219. 'ඖෂධ කප්රුක් පූජාව' කරන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ඖෂධ කප්රුක කියන්නේ කුමක් ද? එය පූජා කරන්නේ කෙසේ ද?


A. සිතූ-පැතූ සම්පත් (සංසාරයෙහි වසනා තෙක් කැමැති දේ, 'නිවන' පවා) තමන් (හා තමන්ගේ සමීපතමයන්) වෙත නැවත ලබා දෙන කල්ප වෘකෂය හා සමාන රුකක් නොහොත් ගසක ආකෘතියක් සකසා, එහි නොයෙක් දානමය ද්‍රව්‍ය එල්ලා (හා තබා), බුදුහිමියන්ට (හෝ ත්‍රිවිධ රත්නයට, ගාථා කියා හෝ නොකියා) (ශීලාදියෙන් යුක්තව, ශ්‍රද්ධා-ප්‍රඥා ආදීන් පෙරටුකොට සිතා, "පූජා කරමි, පූජා වේවා!" ලෙසින්) පූජා කිරීම "කප්රුක් පූජාව" වන අතර, එහිම විකෘති ප්‍රභේදයක් (වෙනත් ආකාරයක්) ලෙස "ඖෂධ කප්රුක් පූජාව" සිතිය හැක.

ඒ අනුව, එම ආකෘතිමය වෘක්ෂයෙහි (ගසේ), නොයෙක් ඖෂධ වර්ග එල්ලා, තිවිධ රත්නයේ ගුණ හා බෙහෙත්-ඖෂධ වර්ග පූජාවේ අනුහස් (විපාක / ආනිසංශ) දැන, නුවණින් ප්‍රර්ථනා සහිතව, බුදුහිමියන්ට (හෝ ත්‍රිවිධ රත්නයට, ගාථා කියා හෝ නොකියා, ඉහත කී පරිදි ...) පූජා කිරීම "ඖෂධ කප්රුක් පූජාව" ලෙස සැළකිය හැකිය.


{මීට අදාළව වැඩිදුරටත් විස්තර, දැනුවත්වීම හා දහම් දැනුම සඳහා පහත මූලාශ්‍ර ද ආශ්‍රය කරන්න (කියවන්න).}

A. # "සිද්ධාර්ථ බුදුරදුන්ගේ චෛත්‍යයට කප්රුකක් පූජා කළ කතාවක් අපදානයෙහි දක්නා ලැබේ. දැනුදු ඇතැමුන් චෛත්‍යයනට කප්රුක් පුදන්නේ ඒ කථාව අනුව යයි සිතමි."


# "කප්රුක් පූජාව

ඇතැම් සැදැහැවත්හු කප්රුක් තනා පූජා කරති. එසේ කරන කල්හි මේ ගාථාව කියා බුදුරදුන්ට කප්රුක පූජා කරනු.

සබ්බසම්පත්තිදාතාරං - සබ්බලෝකහිතං වරං
කප්පරුක්ඛෙන පූජෙමි - කප්පරුක්ඛුපමං ජිනං

සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා දෙන්නා වූ සකල ලෝකයාට හිත වූ උත්තම කප්රුකක් වැනි වූ ජිනේන්ද්‍රයන් වහන්සේට මේ කප්රුක පූජා කරමි. පූජා වේවා!"


# "කප්රුක් පූජාවෙහි අනුසස්

මෙකපට සිවනූවන කපෙහි ලොව පහළ වී වදාළ සිද්ධාර්ථ නම් බුදුරදුන්ගේ චෛත්‍යය සමීපයෙහි එක් සැදැහැවතෙක් විචිත්‍ර වස්ත්‍රයක් එල්වා කප් රුකක් සාදා තැබීය. එය චෛත්‍යස්ථානයට සැරසිල්ලක් වශයෙන් කරන ලද්දක් විය හැකිය. ඒ පිනෙන් ඔහු උපන් තැන්වලදී ඔහුගේ වාසස්ථානය අලංකාර කෙරෙමින් කප් රුක් පිහිටියේය. ඔහු හා ඔහුගේ පිරිස ඒ කප් රුක්වලින් වස්ත්‍ර ගෙන සැමකල්හි රිසිසේ පරිභෝග කළහ. මෙසේ ඒ පිනෙන් ඔහු දෙව් මිනිස් දෙගතියෙහි සිවු අනූ කපක් දෙව් මිනිස් සැප විඳ අප බුදු සසුනෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත් වී නිවන් දුටුවේය. කප්පරුක්ඛීය තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේය.

“චතුන්නවුතිතො කප්පෙ යං රුක්ඛං ඨපයිං අහං,
දුග්ගතිං නාභිජානාමි කප්පරුක්ඛස්සිදං ඵලං.”
(අපදාන පාළියෙන්)"


T. “මම සිද්ධත්‍ථ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ස්තූපය ඉදිරියෙහි විසිතුරු දුහුල් එල්ලා කප්රුකක් පිදුවෙමි.
දිව්‍ය වූ මනුෂ්‍ය වූ ආත්මභාවයන් හි දී මාගේ දොරටුව හොබවමින් කප් රුකක් පිහිටියේය.

මම ද මා ඇසුරු කළ සැම ද ඒ කප්රුකින් දුහුල් ගෙන හැන්දෙමු.

මෙයින් කල්ප අනූහතරකට පෙර යම් කප්රුක් පූජාවක් කළෙම් ද එදා සිට මම දුගතියක නූපන්නෙමි. කප්රුක් දානයේ විපාක මෙබඳුය.

මෙයින් සත්වන කල්පයේ සත්රුවනින් හෙබි මහත් බලැති සුචෙල නම් සක්විති රජුව අට වරක් සැප වින්දෙමි.
දැන් මම කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”


“සිද‍්ධත්‍ථස‍්ස භගවතො, ථූපසෙට‍්ඨස‍්ස සම‍්මුඛා;
විචිත‍්තදුස‍්සෙ ලගෙත්‍වා, කප‍්පරුක‍්ඛං ඨපෙසහං.

“යං යං යොනුපපජ‍්ජාමි, දෙවත‍්තං අථ මානුසං;
සොභයන‍්තො මම ද‍්වාරං, කප‍්පරුක‍්ඛො පතිට‍්ඨති.

“අහඤ‍්ච පරිසා චෙව, යෙ කෙචි මමවස‍්සිතා;
තම‍්හා දුස‍්සං ගහෙත්‍වාන, නිවාසෙම මයං සදා.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං රුක‍්ඛං ඨපයිං අහං;
දුග‍්ගතිං නාභිජානාමි, කප‍්පරුක‍්ඛස‍්සිදං ඵලං.

“ඉතො ච සත‍්තමෙ කප‍්පෙ, සුචෙළා අට‍්ඨ ඛත‍්තියා;
සත‍්තරතනසම‍්පන‍්නා, චක‍්කවත‍්තී මහබ‍්බලා.

“පටිසම‍්භිදා චතස‍්සො…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.


A / T. "බෙහෙත් පිදීමේ අනුසස් දසය

"හෙසජ්ජං සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

ආයුවා බලවා වීරො වණ්ණවා යසවා සුඛී
අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා
න මෙ පියවියොගත්ථි තස්ස නිස්සන්දතො මම"

බුදුනට ද සඟනට ද බෙහෙත් පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් දසයක් ලබමි. ආයු ඇත්තේ ද, බල ඇත්තේ ද, වීර්‍ය්‍ය ඇත්තේ ද, වර්ණය ඇත්තේ ද, යශස් ඇත්තේ ද, සැප ඇත්තේද, උපද්‍රව නැත්තේ ද, අන්තරාය නැත්තේ ද, හැම කල්හි ගරු කරන ලද්දේ ද වෙමි. ප්‍රිය විප්පයෝගයක් ද මට නැත.


# "බෙහෙත් ඖෂධ පිදීමේ ආනිසංස.

මෙත්ත ගුත්ත හිමි සුමේධ බුදු රජුන්ට ගිතෙල් පිදූ පිනින් අට වරක් සක් දෙවිඳු වුණේ ය. පනස් එක් වරක් සක්විති රජකම ලැබුවා. එසේම සෑම ජීවිතයක ම පාහේ අප්‍රමාණ භෝගසම්පත් ලැබුවා හ. අවසානයේ ඒ පින නිවනටද උපනිශ්‍රය වු බව 403 වන අපදානයේ පෙන්වා ඇත.

පිළින්‍දිවච්ඡ හිමිට බෙහෙත් පිදීමෙන් අනුසස් දහයක් ලැබුණා හ.

දීර්ඝායුෂ ලැබේ.
බලවන්තයෙකු වේ.
වීර්යය වන්තයෙකු වේ.
වර්ණ සම්පත් ලැබේ.
යශස් ඇත්තේ වේ.
සැප ඇත්තේ වේ.
උපද්‍රව නැත්තේ වේ.
අන්තරා නැත්තේ වේ.
හැම කල්හි ම ගරු කරන ලද්දේ වේ.
ප්‍රිය විප්පයෝග දුක් නො ලැබේ."



# "සො තං ගහෙත්‍වා පුන පුච‍්ඡි – “අත්‍ථි නු ඛො ඉතො රමණීයතරං ඨාන”න‍්ති. අථස‍්ස තාවතිංසභවනං කථයිංසු – “තාවතිංසභවනං, දෙව, රමණීයතරං, තත්‍ථ සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො ඉමෙ චත‍්තාරො මහාරාජානො පරිචාරකා දොවාරිකභූමියං තිට‍්ඨන‍්ති. සක‍්කො දෙවරාජා මහිද‍්ධිකො මහානුභාවො. තස‍්සිමානි පන උපභොගට‍්ඨානානි, යොජනසහස‍්සුබ‍්බෙධො වෙජයන‍්තපාසාදො, පඤ‍්චයොජනසතුබ‍්බෙධා සුධම‍්මා දෙවසභා, දියඩ‍්ඪයොජනසතිකො වෙජයන‍්තරථො, තථා එරාවණො හත්‍ථී, දිබ‍්බරුක‍්ඛසහස‍්සපටිමණ‍්ඩිතං නන්‍දනවනං චිත‍්තලතාවනං ඵාරුසකවනං මිස‍්සකවනං. යොජනසතුබ‍්බෙධො පාරිච‍්ඡත‍්තකො කොවිළාරො, තස‍්ස හෙට‍්ඨා සට‍්ඨියොජනායාමා පණ‍්ණාසයොජනවිත්‍ථතා පඤ‍්චදසයොජනුබ‍්බෙධා ජයසුමනපුප‍්ඵවණ‍්ණා පණ‍්ඩුකම‍්බලසිලා, යස‍්සා මුදුතාය සක‍්කස‍්ස නිසීදතො උපඩ‍්ඪකායො අනුපවිසතී”ති.
හෙතෙම එම රජය ගෙන නැවතත් මේ ස්ථානයට වඩා රමණිය තැනක් ඇත්දැයි විචාළේය. එවිට ඔහුට තව්තිසා දෙව්ලොව මීට වඩා රමණීය බැව් කීවාහුය. දේවයන් වහන්ස, තව්තිසා භවන අතිශයින් සිත්කලු වෙයි. එහිදී සක්දෙව් රජහට සතරවරම් දෙවිවරු පිරිවර වූවාහුය. දොරටුපල් තන්හි සිටිති. ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මහත් සෘද්ධි ඇත්තේ ද මහත් ආනුභාව ඇත්තේ ද වෙයි. ඔහුගේ උපභෝග ස්ථානයෝ මෙසේය. යොදුන් දහසක් උස වූ වෛජයන්ත නම් පහයෙක් වෙයි. පන්සියයක් යොදුන් උස් වූ සුධර්මා නම් දේව සභාවක් වූවාය. එකසිය පනස් යොදුන් උස වෛජයන්ත නම් රථයක් වෙයි. එබඳු වූම ඓරාවණ නම් ඇතෙක් වෙයි. කප්රුක් දහස් ගණනින් සැදුම් ලත් ‘නන්‍දන’ වනයද, ‘චිත්‍රලතා’ වනයද, ‘ඵාරුසක’ වනයද, ‘මිශ්‍රකව’ වනයද වෙයි. එසේම සියක් යොදුන් උස් වූ ‘පාරිච්ඡත්තක කොවීදුර වෘක්‍ෂය වෙයි. ඒ පරසතු රුකයට පණ්ඩුකම්බල නම් ශෛලමය අසුන වෙයි. එය මෘදුය. ඒ හේතුවෙන් එහි හිඳත්තා වූ සක්දෙවිඳුගේ කයේ අඩක් ඇතුළට පිවිසියේද වෙයි. එබඳු වූ සැටයොදුන් දිග, පනස් යොදුන් පළල පසළොස් යොදුන් උස බඳු වදමල් පැහැති පඬුඅඹුල් අසුනක් ද වේයයි."

"කිං පනෙස කාතුකාමො අහොසීති? මූලපටිසන්‍ධිං ගන‍්තුකාමො අහොසි. බ්‍රහ‍්මානඤ‍්හි මූලපටිසන්‍ධිකඅත‍්තභාවො සුඛුමො, අඤ‍්ඤෙසං අනාපාථො, අභිසඞ‍්ඛතකායෙනෙව තිට‍්ඨන‍්ති. සත්‍ථා තස‍්ස මූලපටිසන්‍ධිං ගන‍්තුං න අදාසි. මූලපටිසන්‍ධිං වා අගන‍්ත්‍වාපි යෙන තමෙන අත‍්තානං අන‍්තරධාපෙත්‍වා අදිස‍්සමානකො භවෙය්‍ය, සත්‍ථා තං තමං විනොදෙසි, තස‍්මා අන‍්තරධායිතුං නාසක‍්ඛි. සො අසක‍්කොන‍්තො විමානෙ නිලීයති, කප‍්පරුක‍්ඛෙ නිලීයති, උක‍්කුටිකො නිසීදති. බ්‍රහ‍්මගණො කෙළිමකාසි – “එස ඛො බකො බ්‍රහ‍්මා විමානෙ නිලීයති, කප‍්පරුක‍්ඛෙ නිලීයති, උක‍්කුටිකො නිසීදති, බ්‍රහ‍්මෙ ත්‍වං අන‍්තරහිතොම‍්හී”ති සඤ‍්ඤං උප‍්පාදෙසි නාමාති. සො බ්‍රහ‍්මගණෙන උප‍්පණ‍්ඩිතො මඞ‍්කු අහොසි.
නැවත මේ බ්‍රහ්මයා කුමක් කරන්නට අරඅඳියිද, චූල ප්‍රතිසන්ධියට යනු කැමති වෙයි. යම් හෙයකින් බ්‍රහ්මයන්ගේ මූල ප්‍රතිසන්ධියෙහි ආත්මභාවය සියුම් වූයේ අන්‍යයන්ට සුදුසු නොවේ ද, නිර්මිත කයින්ම සිටිත්ද, ශාස්තෲන් වහන්සේ ඔහුට මූල ප්‍රතිසන්ධියට යාමට ඉඩ නුදුන් සේක් ද, මූල ප්‍රතිසන්ධියට හෝ නොගොස් යම් අන්ධකාරයකින් මුවහ වී නොපෙනී යන්නෙක් වන්නේද, ශාස්තෲන් වහන්සේ ඒ අන්ධකාරය දුරුකළ සේක්, එහෙයින් අන්ධකාරයේ සැඟවෙන්නට ද නුපුළුවන් විය. එසේ අසමත් වන ඔහු විමානයෙහි සැඟවෙයි. කප්රුකෙහි සැඟවෙයි. උක්කුටිකයෙන් හිඳී. බඹ පිරිස අපහාස කළේය. මේ බක බ්‍රහ්මයා විමානයේ සැඟවෙයි. කප්රුකේ සැඟවෙයි. උක්කුටිකව හිඳියි. බ්‍රහ්මය, ඔබ අතුරුදහන් වෙතියි සිතීද හෙතෙම බඹ පිරිස විසින් පිරිහාස කරන ලදින් මතු විය."

"චතුත්‍ථවග‍්ගස‍්ස පඨමෙ ජම‍්බුදීපෙති ජම‍්බුයා පඤ‍්ඤාතො පාකටො දීපොති ජම‍්බුදීපො. ඉමස‍්ස කිර දීපස‍්ස සඤ‍්ඤාණභූතා යොජනසතුබ‍්බෙධා පණ‍්ණාසයොජනසාඛා පඤ‍්චදසයොජනාවට‍්ටක‍්ඛන්‍ධා හිමවන‍්තපබ‍්බතෙ ජාතා කප‍්පට‍්ඨායිනී මහාජම‍්බූ නාම අත්‍ථි, තාය අයං දීපො ජම‍්බුදීපොති වුච‍්චති. යථා ච ඉමස‍්මිං දීපෙ ජම‍්බුරුක‍්ඛො කප‍්පට‍්ඨායී, තථා අපරගොයානෙ කදම‍්බරුක‍්ඛො, උත‍්තරකුරූසු කප‍්පරුක‍්ඛො, පුබ‍්බවිදෙහෙ සිරීසරුක‍්ඛො, අසුරානං චිත‍්තපාටලිරුක‍්ඛො, සුපණ‍්ණානං සිම‍්බලිරුක‍්ඛො, දෙවානං පාරිච‍්ඡත‍්තකොති ඉමෙපි කප‍්පට‍්ඨායිනොව.
සිවුවෙනි වර්ගයෙහි පළමුසූත්‍රයෙහි ජම්බුදීපෙ යනු දඹගසින් පැනුණු ප්‍රකටවුණු දිවයිනයි, ජම්බුදීපයයි. මේ දිවයින හඟවන්නාවූ යොදුන් සියයක් උස්වූ, පණස් යොදුන් ශාඛා ඇති, යොදුන් පසළොසක් වටවූ කඳ ඇති හිමවතෙහි හටගත් කල්පයක් පවත්නා මහාජම්බුනම්වූ ගසෙක් ඇත. ඒ ගස නිසා මේ දිවයින ජම්බුදීපයයි කියනු ලැබේ. යම් සේ මේ දිවයිනෙහි දඹගස කල්පයක් පවතින්නේද එසේ අපරගොයානයෙහි කඳම්බ (කොළොම්) ගසඳ උතුරුකුරු දිවයිනෙහි කප්රුකද පූර්‍ව විදෙහයෙහි මහරි ගසද, අසුරයන්ගේ චිත්තපාටලී ගසද සුපර්‍ණයන්ගේ ඉඹුල් ගසද දෙවියන්ගේ පරසතු ගසද යන මේවා කල්පයක් පවතින්නේමය."

"ජෝතික සිටුහු පැමිණි පැමිණි අයට උතුරුකුරු සහලින් බත් දෙවයි, කප්රුක්වලින් වස්ත්‍රාභරණ ගනිත්වායි අණකරයි. ගව්වක් වූ නිධාන කළයෙහි කට විවරකරවා යැපෙන පමණ ගනිත්වායි අණ කරයි. සියලු දඹදිව වැසියෝ ධනය ගෙනයන කල්හි නිධාන කළයෙහි අඟලක් මාත්‍රවූද, ඌනතාවක් නොවූයේය. මෙය පින්වත්හුගේ සෘද්ධියයි.
ජොතිකසෙට‍්ඨි ආගතාගතානං උත‍්තරකුරුතණ‍්ඩුලානං භත‍්තං දාපෙති, “කප‍්පරුක‍්ඛෙහි වත්‍ථාභරණානි ගණ‍්හන‍්තූ”ති ආණාපෙති, “ගාවුතිකනිධිකුම‍්භියා මුඛං විවරාපෙත්‍වා යාපනමත‍්තං ගණ‍්හන‍්තූ”ති ආණාපෙති. සකලජම‍්බුදීපවාසිකෙසු ධනං ගහෙත්‍වා ගච‍්ඡන‍්තෙසු නිධිකුම‍්භියා අඞ‍්ගුලමත‍්තම‍්පි ඌනං නාහොසීති අයමස‍්ස පුඤ‍්ඤවතො ඉද‍්ධි."

"37. බුද්ධිමතුන්ගේ මේ චරිත දැනගෙන දිව්‍ය මනුෂ්‍ය සම්පත් හා නිවන් සැපත් පතමින් කල්ප වෘක්‍ෂය හා සමාන සංසාරයෙහි වසනා තෙක් කැමැති දෑ ලැබෙන නිර්මල ශීල ඇති බුද්ධ පුත්‍ර‍යන්ට දන් දෙව්."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll