88. ඒ වේදනාවත් මේ වේදනාව ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පටිච්ච සමුප්පාදයේ එන වේදනාව සහ පංචඋපාදාන්ස්කන්ධයේ එන වේදනාව අතර වෙනස කුමක්ද?

A. පටිච්ච සමුප්පාදයේ වේදනාව ලෙස සලකනුයේ, ලෞකික විපාක සිත්වල වේදනා 32 පමණ යි.

වේදනා උපාදානස්කන්ධය නම්, ලෞකික සිත්වල වේදනා 81 පමණ යි.

S. "වේදනාව ද සැම සිතක ම ඇතියක් නමුත් මෙහි ගනු ලබන්නේ ලෞකික විපාක වේදනා දෙතිස පමණෙකි."

"වේදනෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් අසූ එකෙහි වේදනා චෛතසිකය ය."



"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll