Q. බුද්ධානුස්සති භාවනව තුලින් නිවන් දකින්න හැකිද? එ ගැන කාරුණිකව පැහැදිලි කරන්න.
තෙරුවන් සරණයි ☸️
A. “... නිවනට පැමිණීමට උපකාර නො වන කමටහනක් නැත. කවර කර්මස්ථානයකින් වුව ද නිවනට පැමිණිය හැකි ය. එහෙත් විදර්ශනාවෙන් තොරව ද නිවනට නො පැමිණිය හැකි ය. කවර කමටහනක් වුව ද වඩන තැනැත්තා විසින් නිවනට පැමිණිය හැකිවීමට ඒ සමථ කර්මස්ථානයෙන් සිත එකඟ කරගෙන විදර්ශනා වැඩිය යුතු ය.”
Q / T. පැහැදිලිවම ඔව්... ඒක බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක්...
ධර්මය ගැන හරියට හොයන්නෙ බලන්නෙ නැතුව තම තමන්ගෙ හිත්වල තියෙන තර්ක මනස්ගාත සමාජගත කරන එක මහා ලොකු පාපයක්... ගිහි පැවිදි කවුරු උනත්.
"මහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්තයෙන් (සසර) කළකිරීම පිණිස, (සසර) නොඇලීම පිණිස (රාගාදීන්ගේ) නිරෝධය පිණිස (කෙලෙස්) සන්හිඳීම පිණිස (අනිත්‍යාදිවශයෙන්) වෙසෙසා දැනුම පිණිස සිවුසස් පිළිවිඳීම පිණිස නිවන් පිණිස පවත්නේ ය.
කවර එක් ධර්‍මයෙක? යත්: බුද්ධානුස්මෘතිය යි.
මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය."
A / T. “... බුද්ධානුස්සති යනු බුදුන් අරබයා උපන් යළියළිත් සිහිකිරීමයි. බුදුගුණය අරමුණු කොට ඇති සිහියට මෙය නමෙකි. ඒ මේ බුද්ධානුස්මෘති කර්‍මස්ථානය දෙපරිදි වෙයි. සිත සතුටුවීම සඳහා මෙන්ම විපස්සනාව සඳහාද යනුවෙනි. කෙසේද? යම් විටෙක අසුහාරම්මණයන් අතුරෙන් යම් අරමුණක් වඩන්නාවූ භික්‍ෂුවගේ සිත හට ගැනීම වෙහෙසෙයි. කළකිරෙයි. ආස්වාද රහිත වෙයි. වීථියට නොඑළඹෙයි. කුළු ගොනෙකු මෙන් ඔබිමොබ දුවයි. එකෙණෙහි එය මුල් කොට ඇති කර්‍මස්ථානය හැර බුදුරජාණන් වහන්සේ ඒ කාරණයෙනුදු භාග්‍යවත් වනසේක. (ඉතිපිසො භගවා) යනාදී ක්‍රමයෙන් තථාගතයන් වහන්සේගේ ලෞකික ලෝකෝත්තර ගුණයන් සිහි කරයිද මෙසේ බුදුන් සිහි කරන්නාවූ ඔහුගේ චිත්තොත්පාදය පහදියි. නීවරණ රහිත වූයේ වෙයි. හෙතෙම ඒ සිත දමනය කොට මනාව දමනය කොට නැවත මුල් කමටහනම සිහි කරයි. කෙසේද? යම් සේ නම් බලවත් පුරුෂයෙක් කුළුගෙයි කැණිමඬල සඳහා මහ ගසක් සිඳින්නේ අතුරපතර කැපීමේදී පොරෝ මුවත නැතිවූ විට මහගස කැපීමට නොහැක්කේ වුවද අදහස අත නොහැර කම්මලට ගොස් තියුණු පොරොවක් කරවා යළි ඒ ගස සිඳින්නේද එසේ මේ කාරණය දතයුතුය. හෙතෙම මෙසේ බුද්ධානුස්සති වශයෙන් සිත මනාව දමනය කොට යළි මුල් කමටහන මෙනෙහි කරන්නේ අසුභාරම්මණ සහිත වූ ප්‍රථමධ්‍යානය උපදවා ධ්‍යානාංග සම්මර්‍ශනය කොට ආර්‍ය්‍ය භූමියට බැස ගනී. මෙසේ සිත සතුටුවීම සඳහා වෙයි.
යම් කලෙක වනාහි මෙතෙම බුද්ධානුස්මෘතිය සිහි කොට කවරෙක් මේ භාග්‍යවතුන් වහන්සේ වන සේක්දැයි ආදි ක්‍රමයෙන් සිහි කළේද? ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද දෙවිමිනිස් මාර බ්‍රහ්මයන් අතුරෙන් යම් කෙනක්දැයි සලකන්නේ, අන් කිසිවෙක් නොවේ. සිහියෙන් යුත් සිතම සිහි කළේයයි දැක ඒ මේ සිත ස්කන්‍ධ වශයෙන් විඥානස්කන්‍ධය වෙයි. එයින් යුක්තවූ වේදනාව වේදනාස්කන්‍ධයයි. එයින් යුක්තවූ සංඥාව සංඥාස්කන්‍ධයයි.එක්ව හටගත් ස්පර්‍ශාදිය සංස්කාරස්කන්‍ධයයි. මේ සතර අරූප ස්කන්‍ධයෝ වෙතැයි අරූපයද ව්‍යවස්ථාපනය කොට එයට නිශ්‍රයක් සොයන්නේ හෘදයවස්තුව දැක එයට නිශ්‍රයවූ සතර මහාභුතද ඒවා උපාදාය කොට පැවති සෙසු උපාදාරූපද සලකා මේ සියලු රූපය රූපස්කන දයයි නිගමනය කොට මේ රූපයද පළමු අරූපයදැයි සැකෙවින් රූපාරූපය ප්‍රභේදවශයෙන් පඤචස්කන්‍ධයන් යළි සැකෙවින් මේ ස්කන්‍ධ පස දුක්‍ඛ සත්‍යයි දුක්‍ඛසත්‍යය නිශ්චය කොට එය උපදවන්නාවූ තෘෂ්ණාව සමුදය සත්‍යයයිද එහි නිරෝධ නිරෝධ සත්‍යයයයිද නිරෝධය උපදවන්නාවූ ප්‍රතිපදාව මාර්‍ග සත්‍යයයිද මෙසේ පූර්‍වභාගයෙහි චතුරාර්‍ය්‍ය සත්‍යයන් ව්‍යවස්ථාපනය කොට පිළිවෙළින් ආර්‍ය්‍ය භූමියට එළඹෙයි. එකල්හි ඔහුට මේ කමටහන විදර්‍ශනාව සඳහා නම් වෙයි. අයං ඛො යනාදීවූ අපර්ණා වාරය කියන ලද ක්‍රමයෙන්ම දතයුතුයි.”
A / T. [“සියලු ම සමසතළිස්කර්මස්තානයන්හි ම පරිකර්ම භාවනාව ලැබේ. බුද්ධානුස්මෘති - ධර්මානුස්මෘති - සඞ්ඝානුස්මෘති - ශීලානුස්මෘති - ත්‍යාගානුස්මෘති - දේවතානුස්මෘති - උපසමානුස්මෘති - මරණානුස්මෘති - ආහාරයෙහි ප්‍රතිකූල සංඥා - චතුර්ධාතු ව්‍යවස්ථාන යන කමහටන් දසයෙහි උපචාර භාවනාව පමණක් සිඬ වේ. අර්පණා භාවනාව සිදු නො වේ. අර්පණා භාවනාව සිදු නො වීමය යි කියනුයේ ඒ භාවනා දශයෙන් ධ්‍යාන නො ලැබිය හැකි බව ය. ධ්‍යාන ලැබිය හැක්කේ පහසුවෙන් සිත පිහිටුවා ගත හැකි ප්‍රකට කර ගත හැකි අරමුණකින් ය. බුද්ධ ගුණාදිය ගැඹුරු බැවින් ද, බොහෝ බැවින් ද, ඒවා සිතට හොඳින් හසු කර ගෙන ඒවායේ නිශ්චල කොට සිත පිහිටුවීමට දුෂ්කරය. එබැවින් කියන ලද කමටහන් දශයෙන් උපචාර සමාධිය මිස, රූපාවචරාරූපාවචර ධ්‍යාන නූපදවිය හැකිය. ධ්‍යාන ඉපදවිය හැක්කේ ඉතිරි කමටහන් තිසෙන් පමණෙකි.ධ්‍යාන ඉපදවිය හැකි කමටහන් සියල්ලෙන් ම ධ්‍යාන සියල්ල ම උපදවන්නටත් නො පිළිවන. ඒ ඒ කමටහන්වලින් ඉපද විය හැකි ධ්‍යාන මතු දැක්වෙන පරිදි දත යුතු ය. ...” - https://pitaka.lk/books/abhidharma-margaya/10-2.html]
Q. ධ්‍යාන ලැබීමට අවශ්‍ය නෑ නේද නිවන් දකින්න?
["ප්‍රශ්නය විමසා ඇත්තේ ධ්යාන ලැබිය හැකිද නොහැකිද කියා නොවේ. නිවන් දැකිය හැකිද කියායි.
හුග දෙනෙක් නිවනයි ධ්‍යානයි පටලවනවා. නිවන ගැන ඇහුවම ධ්‍යාන ගැන කියන්නෙ.
මාර්ග සිත් 4ම පලමු ධ්‍යාන සිත පාදක වෙලා උපදිනවා... මේකෙ තේරුම ධ්‍යානයක් උපද්දවලා මාර්ගය උපද්දවනවා කියන එක නෙමෙයි. අදාල මාර්ග සිතේ යෙදෙන චෛතසික ධර්ම එහෙම නැත්නම් ධ්‍යාන අංග පලමු ධ්‍යාන සිතේ යෙදෙන ධ්‍යාන අංග වලට සමානයි කියන එක.."]
A. අනවශ්‍ය කාරණා පටලවා ගන්න එපා, මං ඒක දීලා තියෙන්නේ අමතර කාරණාවක් / අමතර දැනුම විදිහට.
ප්‍රශ්නයට අදාළ කාරණය ඉතාම සරලයි - සමථ භාවනාවලින් විතරක් නිවන් දකින්න බෑ, විදර්ශනා නොකර.
ඔබ සූත්‍රය දුටු පමණින් අවසාන තීරණයකට නොපැමිණ, නිතර ම පාහේ අටුවාව ද බලන්න හුරුවෙන්න.
Q. අටුවා අසුකාලීනයි නේද?
A. “අටුවා ද බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන් ම පැවැත්තේ ය.
මිහිඳු මාහිමියන් විසින් මේ දිවයිනට ගෙනා අටුවා සිංහලට නඟා තුබුණේ ය. කල් යාමෙන් දඹදිව තුබූ අටුවා අභාවප්‍රාප්ත විය. එබැවින් බුදුගොස් මාහිමියෝ මේ දිවයිනට පැමිණ සකල ලෝකයාගේ ම ප්‍රයෝජනය සලකා නැවත ඒ හෙල අටුවා පාලි භාෂාවට පරිවර්තනය කළහ. ඒවා විදේශවලට ගිය බැවින් අද දක්වා නො නැසී පවතී. විදේශවලට නො ගිය බැවින් හෙල අටුවා මෙහි ම අභාවප්‍රාප්ත විය. ...”
Q. හතරමං හන්දිය් මුං දන්සලින් පුරවා ගත් බඳුන්වල තිබිය යුත්තේ ද මුං පමණි. තල තිබිය නොහැකිය. මුං සමඟ තල තිබූ පමණින් ඒ තල මුං වන්නේ නැත ...
A. අටුවා ටීකා නොපිළිගන්නා “මුං”, කිසිකලෙකත් “තල” බැහැර කරවා නොගන්නේ ම ය - ඒකාන්ත ය.
Q. අටුවා ටීකා නොපිළිගැනීම අනෙකකි. අටුවා අර්ථය වුව සූත්‍රයේ බහා විනයේ ලා සැසඳීම අනෙකකි...
A. බහාලන / සසඳන “සූත්‍ර”, “විනය” කියන්නෙ වෙන ම ම කතාවක්.
සමථ භාවනාවලින් විතරක් ම නිවන් දකින්න බෑ - බොරුවට මුලා වෙන්න එපා, අපරාදේ.
Q. බුද්ධානුස්සතිය වැඩීමෙන් විරාගය නිරෝධය උපසමය අභිඥ්ඥාව සම්බෝධිය නිබ්බාණ ය වේ නම් එහි සමථය පමණක් වැඩෙන්නේ නැත. යමෙක් බුදුගුණ වඩන විට සමථය පමණක් වැඩෙන්නේ නම් එහි බුදු සමිඳුන් වදාළ බුද්ධානුස්සතිය නැත.
අටුවා වේ උපචාර සමාධිය දක්වා පමණක් බුද්ධානුස්සති සමාධිය දක්වා ඇතිනම් එය ද මේ සූත්‍රයේ පෙන්වන බුද්ධානුස්සතිය නොවේ. අනෙකකි.
A. (‘විරාගය නිරෝධය උපසමය අභිඥ්ඥාව සම්බෝධිය නිබ්බාණය’) “වේ” ලෙස පවසන්නේ ඔබ ය. සූත්‍රයේ පවා ඇත්තේ “පිණිස පවතී / පිණිස පවත්නේ ය.” ලෙසයි.
අවසානෙ දි නිවන් දකිනවා කියන්නෙ ත්‍රිලක්ෂණයෙන් එකක් දකිමින් ම යනකොට සිදුවෙන දෙයක් - ඉතිං විදර්ශනාවට හරවන්නේ නැතිව (ත්‍රිලක්ෂණයෙන් එකක් දකිමින් ම නොගියොත්) නිවන් දකින්න විදිහක් ඇත්තෙම නෑ. ඒකයි අටුවාවේ පැහැදිලි කරන්නේ.
[උදාහරණයක්: “(මම) එමි” “(මම) යමි” ආදිය, කිව්වට/හිතුවට/වැඩුවට “දෘෂ්ටි විශුද්ධිය” ලැබෙන්නේ නෑ - ඒකයි සතිපට්ඨානසූත්‍ර අටුවාව වැදගත්.]
Q. ඔබට ඔබ කියන කරුණ 100%ක් ධර්මානුකූල බව පැහැදිලි නම් සාවශේෂ අර්ථයෙන් තොරව මෙය පැවසිය හැකිද?
"ප්‍රශ්නයට අදාළ කාරණය ඉතාම සරලයි - බුද්ධානුස්සති භාවනාවෙන් නිවන් දකින්න බෑ. විදර්ශනා නොකර."
A. “බුද්ධානුස්සති භාවනාවෙන්” යන කොටසට පසුව, “විතරක් (ම) / පමණක් (ම)” යන කොටස ඇතුළත් විය යුතු ම ය.
{"කතමො එකධම්මොති කථෙතුකම්‍යතාපුච්ඡා. බුද්ධානුස්සතීති බුද්ධං ආරබ්භ උප්පන්නා අනුස්සති, බුද්ධගුණාරම්මණාය සතියා එතං අධිවචනං. තං පනෙතං බුද්ධානුස්සතිකම්මට්ඨානං දුවිධං හොති චිත්තසම්පහංසනත්ථඤ්චෙව විපස්සනත්ථඤ්ච. කථං? යදා හි අසුභාරම්මණෙසු අඤ්ඤතරං භාවෙන්තස්ස භික්ඛුනො චිත්තුප්පාදො උපහඤ්ඤති උක්කණ්ඨති නිරස්සාදො හොති, වීථිං නප්පටිපජ්ජති, කූටගොණො විය ඉතො චිතො ච විධාවති. තස්මිං ඛණෙ එස මූලකම්මට්ඨානං පහාය “ඉතිපි සො භගවා”තිආදිනා නයෙන තථාගතස්ස ලොකියලොකුත්තරගුණෙ අනුස්සරති. තස්සෙවං බුද්ධං අනුස්සරන්තස්ස චිත්තුප්පාදො පසීදති, විනීවරණො හොති ¶. සො තං චිත්තං එවං දමෙත්වා පුන මූලකම්මට්ඨානංයෙව මනසි කරොති. කථං? යථා නාම බලවා පුරිසො කූටාගාරකණ්ණිකත්ථාය මහාරුක්ඛං ඡින්දන්තො සාඛාපලාසච්ඡෙදනමත්තෙනෙව ඵරසුධාරාය විපන්නාය මහාරුක්ඛං ඡින්දිතුං අසක්කොන්තොපි ධුරනික්ඛෙපං අකත්වාව කම්මාරසාලං ගන්ත්වා තිඛිණං ඵරසුං කාරාපෙත්වා පුන තං ඡින්දෙය්‍ය. එවංසම්පදමිදං දට්ඨබ්බං. සො එවං බුද්ධානුස්සතිවසෙන චිත්තං පරිදමෙත්වා පුන මූලකම්මට්ඨානං මනසිකරොන්තො අසුභාරම්මණං පඨමජ්ඣානං නිබ්බත්තෙත්වා ඣානඞ්ගානි සම්මසිත්වා අරියභූමිං ඔක්කමති. එවං තාව චිත්තසම්පහංසනත්ථං හොති.
යදා පනෙස බුද්ධානුස්සතිං අනුස්සරිත්වා “කො අයං ¶ ඉතිපි සො භගවාතිආදිනා නයෙන අනුස්සරි, ඉත්ථි නු ඛො පුරිසො නු ඛො දෙවමනුස්සමාරබ්‍රහ්මානං අඤ්ඤතරො නු ඛො”ති පරිග්ගණ්හන්තො “න අඤ්ඤො කොචි, සතිසම්පයුත්තං පන චිත්තමෙව අනුස්සරී”ති දිස්වා “තං ඛො පනෙතං චිත්තං ඛන්ධතො විඤ්ඤාණක්ඛන්ධො හොති, තෙන සම්පයුත්තා වෙදනා වෙදනාක්ඛන්ධො, තෙන සම්පයුත්තා සඤ්ඤා සඤ්ඤාක්ඛන්ධො, සහජාතා ඵස්සාදයො සඞ්ඛාරක්ඛන්ධොති ඉමෙ චත්තාරො අරූපක්ඛන්ධා හොන්තී”ති අරූපඤ්ච වවත්ථපෙත්වා තස්ස නිස්සයං පරියෙසන්තො හදයවත්ථුං දිස්වා තස්ස නිස්සයානි චත්තාරි මහාභූතානි, තානි උපාදාය පවත්තානි සෙසඋපාදාරූපානි ච පරිග්ගහෙත්වා “සබ්බම්පෙතං රූපං රූපක්ඛන්ධො”ති වවත්ථපෙත්වා “ඉදඤ්ච රූපං පුරිමඤ්ච අරූප”න්ති සඞ්ඛෙපතො රූපාරූපං, පභෙදතො පඤ්චක්ඛන්ධෙ පුන “සඞ්ඛෙපතො පඤ්චපෙතෙ ඛන්ධා දුක්ඛසච්ච”න්ති දුක්ඛසච්චං වවත්ථපෙත්වා “තස්ස පභාවිකා තණ්හා සමුදයසච්චං, තස්සා නිරොධො නිරොධසච්චං, නිරොධපජානනා පටිපදා මග්ගසච්ච”න්ති එවං පුබ්බභාගෙ චත්තාරි ච සච්චානි වවත්ථපෙත්වා පටිපාටියා ¶ අරියභූමිං ඔක්කමති. තදාස්ස ඉමං කම්මට්ඨානං විපස්සනත්ථං නාම හොති. අයං ඛොතිආදි අප්පනාවාරො වුත්තනයෙනෙව වෙදිතබ්බො."