[Watch in 4K — Recommended Resolution.]


214. සබ්බේ බුද්ධා බලප්පත්තා ...?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. "සබ්බෙ බුද්ධා බලප්පත්තා" ගාථාව තියෙන්නේ කොහේ ද? එහි තේරුම කුමක් ද?

A. පිරුවානා (පිරිත්) පොත් වහන්සේ තුළයි.

# මහා ජයමංගල ගාථා.

"සබ්බේ බුද්ධා බලප්පත්තා - සියලු බුදු ගුණ බලයෙන්
පච්චේකානඤ්ච යං බලං - පසේ බුදු ගුණ බලයෙන්
අරහන්තානඤ්ච තේජේන - රහතුන් ගේ ද තේජසින්
රක්ඛං බන්ධා සබ්බසෝ - සැමට රැකවරණ වේවා!"


# "සබ්බේ බුද්ධා බලප්පත්තා
(සියලු බුදුවරු බල සහිත වූවාහු ය.)

පච්චෙකානං ච යං බලං
(පසේ බුදුවරුන්ගේ යම් බලයක් වේ නම්)

අරහන්තානං ච තෙජෙන
(රහතන් වහන්සේලාගේ ද යම් බලයක් වේ නම්)

රක්ඛං බන්ධාමි සබ්බසො
( ඒ සියලු බලයන්ගෙන් ඔබට සියලු ආකාරයෙන් ආරක්ෂාව බඳිමි.)"


# පිරුවානා (පිරිත්) පොත් වහන්සේ 👇


"සබ්බෙ බුද්ධා බලප්පත්තා පච්චේකානඤ්ච යං බලං
අරහන්තානඤ්ච තෙජෙන රක්ඛං බන්ධාමි සබ්බසො"

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll