69. උපදිනකොට ම ඉන්ද්‍රිය කීයක් ලැබෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මනුස්ස ලෝකයේ උත්පත්තිය ලබන සත්වයන්ට කෙතෙක් ඉන්ද්‍රියයො පහල වනවාද. තෙරුවන්සරනයි !!!

A. “... කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ප්‍රථමකල්පයෙහි වූ සහෙතුක වූ ඥානවිප්‍රයුක්ත වූ මනුෂ්‍යයන්ට උත්පත්තික්‍ෂණයෙහි දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්‍ෂුරින්‍ද්‍රිය, ශ්‍රොත්‍රෙන්‍ද්‍රිය, ඝ්‍රාණෙන්‍ද්‍රිය, ජිහ්වෙන්‍ද්‍රිය, කායෙන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ජීවිතෙන්‍ද්‍රිය, සොමනස්සින්‍ද්‍රිය හෝ උපෙක්‍ෂෙන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධෙන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.

කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට දශ ඉන්‍ද්‍රිය කෙනෙක් පහළ වෙත් ද යත්: ගැබ්හි හෝනා ඥානසම්ප්‍රයුක්ත වූ සහෙතුක වූ සත්ත්‍වයන්ට උත්පත්තික්‍ෂණයෙහි දශ ඉන්‍ද්‍රිය කෙනෙක් පහළ වෙති: කායෙන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ස්ත්‍රීන්‍ද්‍රිය හෝ පුරුෂේන්‍ද්‍රිය හෝ ය ජීවිතෙන්‍ද්‍රිය, සොමනස්සින්‍ද්‍රිය හෝ උපෙක්‍ෂෙන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධෙන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය, ප්‍රඥෙන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දශ ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.

කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ගැබ හෝනා සහෙතුක වූ සත්ත්‍වයනට ඥානවිප්‍රයුක්ත සත්ත්‍වයනට උපදනා ඇසිල්ලෙහි නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, සොමනස්සින්‍ද්‍රිය හෝ උපෙක්ඛින්‍ද්‍රිය හෝ ය සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
....
කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට පඤ්ච ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: නපුංසකයනට තබා ගැබහෝනා අහේතුක සත්නට උපදනා ඇසිල්ලෙහි පඤ්චෙන්‍ද්‍රියයෝ පහළ වෙති. කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ පස් ඉඳුරෝ පහළ වෙත්.
කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට සතර ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ගැබහෝනා අහේතුක වූ නපුංසක සත්ත්‍වයනට උපදනා ඇසිල්ලෙහි සතර ඉන්‍ද්‍රිය යෝ පහළ වෙති. කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ සතර ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.”



[“කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට තුදුස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: සහෙතුක වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරදෙවියන්ට උත්පත්තික්‍ෂණයෙහි තුදුස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්‍ෂුරින්‍ද්‍රිය, ශ්‍රොත්‍රෙන්‍ද්‍රිය, ඝ්‍රාණෙන්‍ද්‍රිය, ජිහ්වෙන්‍ද්‍රිය, කායෙන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ස්ත්‍රීන්‍ද්‍රිය හෝ පුරුෂේන්‍ද්‍රිය හෝ ය ජීවිතෙන්‍ද්‍රිය, සොමනස්සින්‍ද්‍රිය හෝ උපෙක්‍ෂෙන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධෙන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය, ප්‍රඥෙන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්හට මේ තුදුස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.

කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: සහෙතුක වූ ඥානවිප්‍රයුක්ත වූ කාමාවචරදෙවියන්ට උත්පත්තික්‍ෂණයෙහි තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්‍ෂුරින්‍ද්‍රිය, ශ්‍රොත්‍රෙන්‍ද්‍රිය, ජිහ්වෙන්‍ද්‍රිය, කායෙන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ස්ත්‍රීන්‍ද්‍රිය හෝ පුරුෂේන්‍ද්‍රිය හෝ ය ජීවිතෙන්‍ද්‍රිය, සොමනස්සින්‍ද්‍රිය හෝ උපෙක්‍ෂෙන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධෙන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්‍වයන්ට මේ තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.

කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට අන්‍ය වූ තෙළෙස්ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ප්‍රථමකල්පයෙහි වූ ඥානසම්ප්‍රයුක්ත වූ සහෙතුක වූ මනුෂ්‍යයන්ට උත්පත්තික්‍ෂණයෙහි තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්‍ෂුරින්‍ද්‍රිය, ශ්‍රොත්‍රෙන්‍ද්‍රිය, ඝ්‍රාණෙන්‍ද්‍රිය, ජිහ්වෙන්‍ද්‍රිය, කායෙන්‍ද්‍රිය, මනින්‍ද්‍රිය, ජීවිතෙන්‍ද්‍රිය, සොමනස්සින්‍ද්‍රිය හෝ උපෙක්‍ෂෙන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධෙන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය, ප්‍රඥෙන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.

කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ප්‍රථමකල්පයෙහි වූ සහෙතුක වූ ඥානවිප්‍රයුක්ත වූ මනුෂ්‍යයන්ට උත්පත්තික්‍ෂණයෙහි දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්‍ෂුරින්‍ද්‍රිය, ශ්‍රොත්‍රෙන්‍ද්‍රිය, ඝ්‍රාණෙන්‍ද්‍රිය, ජිහ්වෙන්‍ද්‍රිය, කායෙන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ජීවිතෙන්‍ද්‍රිය, සොමනස්සින්‍ද්‍රිය හෝ උපෙක්‍ෂෙන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධෙන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.

කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට දශ ඉන්‍ද්‍රිය කෙනෙක් පහළ වෙත් ද යත්: ගැබ්හි හෝනා ඥානසම්ප්‍රයුක්ත වූ සහෙතුක වූ සත්ත්‍වයන්ට උත්පත්තික්‍ෂණයෙහි දශ ඉන්‍ද්‍රිය කෙනෙක් පහළ වෙති: කායෙන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ස්ත්‍රීන්‍ද්‍රිය හෝ පුරුෂේන්‍ද්‍රිය හෝ ය ජීවිතෙන්‍ද්‍රිය, සොමනස්සින්‍ද්‍රිය හෝ උපෙක්‍ෂෙන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධෙන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය, ප්‍රඥෙන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දශ ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.

කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ගැබ හෝනා සහෙතුක වූ සත්ත්‍වයනට ඥානවිප්‍රයුක්ත සත්ත්‍වයනට උපදනා ඇසිල්ලෙහි නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, සොමනස්සින්‍ද්‍රිය හෝ උපෙක්ඛින්‍ද්‍රිය හෝ ය සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.

කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට අනෙකුදු නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ඔපපාතික ප්‍රෙතයනට ඔපපාතික අසුරයනට ඔපපාතික තිරශ්චීනගතයනට නෙරිසත්නට පිරිපුන් ඉඳුරන් ඇතියනට උපදනා ඇසිල්ලෙහි නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. චක්ඛුන්‍ද්‍රිය ය, සොතින්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.

කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ඔපපාතික ප්‍රෙතයනට ඔපපාතික අසුරයනට ඔපපාතික තිරශ්චීනගතයනට නිරිසත්නට ජාත්‍යන්‍ධයනට උපදනා ඇසිල්ලෙහි අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. සොතින්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ අට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.

කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට අනෙකුදු අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ඔපපාතික ප්‍රෙතයන්ට ඔපපාතික අසුරයන්ට ඔපපාතික තිරශ්චීනගතයන්ට නිරිසත්නට ජාතිබධිරයනට උපදනා ඇසිල්ලෙහි අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්ඛුන්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය, කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ අට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.

කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට සප්ත ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ඔපපාතික ප්‍රෙතයනට ඔපපාතික අසුරයනට ඔපපාතික තිරශ්චීනගතයනට නෙරිසත්නට ජාතිබධිරයනට උපදනා ඇසිල්ලෙහි සප්ත ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය, කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ සප්ත ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.

කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට පඤ්ච ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: නපුංසකයනට තබා ගැබහෝනා අහේතුක සත්නට උපදනා ඇසිල්ලෙහි පඤ්චෙන්‍ද්‍රියයෝ පහළ වෙති. කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ පස් ඉඳුරෝ පහළ වෙත්.

කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට සතර ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ගැබහෝනා අහේතුක වූ නපුංසක සත්ත්‍වයනට උපදනා ඇසිල්ලෙහි සතර ඉන්‍ද්‍රිය යෝ පහළ වෙති. කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ සතර ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll