A/S. 37. “හිස් පුරුෂය, තා විසින් දරුණු විෂ ඇති ආශීවිෂයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහා ලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි සිය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් කෘෂ්ණසර්‍පයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් ඇවිළගත්, හාත්පසින් ඇවිළගත්, ගිනිදැල් සහිත වූ ගිනිඅඟුරුවළෙක අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. ඒ කවර හෙයින? යත්: හිස් පුරුෂය, එය හේතු කොට ගෙණ මරණයට හෝ පැමිණෙන්නේ ය. නැත හොත් මරණය වැනි දුකකට පැමිණෙන්නේ ය. ඒ හේතුවෙන් කා බුන් මරණින් මතු සැපයෙන් පහ වූ නරකගතියෙන් යුක්ත වූ විවශ ව පතිත වන්නා වූ නිරයට නො පැමිණෙන්නේ ය. මේ හේතුවෙන්, හිස් පුරුෂය, කා බුන් මරණින් මතු අපාය නම් වූ දුග්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ ය.”
“වරං තෙ මොඝපුරිස ආසීවිසස‍්ස ඝොරවිසස‍්ස මුඛෙ අඞ‍්ගජාතං පක‍්ඛිත‍්තං, න ත්‍වෙව මාතුගාමස‍්ස අඞ‍්ගජාතෙ අඞ‍්ගජාතං පක‍්ඛිත‍්තං. වරං තෙ මොඝපුරිස කණ‍්හසප‍්පස‍්ස මුඛෙ අඞ‍්ගජාතං පක‍්ඛිත‍්තං, න ත්‍වෙව මාතුගාමස‍්ස අඞ‍්ගජාතෙ අඞ‍්ගජාතං පක‍්ඛිත‍්තං. වරං තෙ මොඝපුරිස අඞ‍්ගාරකාසුයා ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය අඞ‍්ගජාතං පක‍්ඛිත‍්තං. න ත්‍වෙව මාතුගාමස‍්ස අඞ‍්ගජාතෙ අඞ‍්ගජාතං පක‍්ඛිත‍්තං. තං කිස‍්ස හෙතු? තතොනිදානං හි, මොඝපුරිස මරණං වා නිගච‍්ඡෙය්‍ය මරණමත‍්තං වා දුක‍්ඛං. නත්‍වෙව තප‍්පච‍්චයා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජෙය්‍ය. ඉතොනිදානඤ‍්ච ඛො මොඝපුරිස කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජෙය්‍ය.”
S/T. "දැන් යම් හෙයකින් ඔහු විසින් යම් පාපකර්‍මයක් කරන ලද්දේද, ඒ පාපකර්‍මය පැසෙනුයේ දැඩි දුක්විපාක ඇත්තේද, එහෙයින් ඔහුට ඒ දුක්විපාකය දක්වාලනු පිණිස, කළ අපරාධ ඇති පුතාට අනුකම්පා කරන මවුපියන් මෙන් කරුණා බහුල වූ සිතින් සුදින්න හට ගරහනසේක් ‘වරං තෙ මොඝපුරිස’ යනාදිය වදාළ සේක. එහි මොහුගේ විෂය වහා වේගයෙන් දෂ්ට කරන ලද්දහු කරා නැග ඒනුයි ආසීවිස නම. මොහුගේ විෂය ඝෝරය, චණ්ඩයයි ඝෝර විස නම. ඒ ආසීවිස ඇත්තහුගේය. ඝෝර විස ඇත්තහුගේය. ‘පක්‍ඛිත්තං’ යන මේ පාදයාගේ ‘වරං’ යන මේ පදය හා සම්බන්‍ධය වේ. මෙබඳු ඝෝරවිස ඇති ආසීවිසයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහාලන ලද්දේ උතුම් වේ. ඉදින් බැහූයේ වන්නේනම් එය උතුම් වන්නේය. සොඳුරු වන්නේය. යහපත් වන්නේය. මනා වන්නේය යන අර්‍ත්‍ථයි. ‘නත්‍වෙ’ උතුම් නොවේමය. සොඳුරු නොවේමය. යහපත් නොවේමය. මනා නොවේමය. සියලු තන්හි මේ ක්‍රමය වේ. ‘කණ්හසප්පස්ස’ කළුනයකුගේ. ‘අඞ්ගාරකාසුයා’ අඟුරින් පිරුණු වළෙක. අඟුරු රැසෙක හෝ ‘ආදිත්තාය’ තදින් ඇවිළගත්. ගන්නාලද ගිනි පැහැති ‘සම්පජ්ජලිතාය’ හාත්පසින් තදින් දැල්වෙන. ගිනිදැල් මුදන. ‘සජොතිභූතාය’ ප්‍රභාසහිත වූ හාත්පසින් නැගුනු ගිනිදැලින් එක්ම ගිනිදැල් සමූහයක්වූයි කියන ලද්දේ වේ."
"ඉදානි යස‍්මා යං තෙන පාපකම‍්මං කතං, තං විපච‍්චමානං අතිවිය දුක‍්ඛවිපාකං හොති, තස‍්මාස‍්ස තං විපාකං දස‍්සෙතුං කතාපරාධං විය පුත‍්තං අනුකම‍්පකා මාතාපිතරො දයාලුකෙන චිත‍්තෙන සුදින‍්නං පරිභාසන‍්තො “වරං තෙ මොඝපුරිසා”තිආදිමාහ. තත්‍ථ ආසු සීඝං එතස‍්ස විසං ආගච‍්ඡතීති ආසීවිසො. ඝොරං චණ‍්ඩමස‍්ස විසන‍්ති ඝොරවිසො, තස‍්ස ආසීවිසස‍්ස ඝොරවිසස‍්ස. “පක‍්ඛිත‍්ත”න‍්ති එතස‍්ස “වර”න‍්ති ඉමිනා සම‍්බන්‍ධො . ඊදිසස‍්ස ආසීවිසස‍්ස ඝොරවිසස‍්ස මුඛෙ අඞ‍්ගජාතං වරං පක‍්ඛිත‍්තං; සචෙ පක‍්ඛිත‍්තං භවෙය්‍ය, වරං සියා; සුන්‍දරං සාධු සුට‍්ඨු සියාති අත්‍ථො. න ත්‍වෙවාති න තු එව වරං න සුන්‍දරමෙව න සාධුමෙව න සුට‍්ඨුමෙව. එස නයො සබ‍්බත්‍ථ. කණ‍්හසප‍්පස‍්සාති කාළසප‍්පස‍්ස. අඞ‍්ගාරකාසුයාති අඞ‍්ගාරපුණ‍්ණකූපෙ, අඞ‍්ගාරරාසිම‍්හි වා. ආදිත‍්තායාති පදිත‍්තාය ගහිතඅග‍්ගිවණ‍්ණාය. සම‍්පජ‍්ජලිතායාති සමන‍්තතො පජ‍්ජලිතාය අච‍්චියො මුච‍්චන‍්තියා. සජොතිභූතායාති සප‍්පභාය. සමන‍්තතො උට‍්ඨිතාහි ජාලාහි එකප‍්පභාසමුදයභූතායාති වුත‍්තං හොති."