98. සියලු බුදුහිමිවරුන්ගේ දේශනා භාෂා මාධ්‍ය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මෙලොව පහලවන සෑම බුදු කෙනෙක්ම ධර්මය දේශනා කරන්නේ එකම භාශාවකින්ද? ඒ පාලි භාෂාවද?

T. පාලි / පාළි = මාගධී, මාගධි, මාගධි නිරුත්ති, බෞද්ධ මාගධී (අර්ධ මාගධී හෝ ප්‍රාකෘත මාගධී නොවේ), තන්ති (තන්ත්‍ර / තන්ත්‍රි), මූලභාසා, ස්වභාවනිරුත්තිය, ස්වභාව නිරුක්තිය ("සභාවනිරුත්තීති (විභ· අට්ඨ· 718) ච මාගධිකා භාසා").


A.  “ආදිකල්පික මනුෂ්‍යයන්ගේ ද බ්‍රහ්මයන්ගේ ද වචන නො ඇසූ බාලයන්ගේ ද බුදුරජාණන් වහන්සේලාගේ ද  මාගධී (පාළි) භාෂාව මූල භාෂාව නම් වේ”

 “සා මාගධී මූලභාසා, නරා යායාදිකප්පිකා;
බ්‍රහ්මානො චස්සුතාලාපා, සම්බුද්ධා චාපි භාසරෙ”ති. 


“... සියලු සත්ත්වයන්ගේ මුල් භාෂාව වූ මාගධී භාෂාවෙහි ...”
“මාගධිකාය සබ‍්බසත‍්තානං මූලභාසාය”

[පරිවත්තෙසි සබ්බාපි, සීහළට්ඨකථා තදා;
සබ්බෙසං මූලභාසාය, මාගධාය නිරුත්තියා.

සත්තානං සබ්බභාසානං, සා අහොසි හිතාවහා;
ථෙරියාචරියා සබ්බෙ, පාළිං විය ත’මග්ගහුං.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll