Q. 1) සීලබ්බත පරාමාස
2) සක්ඛාය දිඨ්ඨිය
3) විච්කිච්චාව
මට පොඩ් පැහැදිලි කිරීමක් කර දිය හැකිද මේ සම්බන්ධයෙන්.
A. “සක්කායදිට්ඨිය: මම ය කියා ද නුඹ ය කියා ද දෙවියා මිනිසා ගවයා අශ්වයා ඇතා කියා ද තවත් නොයෙක් නම් වලින් ද ව්‍යවහාර කරන්නා වූ සංස්කාර ධර්ම පුඤ්ජයන් විභාග කර බැලුවාම ඒවායේ ඇත්තේ රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේ ධර්ම කොටස් පස පමණෙකි. ඒවායේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට නො සමත් ධර්මය නො දත් අන්ධ පෘථග්ජනයෝ ඒවා රූප වේදනාදිය ලෙස තේරුම් ගැනීමට අසමත් බැවින් ඒ රූපාදි ස්කන්ධ පස මම ය නුඹය මිනිසාය දෙවියා ය කියා වැරදි ලෙස සලකති. ඒ වැරදි හැඟීම වැරදි පිළිගැනීම සක්කායදිට්ඨි නම් වේ. මෙයට ආත්ම දෘෂ්ටිය යි ද කියනු ලැබේ. මේ දෘෂ්ටිය එක් එක් ස්කන්ධයක සතර සතර ආකාරයකින් ඇති වන බැවින් ස්කන්ධපඤ්චකයෙහි ඇති වන සක්කාය දෘෂ්ටිය විසි වැදෑරුම් වේ. රූපස්කන්ධයෙහි සිව් වැදෑරුම් සක්කාය දෘෂ්ටිය මෙසේ ය.
රූපං අත්තතෝ සමනුපස්සති.
රූපවන්තං අත්තානං සමනුපස්සති.
අත්තනි වා රූපං සමනුපස්සති.
රූපස්මිං වා අත්තානං සමනුපස්සති.
1. ඇතැමෙක් රූපකයින් යාම් ඊම් හිඳීම් සිටීම් කෑම් පීම් ආදි ක්‍රියා සිදුවනු දැකීමෙන් ඒ රූපකය මම ය ආත්මය කියා වරදවා දකී. දැල්වෙන පහනෙහි ගිනි සිළත් වර්ණයත් දෙක එක් කොට, යමක් ගිනි සිළ නම් එය ම වර්ණය යි ද යමක් වර්ණය නම් එය ම ගිනි සිළ යයි ද ගන්නාක් මෙන් රූපය ආත්මය යි ද ආත්මය රූපය යි ද රූප ආත්ම දෙක දෙකක් නොව එකක්ම ය යි ද වරදවා ගනී.
2. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට රූපය ඇත ය කියා රූපය ඇති ආත්මයක් දකී. ගස ඡායාව ඇතියක් කොට ගන්නාක් මෙනි.
3. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන මලක සුවඳ ඇතුවාක් මෙන් ඒ ආත්මයෙහි රූපය ඇතය යි සලකති.
4. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය හෙප්පුවක මැණික් තිබෙන්නාක් මෙන් රූපය තුළ ඇතය යි ගනිති.
වේදනා ස්කන්ධය සම්බන්ධයෙන් සතර ආකාර සක්කායදිට්ඨිය ඇති වන්නේ මෙසේ ය. ඇතැමෙක් සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපෙක්ඛා වේදනාවන් ඇති වන කල්හි සැප විඳින්නේ මම ය, දුක් විඳින්නේ මම ය, සතුටු වන්නේ මම ය, නො සතුටු වන්නේ මම ය, මැදහත් ව ඉන්නේත් මම ය යි වේදනාව ආත්ම වශයෙන් ගනිති. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූප යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට වේදනාව ඇත්තේ ය යි ගන්නෝ ය. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූප යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයෙහි වේදනාව ඇතය යි ගනිති. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූපයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය වේදනාවෙහි ඇතියකැයි ගනිති. මෙසේ සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධයන්හි සත්කාර දෘෂ්ටිය ඇති වන සැටි සැලකිය යුතු ය.>>>”
[Q. මෙහි 1 හි : "... රූපය ආත්ම යයිද ආත්මය රූපය යයිද රූප ආත්ම දෙක දෙකක් නොව එකක්ම ය යි ද වරදවා ගනී" - > මෙතැනදී "ආත්ම" යයි කීවේ කුමකටද? ('වරදවා' ගන්නේ රූප සහ ආත්ම එකක් වශයෙන් ගතහොත් පමණි?? වෙන වෙනම ගත්තොත් ඒ 'නිවැරැදි ආත්මය' කුමක්ද?)
[නාම ස්කන්ධය ට විය නොහැකි මන්ද එය 2 හි විස්තර වන නිසා]
A. මං සරලව කෙටියෙන් මෙහෙම කියන්නම්:
ඒ කාලේ හිතාන හිටියා හැමදේම තමන්ට ඕනෑ විදිහට පාලනය කරන්න පුළුවන් “ආත්මය” කියලා (සදාකාලික / නොවෙනස්වන) දෙයක් (බලයක් / බලවේගයක් / ශක්තියක්) තියනවා කියලා; හරියට ම අපි අද කාලේ හැමදේම තමන්ට ඕනෑ විදිහට පාලනය කරන්න පුළුවන් “මම”, “සත්ත්වයෙක්”, “පුද්ගලයෙක්” ඉන්නවා කියල හිතාගෙන ඉන්නවා වගේ ම යි.
ඉතින් ඒ “මම”, “සත්ත්ව”, “පුද්ගල”, “ආත්ම” හැඟීම ඇති වූ (/ ඇතිවිය හැකි) උපරිම ආකාර 20 තමා ඔතන දී විස්තර කරන්නේ. ඒ විදිහට (ඒ දෘෂ්ටිකෝණයෙන්) තමා ඔතන තියෙන විස්තරය තේරුම් ගන්න (විග්‍රහ කර ගන්න) ඕනි.
T. ඉහත >හැඟීම< යන වචනය වෙනුවට වැරදි දැකීම (මිත්‍යා දෘෂ්ටිය) යන වචනය යෙදිය යුතුය - සෝවහන් (සකෘදාගාමී, අනාගාමී) පුද්ගලයාට ද “මම” යනාදී “හැඟීම” ඇතිවෙන බැවිණි.
එමෙන් ම ඉහත >හැමදේම තමන්ට ඕනෑ විදිහට පාලනය කරන්න පුළුවන්< යන කොටසින් (කෙටස් 2න්), හැමදේම තමන්ට ඕනෑ විහිහට පාලනය කරන්න බැරි වුවත් “ආත්මය” ආදිය ඇතිබව සිතිය හැක. “මම”, “සත්ත්ව”, “පුද්ගල”, “ආත්ම” ආදී පංචස්කන්ධය සම්බන්ධයෙන් කුමන ආකාරයක හෝ ඇතිවෙන දැක්මක්, වැරදි දැකීමක් (මිත්‍යා දෘෂ්ටියක්) ම ය. එමෙන් ම ඒ මිථ්‍යා දෘෂ්ටි එකල මෙකල පමණක් ම නොව කිකල වුව ද ඇති වේ.]
“විචිකිච්ඡාව: විචිකිච්ඡාව අභිධර්මයෙහි අෂ්ඨාකාරයකින් ද සබ්බාසව සූත්‍රයෙහි ෂෝඩෂාකාරයකින් ද දේශනය කර ඇත්තේ ය. එය අභිධර්මයෙහි දේශනය කර ඇත්තේ මෙසේ ය.
තත්ථ කථමා විචිකිච්ඡා?
සත්ථරි කංඛති විචිකිච්ඡති
ධම්මේ කංඛති විචිකිච්ඡති
සංඝෙ කංඛති විචිකිච්ඡති
සික්ඛාය කංඛති විචිකිච්ඡති
පුබ්බන්තේ කංඛති විචිකිච්ඡති
අපරන්තේ කංඛති විචිකිච්ඡති
පුබ්බාපරන්තේ කංඛති විචිකිච්ඡති
ඉදප්පච්ඡයතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංඛති විචිකිච්ඡති.
(ඛුද්දකවත්ථු විභංග)
1. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් ප්‍රතිමණ්ඩිත ෂට්වර්ණරශ්මිමාලා ඇති ශරීරයක් තිබිය හැකි ද? අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සියල්ල දත හැකි නුවණක් තිබිය හැකි ද? දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා රශ්මි මාලාවන් ඇති සියල්ල දන්නා නුවණ ඇති පුද්ගලයකු සිටිය හැකි දැ යි ශාස්තෘන් වහන්සේ ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.
2. ක්ලේශ ප්‍රහාණයට ආර්‍ය්‍යමාර්ග සතරක් හා කෙලෙස් සන්සිඳ වූ ඵලධර්ම සතරක් ද සියලු දුක්වල නිමවීම වූ නිර්වාණයක් ද ඇත ද නැත ද කියා නවලෝකෝත්තර ධර්මය ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.
3. සතර මාර්ග සතර ඵලයන්හි ආර්‍ය්‍ය සංඝ රත්නයක් ඇත්තේ ද මේ සංඝයා සුප්‍රතිපන්න ද නැත ද සංඝ රත්නයට දන්දීමේ විපාකයක් ඇති ද නැති ද කියා සංඝරත්නය ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.
4. ත්‍රිශික්ෂාවය කියා දෙයක් සත්‍ය වශයෙන් ඇත්තේ ද ඒ ශික්ෂාවන් පිරීමෙන් ප්‍රතිඵලයක් ඇත ද නැත ද කියා ශික්ෂාව පිළිබඳ ව ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.
5. අතීත භව පරම්පරාවක් තිබී ද නො තිබී ද කියා අතීත ස්කන්ධයන් පිළිබඳ වූ සැකය එක් විචිකිච්ඡාවෙකි.
6. අනාගත භව පරම්පරාවක් ඇත්තේ ද නැත්තේ ද කියා අනාගත ස්කන්ධයන් ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.
7. අතීතානාගත භව පරම්පරා දෙක ම සම්බන්ධයෙන් ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.
8. මේ සත්ත්වයා හේතුඵල පරම්පරාවක් ද, ඉබේ ම ඇති වූවක් ද, කෙනකු විසින් මවන ලද්දක් ද කියා පටිච්චසමුප්පාදය ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි. මේ අභිධර්මයේ දැක්වෙන විචිකිච්ඡා අටය.
සබ්බාසව සූත්‍රයේ දැක්වෙන ෂෝඩෂාකාර විචිකිච්ඡාව මෙසේ ය....”
“සීලබ්බතපරාමාසය.
මෙහි ගවාදි සතුන්ගේ ප්‍රකෘතිස්වභාවය සීල නම් වේ. එනම් සතර පයින් යාම, බිම නිදාගැනීම, අතට නො ගෙන මුවින් ම ආහාර ගැනීම, හුන් තැන ම මලමුත්‍ර පහ කිරීම ආදිය ගවයන්ගේ ප්‍රකෘති ස්වභාවය ය. ගවයකු මෙන් හැසිරෙමි යි මනුෂ්‍යයකු විසින් සමාදන් වී පවත්වන ඒ ගව ස්වභාවය ව්‍රත නම් වේ. බුදු සසුනෙන් පිටත්හි ඇතැම් ශ්‍රමණයෝ ශීලයෙන් ව්‍රතයෙන් සත්ත්වයා ශුද්ධ වන්නේ ය යි සලකති. ඔවුන්ගේ ඒ දෘෂ්ටිය සීලබ්බත පරාමාස නම් වේ. සත්කායදෘෂ්ටිය විචිකිච්ඡාව ශීල ව්‍රතපරාමර්ශ යන මේ තුන සෝවාන් මාර්ගයෙන් ප්‍රහීණ වන සංයෝජනයෝ ය.”
{Q. පංචසීලය සමාදන් වීම වතක් ලෙස සැලකීම ගැන අදහස කුමක්ද?
A. පන්සිල්වලින් පමණක් ම නිවන් ලැබිය හැකිබව (ආදිය) සිතා එය සමාදන්වීම වතකි (වැරදි දෘෂ්ටියකි/ක්‍රමයකි/පිළිපැදීමකි); නොඑසේනම්, කුමන වයසක කෙනෙක් හෝ කුමන අවධියක හෝ රකිනා පන්සිල් කුසල් (පිං) ම ය.
T. "සීලනති - මණිකුණ්ඩල රතු වස්ත්‍ර ආදි අලංකාර වීම නම් ඒ ඒ වයසේ සිටි අයටම ශෝභාමත් වේ. මෙහි ළදරුවන්ගේ අලංකාරය මහළු අයටද මහල්ලන්ගේ අලංකාරය ළමාකලටද හොබී? දකින්නෝ උමතු කෙනෙක් උමතු අයෙකියි ගර්හා කරති. දෝෂයක්ම දකිති. පන්සිල් දසසිල් ආදිය දරුවාටද මහල්ලාටද සියල්ලන්ටම හැම වයසකදීම සුදුසුවේ.
සීලන්ති මණිකුණ්ඩලරත්තවත්ථාදයො හි අලඞ්කාරා තස්මිං තස්මිං වයෙ ඨිතානංයෙව සොභන්ති. න දහරානං අලඞ්කාරො මහල්ලකකාලෙ, මහල්ලකානං වා අලඞ්කාරො දහරකාලෙ සොභති, “උම්මත්තකො එස මඤ්ඤෙ”ති ගරහුප්පාදනෙන පන දොසමෙව ජනෙති. පඤ්චසීලදසසීලාදිභෙදං පන සීලං දහරස්සාපි මහල්ලකස්සාපි සබ්බවයෙසු සොභතියෙව, “අහො වතායං සීලවා”ති පසංසුප්පාදනෙන සොමනස්සමෙව ආවහති. තෙන වුත්තං – සුඛං යාව ජරා සීලන්ති. සද්ධා පතිට්ඨිතාති ලොකියලොකුත්තරතො දුවිධාපි සද්ධා නිච්චලා හුත්වා පතිට්ඨිතා. සුඛො පඤ්ඤාය පටිලාභොති ලොකියලොකුත්තරපඤ්ඤාය පටිලාභො සුඛො. පාපානං ¶ අකරණන්ති සෙතුඝාතවසෙන පන පාපානං අකරණං ඉමස්මිං ලොකෙ සුඛන්ති අත්ථො.""1. “යම්කිසි මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙද්ද” යන්නෙහි යම්කිසි යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය ඉතිරිනොකොට ගන්නා වචනයකි. මේ යම්කිසි යනුයි. (ii) ‘ශ්‍රමණයෝ’ යනු යම්කිසි මේ ශාසනයෙන් පිටත් පැවිදි බවට පත්වූවෝ හෝ පරිබ්‍රාජක බවට පැමිණියෝ හෝ යනුයි. ‘බමුණෝ’ යනු යම්කිසි භොවාදී නම්වූ බ්‍රාහ්මණයෝයි. දැකි දෙයෙහිද ඇසූ දෙයෙහිද ශුද්ධිය කියත් යනු දැකි දෙයින්ද ශුද්ධිය විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය කියත්. ප්‍රකාශ කරත්. ව්‍යවහාර කරත්, ඇසූ දෙයින්ද ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ප්‍රකාශ කරත්. දැකි දෙයින් හා ඇසූදෙයින්ද ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ප්‍රකාශ කරත්. ව්‍යවහාර කරත්. ශීලව්‍රතයෙන්ද ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ප්‍රකාශ කරත්.
2. “නොයෙක් ආකාරයෙන් ශුද්ධිය කියත්” යනු නානා විධ ව්‍රත චරණයෙන් හා මංගලයයි සම්මත මිථ්‍යා මතවලින්ද ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කියත්, ප්‍රකාශ කරත්, යනුයි.
යෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණාසෙ, [ඉච්චායස්මා නන්දො]
දිට්ඨස්සුතෙනාපි වදන්ති සුද්ධිං;
සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං, අනෙකරූපෙන වදන්ති සුද්ධිං.
කච්චිස්සු තෙ භගවා තත්ථ යතා චරන්තා, අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස;
පුච්ඡාමි තං භගවා බ්‍රූහි මෙතං.
යෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණාසෙති. යෙ කෙචීති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං - යෙ කෙචීති. සමණාති යෙ කෙචි ඉතො බහිද්ධා පබ්බජ්ජූපගතා පරිබ්බාජකසමාපන්නා. බ්‍රාහ්මණාති යෙ කෙචි භොවාදිකාති - යෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණාසෙ. ඉච්චායස්මා නන්දොති. ඉච්චාති පදසන්ධි...පෙ..... ආයස්මාති පියවචනං...පෙ..... නන්දොති. තස්ස බ්‍රාහ්මණස්ස නාමං...පෙ.... අභිලාපොති - ඉච්චායස්මා නන්දො.
දිට්ඨස්සුතෙනාපි වදන්ති සුද්ධින්ති දිට්ඨෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති ; සුතෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති; දිට්ඨස්සුතෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - දිට්ඨස්සුතෙනාපි වදන්ති සුද්ධිං.
සීලබ්බතෙනාපි වදන්ති සුද්ධින්ති සීලෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති; වතෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති; සීලබ්බතෙනාපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං."}