147. ෆුල් ෆෝර්මැට් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ආත්මය කියා දෙයකුත් නැතිකල ඇත්තේ චිත්ත පරම්පරාවක් වනවිට,ජීවිතය අවසන් වී නැවත ජීවිතයක් පටන් ගන්නා විටද චිත්තයකට පසු චිත්තයක් ඇතිවීමම සිදුවන්නේ නම්, චිත්තයන් තුල ගැබව ඇති පෙර භවයේ මතක ගබඩාවන් 100%ක්ම නැතිවෙන්නේ ඇයි...මරණය යන සංසිද්ධිය එම මතකයන් වලට හානි කරනවාද?

A. බුදුදහම අනුව මතකය යනු කොහේ හෝ ගබඩා වී ඇති දෙයක් නම් නොවේ; සාමාන්‍යයෙන් අතීත රූප / සිත් / චෛතසික නැවත අරමුණු වීම/කිරීම මතකය ලෙස ගත හැක.

ඔව්, 100%ක් හෝ හානි කිරීම යනු මෙසේ ය - දෘඪ තැටියක් (Hard Disk) සම්පූර්ණයෙන් සකස් කරනවා (Full Format) වැනි සිදුවීමක් මරණයේ දී සිදුවෙනවා; ඒ වගේ ම මුළුමනින් ම මකන ලද දත්ත වුව ද ප්‍රතිෂ්ඨාපනය (Recover) කළ හැක්කාක් මෙන්, මරණයෙන් පසුව ද අතීත/සාංසාරික මතක (පුනරුත්පත්තියේ දී හෝ සාමාන්‍ය ජීවිතයේ දී) නැවත අරමුණු විය/කළ හැක.

දෘඩ තැටිය තුළ එසේ මුළුමනින් ම මකන ලද දත්ත වුව ද ප්‍රතිෂ්ඨාපනය කළ හැක්කේ ඒවා සැබවින් ම මුළුමනින් ම නොමැකුණු නිසාවෙනි; එමෙන් ම අතීත මතක/පුරුදු ද නැවත-නැවත මරණයෙන් පසුව වුව ද පැවතිය/ඇතිවිය හැක.

දත්ත ප්‍රතිෂ්ඨාපනය වැළක්වීමට නම් කුමන හෝ ක්‍රමයකින් දෘඩතැටියක් මුළුමනින් ම විනාශ කළ යුතුවාක් මෙන්, සසර මතක/පුරුදු නැවත-නැවත ඇතිවීම වැළක්වීමට නම් (සාමාන්‍යයෙන්) ස්ඛන්ධ පරිනිර්වාණයෙන් ම නිවන් දැකිය යුතු ය.

Q. කුමක්ද ඔබ මෙහි, අදහස් කරන දෘඩ තැටිය?

A. දෘඪ තැටිය ලෙස, (සර්වාකාරයෙන් නොගැළපුණත්) සිත හෝ මොළය හෝ ඒ දෙක ම හෝ ප්‍රශ්නයක් මතු නොවෙන කුමක් හෝ පිළිතුරක් ගලපා ගන්නකො.

Q. එතකොට ඊලඟ භවයට ඒක සම්බන්ධ කරගනිද්දි ගැටලුවක් මතුවෙනවා නේද?

A. නුවණැත්තෝ උදාහරණ හෝ උපමානුසාරයෙන් ඒවායේ අවශ්‍ය තැන් පමණක් ම ගෙන, අනවශ්‍ය තැන්/අන්ත බැහැරකොට, ගැඹුරු කාරණා සරල කොට ගෙන මනාව වටහා ගනිති.

[T. “උපමාවකින් දැක්වූ කල්හි අප්‍ර‍කටාර්ථය පහසුවෙන් අවබෝධ වේ. අප්‍ර‍කටාර්ථයන් ප්‍ර‍කාශ කිරීමේ දී නොයෙක් උපමා දක්වති. එය ගුප්තාර්ථයන් ප්‍ර‍කට කිරීමට ඇති ඉතා හොඳ ක්‍ර‍මයකි. සමහර අප්‍ර‍කටාර්ථයන් දැක්වීමට උපමා ද නැත. උපමා සොයා ගත හැක්කේ අප්‍ර‍කටාර්ථයන්ගෙන් සමහරක් පමණක් ප්‍ර‍කට කිරීමටය.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll