224. ශ්‍රද්ධාව හා ප්‍රඥාව අතර තිබෙන සම්බන්ධය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ශ්‍රද්ධාව හා ප්‍රඥාව අතර තිබෙන සම්බන්ධය පැහැදිලි කරන්න පුලුවන්ද?

A. සාමාන්‍යයෙන් (ඕනෑවට වැඩිය), ප්‍රඥාව අඩු වෙලා ශ්‍රද්ධාව වැඩි වුණා ම, අනවශ්‍ය තැන දීත් / අනවශ්‍ය ලෙස (සිතන් / කයින් / වචනයෙන්) පැහැදෙනවා / ක්‍රියා කරනවා; ප්‍රඥාව වැඩි වෙලා, ඒ සමඟ ශ්‍රද්ධාව අඩු වුනොත් (සිතන් / කයින් / වචනයෙන්) කට්ට-කපටි-කෛරාටික වෙනවා / ලෙස ක්‍රියා කරනවා.

එහෙත්, ඉන්ද්‍රිය ධර්ම වශයෙන් හා කුසල් සිත්වල ශ්‍රද්ධාව හා ප්‍රඥාව අඩු-වැඩි (/ යෙදීම්-නොයෙදීම්) වශයෙන් යෙදේ.

ඒ වගේ ම, සාමාන්‍යයෙන්, ශ්‍රද්ධාව හා ප්‍රඥාව ස්ථීර වෙන්නට (නොසැලී / නොසෙල් වී පවතින්නට) නම්, සෝතාපන්න විය යුතු ම යි.

S. "මෙහි කිය යුත්තෙක් ඇති. මේ සමත්‍ව සම්පාදනයෙන් විශේෂයෙන් ප්‍ර‍ශස්ත වන්නේ ශ්‍ර‍ද්ධා - ප්‍ර‍ඥා දෙදෙනාගේ ද, වීර්‍ය්‍ය - ප්‍ර‍ඥා දෙදෙනාගේ ද සමත්‍ව සම්පාදනය යි. යමකු ගේ ශ්‍ර‍ද්‍ධාව බලවත් වැ ප්‍ර‍ඥාව දුර්බල විණි නම් හෙතෙමේ මුද්ධප්පසන්න වේ. හේ අස්ථානයෙහි ද පහදින්නේ ය. යමකුගේ ප්‍ර‍ඥාව බලවත් වැ ශ්‍ර‍ද්ධාව දුර්බල විනි නම් හෙතෙමේ කෛරාටික පක්‍ෂය භජනය කරන්නේ ය. (සිත් උපන් පමණින් ම කුසල් වෙයි. දන් ආදිය දීමෙන් කටයුතු කිමැ යි.) බෙහෙදින් හටගත් රෝගය මෙන් හෙතෙමේ අතේකිච්ඡ වේ හෙවත් පිළියම් කට හැක්කේ නොවේ. ශ්‍ර‍ද්ධා-ප්‍ර‍ඥා දෙක සම කල්හි ස්ථානයෙහි ම පහදින්නේ ය."







"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll