදීන්ගේ එකච්චානං වෙදනානං = ලෞකික වින්දනයන්ගේ තස්මා තිහානන්‍දා = යම් හෙයකින් මෙම ඵල සමාපත්ති විහරණයෙන් පහසුවක් වේ නම්. ඒ හේතුවෙන් ඔබ ද ඒ සඳහා මෙසේ වාසය කරන්න යයි දැක්වේ. අත්තදීපා = මහ සමුදුරට ගියවුන්හට දිවයිනක් මෙන් ද තමා හට ප්‍රදීපයක් මෙන් ද පිහිට කොට වාසය කරන්න. අත්තසරණා = තමාම පිහිට කොට ගන්න අනුන් පිහිට කොට නොගන්න “ධමම දීප, ධමම සරණ” යන පදයන්හි ද මේ පිළිවෙළ ම වේ. මෙහි ද “ධම්මො” යනු නවලොවුතුරු දහම යයි දත යුතුය. තමතග්ගෙමෙතෙ = (තම තග්ගෙයනු) තම අග්ගෙ (යන පද දෙකයි) මැද “ත” කාරය පද දෙකේ සන්ධිය වශයෙන් කියවේ. මොව්හු ශ්‍රේෂ්ඨතමයෝය යනුවෙන් මෙය කියන ලද්දේ වෙයි. ආනන්දයෙනි, මෙසේ සියලු අන්ධකාර ප්‍රවාහයන් සිඳ ඉතා උතුම් ශ්‍රේෂ්ඨ තැනෙක මාගේ භික්ෂූහු සිටින්නාහ. යෙ කෙචි සික්ඛා කාමා = සතර සතිපට්ඨානයෙහි යෙදෙන ඒ සියළුම භික්ෂූහු උතුම් තත්ත්වයෙක වෙසෙත් යයි අර්හත්වය මුදුන්පත් කිරීමෙන් දේශනාව කළහ."

"ඉදානි තමත්ථං පකාසෙන්තො යස්මිං, ආනන්ද, සමයෙතිආදිමාහ. තත්ථ සබ්බනිමිත්තානන්ති රූපනිමිත්තාදීනං. එකච්චානං වෙදනානන්ති ලොකියානං වෙදනානං. තස්මාතිහානන්දාති යස්මා ඉමිනා ඵලසමාපත්තිවිහාරෙන ඵාසු හොති, තස්මා තුම්හෙපි තදත්ථාය එවං විහරථාති දස්සෙති. අත්තදීපාති මහාසමුද්දගතදීපං විය අත්තානං දීපං පතිට්ඨං කත්වා විහරථ. අත්තසරණාති අත්තගතිකාව හොථ, මා අඤ්ඤගතිකා. ධම්මදීපධම්මසරණපදෙසුපි එසෙව නයො. තමතග්ගෙති තමඅග්ගෙ. මජ්ඣෙ තකාරො පදසන්ධිවසෙන වුත්තො. ඉදං වුත්තං හොති – “ඉමෙ අග්ගතමාති තමතග්ගා”ති. එවං සබ්බං තමයොගං ඡින්දිත්වා අතිවිය අග්ගෙ උත්තමභාවෙ එතෙ ¶, ආනන්ද ¶, මම භික්ඛූ භවිස්සන්ති. තෙසං අතිඅග්ගෙ භවිස්සන්ති, යෙ කෙචි සික්ඛාකාමා, සබ්බෙපි තෙ චතුසතිපට්ඨානගොචරාව භික්ඛූ අග්ගෙ භවිස්සන්තීති අරහත්තනිකූටෙන දෙසනං සඞ්ගණ්හාති."

"දැන් ඒ කාරණය ප්‍රකාශ කරමින් ‘යස්මිං ආනන්‍ද සමයෙ (ආනන්දය! යම්කලෙකදී) ආදිය කීය. එහි සබ්බ නිමිත්තානං රූප නිමිති ආදිය. එකච්චානං වේදනානං ලෞකික වේදනාවන්ගේ. තස්මාතිහ ආනන්‍ද යම් හෙයකින් මේ ඵලසමාපත්ති වාසයෙන් අපහසුතාවයක් නොවෙයි. ඒ නිසා නුඹලාට ඒ සඳහා මෙසේ වාසය කරව්යැයි දක්වයි. අත්තදීපා මහා සමුද්‍රය මැද දිවයිනක් මෙන් තමාව දීපයක්, පිහිටක් කොට වාසය කරව්. අත්තසරණා තමාම පිහිට කරගන්න. අනුන් පිහිට කර නොගන්න. ධම්මදීප - ධම්මසරණ යන පදවලදී ද මේ ක්‍රමයමයි. තමතග්ගෙ ඔහුව උසස් තැන්හි - මැද ‘ත’ කාරය පද සන්ධි කිරීම සඳහා කියන ලදි. මෙය සඳහා ඇත. මොව්හු අග්‍රතමයෝය. අග්ගතම යන තන්හි ‘තම’ යෙදීම සිඳ දමා ආනන්දය! ඔව්හු අතිශයින් අග්‍ර ස්ථානයෙහි උත්තම වූ ස්ථානයෙහි සිටිත්. ඔවුන්ගේ අතිශයින්ම අග්‍ර ස්ථානයෙහි වන්නාහ. යම් ඒ ශික්‍ෂාකාමීහු වෙත්ද ඒ සියල්ලන් අතර අතර සතර සතිපට්ඨානයට නැඹුරු වූ භික්‍ෂුව අග්‍ර වන්නේය. රහත්බව කුළුගැන්වීමෙන් දේශනාව සංග්‍රහ කෙරේ."

"ඵලසමාපත්තියා අධිප්පෙතත්තා “එකච්චානං වෙදනානන්ති ලොකියානං වෙදනාන”න්ති වුත්තං. අත්තදීපාති එත්ථ අත්ත-සද්දෙන ධම්මො එව වුත්තො, ස්වායමත්ථො හෙට්ඨා විභාවිතො එව. නවවිධො ලොකුත්තරධම්මො වෙදිතබ්බො. සො හි චතූහි ඔඝෙහි අනජ්ඣොත්ථරණීයතො “දීපො”ති වුත්තො. තමඅග්ගෙති තමයොගාභාවෙන සදෙවකස්ස ලොකස්ස අග්ගෙ. සබ්බෙසන්ති සබ්බෙසං සික්ඛාකාමානං. තෙ “ධම්මදීපා විහරථා”ති වුත්තා චතුසතිපට්ඨානගොචරාව භික්ඛූ අග්ගෙ භවිස්සන්ති."

ඉදානි තමත්ථං පකාසෙන්තො යස්මිං, ආනන්ද, සමයෙතිආදිමාහ. තත්ථ සබ්බනිමිත්තානන්ති රූපනිමිත්තාදීනං. එකච්චානං වෙදනානන්ති ලොකියානං වෙදනානං. තස්මාතිහානන්දාති යස්මා ඉමිනා ඵලසමාපත්තිවිහාරෙන ඵාසු හොති, තස්මා තුම්හෙපි තදත්ථාය එවං විහරථාති දස්සෙති. අත්තදීපාති මහාසමුද්දගතදීපං විය අත්තානං දීපං පතිට්ඨං කත්වා විහරථ. අත්තසරණාති අත්තගතිකාව හොථ, මා අඤ්ඤගතිකා. ධම්මදීපධම්මසරණපදෙසුපි එසෙව නයො. තමතග්ගෙති තමඅග්ගෙ. මජ්ඣෙ තකාරො පදසන්ධිවසෙන වුත්තො. ඉදං වුත්තං හොති – “ඉමෙ අග්ගතමාති තමතග්ගා”ති. එවං සබ්බං තමයොගං ඡින්දිත්වා අතිවිය අග්ගෙ උත්තමභාවෙ එතෙ ¶, ආනන්ද ¶, මම භික්ඛූ භවිස්සන්ති. තෙසං අතිඅග්ගෙ භවිස්සන්ති, යෙ කෙචි සික්ඛාකාමා, සබ්බෙපි තෙ චතුසතිපට්ඨානගොචරාව භික්ඛූ අග්ගෙ භවිස්සන්තීති අරහත්තනිකූටෙන දෙසනං සඞ්ගණ්හාති.

"අත්තදීපාති එත්ථ කාමං යො පරො න හොති, සො අත්තාති සසන්තානො “අත්තා”ති වුච්චති, හිතසුඛෙසිභාවෙන පන අත්තනිබ්බිසෙසත්තා ධම්මො ඉධ “අත්තා”ති අධිප්පෙතො. තෙනාහ “අත්තා නාම ලොකියලොකුත්තරො ධම්මො”ති. ද්විධා ආපො ගතො එත්ථාති දීපො, ඔඝෙන අනජ්ඣොත්ථතො ¶ භූමිභාගො. ඉධ ¶ පන කාමොඝාදීහි අනජ්ඣොත්ථරණීයත්තා දීපො වියාති දීපො, අත්තා දීපො පතිට්ඨා එතෙසන්ති අත්තදීපා. තෙනාහ “අත්තානං දීප”න්තිආදි. දීපභාවො චෙත්ථ පටිසරණතාති ආහ “ඉදං තස්සෙව වෙවචන”න්ති. අඤ්ඤසරණපටික්ඛෙපවචනන්ති අඤ්ඤසරණභාවපටික්ඛෙපවචනං. ඉදඤ්හි න අඤ්ඤං සරණං කත්වා ¶ විහරණස්සෙව පටික්ඛෙපවචනං, අථ ඛො අඤ්ඤස්ස සරණසභාවස්සෙව පටික්ඛෙපවචනං තප්පටික්ඛෙපෙ ච තෙන ඉතරස්සාපි පටික්ඛෙපසිද්ධිතො. තෙනාහ “න හී”තිආදි. ඉදානි තමෙවත්ථං සුත්තන්තරෙන සාධෙතුං “වුත්තම්පි චෙත”න්තිආදි. යදි එත්ථ පාකතිකො අත්තා ඉච්ඡිතො, කථං තස්ස දීපසරණභාවො, තස්මා අධිප්පායිකො එත්ථ අත්තා භවෙය්‍යාති පුච්ඡති “කො පනෙත්ථ අත්තා නාමා”ති. ඉතරො යථාධිප්පෙතං අත්තානං දස්සෙන්තො “ලොකියලොකුත්තරො ධම්මො”ති. දුතියවාරොපි පඨමවාරස්සෙව පරියායභාවෙන දෙසිතොති දස්සෙතුං “තෙනාහා”තිආදි වුත්තං."

{ලාභත්ථාය ඨපිතා සීමා ලාභසීමා (මහාව· 379), සා ච ඛො නෙව සම්මාසම්බුද්ධෙන අනුඤ්ඤාතා, න ධම්මසඞ්ගාහකත්ථෙරෙහි ඨපිතා, අපිච ඛො ලාභදායකෙහි. තෙනාහ “යං රාජරාජමහාමත්තාදයො”තිආදි. සමන්තාති විහාරස්ස සමන්තා. යන්ති සුඞ්කසස්සාදි. “සීමං ඨපෙන්තී”ති පාඨසෙසො. එකස්ස රඤ්ඤො ආණාපවත්තිට්ඨානන්ති චොළභොගො කෙරළභොගොති එවං එකෙකස්ස රඤ්ඤො ආණාපවත්තිට්ඨානං. ද්විධා ආපො ගතො එත්ථාති දීපො, ඔඝෙන අනජ්ඣොත්ථතො භූමිභාගො, සොව සීමා දීපසීමා. තෙනාහ සමුද්දන්තෙනා”තිආදි. චක්කවාළසීමා චක්කවාළපබ්බතෙනෙව පරිච්ඡින්නාති ආහ “එකචක්කවාළපබ්බතපරික්ඛෙපබ්භන්තරං චක්කවාළසීමා”ති.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll