A. “දේශනාව පරිදි ලෝකයෙහි උද්ඝටිතඥ ය, විපචිතඥ ය, නෙය්‍ය ය, පදපරම ය යි පුද්ගලයෝ සතර දෙනෙක් වෙති. බුදුවරයකු විසින් හෝ බුද්ධ ශ්‍රාවකයකු විසින් හෝ සංක්ෂේපයෙන් දෙසන ධර්මයක් ඇසීමෙන් එකෙණෙහි ම මඟ ඵල ලබා චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කොට නිවන් දක්නට සමත් වූ දාරුචීරිය ශාරිපුත්‍ර මෞද්ගල්‍යානාදීන් වැනි පුද්ගලයෝ උද්ඝටිතඥ නම් වෙති. විස්තර වශයෙන් දේශනා කළ ධර්මය අසා අවසානයෙහි මඟ පල ලබා නිවන් දක්නට සමර්ථ පුද්ගලයෝ විපඤ්චිතඥ නම් වෙති. ධර්මය උගෙන උගත් ධර්මය ගැන නැවත නැවත කල්පනා කිරීම පිළිවිසීම කලණ මිතුරන් සේවනය කිරීම භාවනා කිරීම යන මේවා කොට කලෙක දී මඟ ඵල ලබා නිවන් දක්නට සමත්හු නෙය්‍ය පුද්ගලයෝ නම් වෙති. කොතෙක් බණ ඇසුවත් කොතෙක් කලණ මිතුරන් සේවනය කළත් කොතෙක් භාවනා කළත් ඒ ජාතියේදී මඟ පල ලැබීමට නො සමත් වන්නෝ පදපරම පුද්ගලයෝ නම් වෙති.”
A. [“ඒ ජාතියේදී ම මඟ ඵල ලැබීමට හේතු සම්පත් ඇති ව සිටි මහා ධන සිටු පුත්‍රයා ද ඔහු ගේ භාර්‍ය්‍යාව ද බෝධියට නො පැමිණියෝ ය. සෝවාන් වීමට හේතු සම්පත් ඇති ව සිටි අජාසත් රජ පාප මිත්‍ර සේවනයෙන් පිතෘ ඝාතක කර්ම කොට එයින් පිරිහිණ. ශ්‍රාවක බෝධිය පිළිබඳ ස්ථිර කාල නියමයක් නැති බව මේ කරුණුවලින් ද පෙනේ. එසේ නියමයක් නැත ද යම් කිසි ජාතියක දී නියම වශයෙන් ම රහත් වන පුද්ගල කොටසක් ඇති බව ද සංකිච්ච ස්ථවිරයන් වහන්සේ ගේ කථාවෙන් හා බක්කුල තෙරුන් වහන්සේ ගේ කථාවෙන් ද තවත් එබඳු කථාවලින් ද පෙනේ. සංකිච්ච තෙරුන් වහන්සේගේ මව උන් වහන්සේ ගැබ තුළ සිටියදී ම කාලක්‍රියා කළාය. ඇගේ සිරුර ද කුස තුළ හුන් දරුවාත් සමඟ ම සොහොන් කළහ. එහෙත් ඒ ජාතියේ දී ම රහත් වන්නට ඇති හේතු සම්පත්තිය නිසා ඒ දරුවාට අනතුරක් නොවූ බව සංකිච්ච රහතන් වහන්සේ ගේ කථාවෙහි දක්වා තිබේ. බක්කුල තෙරුන් වහන්සේ බාල කාලයේදී මසකු විසින් ගිලින ලද නමුදු එයින් අනතුරක් නො වූ බව ද ඒ කථාවේ දක්වා තිබේ.”
A. {“සාමාන්‍ය කුශලයන්ගෙන් නො පැතුව හොත් නිවන් නො ලැබේ. පැතුයේ ද කෙළින් ම නිවන් ලබා දීමට ශක්තියක් දානාදි කුශලයන්ට නැත. ප්‍රාර්ථනය කළ තැනැත්තා හට ඒ කුශලයෝ නිවන් ලැබීමට උපකාර වෙති. භවභෝග සම්පත් ගෙන දීමේ ශක්තිය කුශලයට ස්වභාවයෙන් ම ඇත්තේ ය. ඵ බැවින් ඵය නො පැතුයේද භවභෝග සම්පත් ලබා දෙන්නේය. භවභෝග සම්පත් පැතීමෙන් සිදුවන්නේ කුශලයේ නිවන් ලැබීමට උපනිඃශ්‍රය වීමේ ශක්තිය හීනවීම පමණකි. එ බැවින් පිනක් කළ කල්හි නිවන හෝ බෝධිය පමණක් පැතීම කළ යුතු ය. බෝධියට පැමිණිය හොත් නිවනට පැමිණීම ද වේ.
බුදු බව හෝ පසේ බුදු බව හෝ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක තනතුරක් හෝ නො පතන්නේ නම් කාල නියමයක් නැති ව "වහා නිවනට පැමිණෙම්වා" යි පැතීම යහපති. භවභෝග සම්පත් නො පතා ම බැරි අයට ඒවා පතතොත් නිවන් මඟ නො වැසෙන ලෙස පැතීමට ගුරුකම් ගැනීමට පෞරාණිකයකු විසින් රචනා කර තිබෙන ප්‍රාර්ථනා ගාථා දෙකක් දක්වනු ලැබේ. ...”
A. “කවර පුද්ගලයෙක් උද්ඝටිතඥ වේ ද යත්: යම් පුද්ගලයකුට උදාහෘත වේලායෙහි ම (යම්තම් කරුණ නඟා දැක් වූ කල්හි ම යි සේයි) (චතුස්සත්‍ය) ධර්මාවබෝධය වේ ද, මේ පුද්ගල උද්ඝටිතඥය යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් විපඤ්චිතඥ (කරුණ විස්තර කළ කල්හි ම අරුත දන්නේ) වේ ද යත්: යම් පුද්ගලයකුට සැකෙවින් කියන ලද ධර්මයාගේ අර්ත්ථය විස්තරයෙන් විභාග කරනු ලබන කල්හි ම ධර්මාභිසමය වේ ද, මෙ බඳු පුද්ගල විපඤ්චිතඥ ය යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් නෙය්‍ය වේ ද යත්: යම් පුද්ගලයකු ට උදෙසීමෙන් පිළිවීසීමෙන් කරුණු වශයෙන් මෙනෙහි කිරීමෙන් කළණ මිතුරන් සේවනයෙන් භජනයෙන් ළංව ඇසුරු කිරීමෙන් මෙසේ අනුපිළිවෙළින් ධර්මාභිසමය වේ ද, මේ පුද්ගල තෙමේ නෙය්‍ය ය යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් පදපරම වේ ද යත්: බොහෝ කොට අසන්නා වූ ද බොහෝ කොට කියන්නා වූ ද බොහෝ කොට දරන්නා වූ ද බොහෝ කොට කියවන්නාවූද යම් පුද්ගලයෙකුට ඒ ආත්මභාවයෙහි ධර්මාභිසමය නො වේ ද මේ පුද්ගල පදපරම ය යි කියනු ලැබේ.
"කතමො ච පුග‍්ගලො උග‍්ඝටිතඤ‍්ඤූ: යස‍්ස පුග‍්ගලස‍්ස සහඋදාහටවෙලාය ධම‍්මාභිසමයො හොති. අයං වුච‍්චති පුග‍්ගලො උග‍්ඝටිතඤ‍්ඤු.
කතමො ච පුග‍්ගලො විපචිතඤ‍්ඤූ: යස‍්ස පුග‍්ගලස‍්ස සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථෙ විභජියමානෙ. ධම‍්මාභිසමයො හොති, අයං වුච‍්චති පුග‍්ගලො විපචිතඤ‍්ඤූ.
කතමො ච පුග‍්ගලො නෙය්‍යො: යස‍්ස පුග‍්ගලස‍්ස උද‍්දෙසතො පරිපුච‍්ඡතො යොනිසො මනසිකරොතො කල්‍යාණමිත‍්තෙ සෙවතො භජතො පයිරුපාසතො එවං අනුපුබ‍්බෙන ධම‍්මාභිසමයො හොති. අයං වුච‍්චති පුග‍්ගලො නෙය්‍යො.
කතමො ච පුග‍්ගලො පදපරමො: යස‍්ස පුග‍්ගලස‍්ස බහුම‍්පි සුණතො බහුම‍්පි භණතො බහුම‍්පි ධාරයතො බහුම‍්පි වාචයතො, න තාය ජාතියා ධම‍්මාභිසමයො හොති. අයං වුච‍්චති පුග‍්ගලො පදපරමො."